වැරදීමකින් ඉදිවුණ - හලාබ පාලම 🎢🌁🌴 (Halaba Bridge)

අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ හරි අපූරු පාලමක් ගැන ඒ නමින් හලාබ පාලමයී.අපේ පැරැන්ණෝ මේ පාලම පිළිබඳ කියලා තියෙන කතාවකින් මම මේ කතාව පටන් ගන්නම්.

ඒ තමා ‘හලාවතට’ ගෙන ගොස් සවි කිරීමට නියමිතව තිබූ මේ පාලම වැරදීමකින් ‘හලාබ’ ට රැගෙන විත් සවිකළ බවයි.

හැබැයි ඉතින් ඒ කතාවේ වැරැද්දකුත් නෑ මොකද කිසිදු පාරකට සම්බන්ධ නැතිව මේ පාලම විතරක් මෙතන හැදීම පිළිබඳ ඕන කෙනෙක්ට කුතුහලයක් ඇතිවෙන්න පුලුවන්.දෙපැත්තෙන්ම තියෙන්නෙ පොඩි අඩි පාරවල් දෙකක් විතරයි.

මේ පාලම දෙපස කුඩා අතුරු මාර්ග හැරුණු විට ප්‍රධාන පාරක් නම් නැහැ.එසේ ප්‍රධාන මාර්ගයකට සම්බන්ධයක් නොමැතිව මේ පාලම මේ ස්ථානයේ ඉදිකරන ලද්දේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රහේළිකාව මෙහි යන ඔයාලටත් හිතෙයි.

කොහොම වුනත් මේක හරි අපූරු නිර්මාණයක් 1919 අගෝස්තු මාසයේ දී ඒ කියන්නේ ඉංග්‍රීසි පාලන කාලයේ තමයි  හදලා නිම කරලා තියෙන්නේ.

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යා කරමින් ඌව පරණගම ‘හලාබ’ ප්‍රදේශයේ උමා ඔය හරහා ඉදිකර ඇති ‘හලාබ’ පාලම ඉංග්‍රීසි පාලන සමයේ සිදු කළ අපූරු නිර්මාණයකි.

දුම්රිය මාර්ග සඳහා ඉදිකරනු ලබන පාලමක් ලෙසින් මුළුමනින්ම යකඩ යොදා ආරුක්කු සහිතව ඉදිකර ඇති මේ පාලමේ පාදම සඳහා සිල්පර කදන් යොදා ගෙන තියෙනවා.

හැබැයි මේක දුම්රිය පාලමක් නම් නෙමේ.දිගින් අඩි 327 වන මෙය අඩි 124 බැගින් වූ කොටස් තුනකින් තමා නිමකරලා තියෙන්නේ.

මුල් හා අග කොටස් දෙකෙහි පළල අඩි 10 වන අතර මැද කොටසේ පළල අඩි 8 කි.දැනට පාලමේ පාදමට දාල තියන සිල්පර කඳන් දැන් දැන් දිරාපත්වෙමින් පවතිනවා.

ඌවපරණගම තුප්පිටිය ග්‍රාම නිලධාරී වසමේ කෙළවර පිහිටා ඇති මේ පාලමේ එක් කෙළවරක් ඌවපරණගමට අයත් වන අතර අනික් කෙළවර හාලිඇලට තමා අයත් වෙන්නේ.ඉතින් මේ අරුම පාලම බලන්න ඔයාලත් යන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Halaba bridge
The bridge is known as “Halaba bridge” to the natives of this area, built across Uma-oya, connecting the areas of the present Hali-Ela Divisional secretariat and Uva-paranagama  Divisional secretariat. The first 3 kilometers can be moved by a tractor or perhaps by a four wheeled jeep with broad tires. 

But the next kilometers has to be walked on a foot path passing two narrow iron bridges, built over Gallanda-oya and another small stream. The foot path leads up to the bridge through deep slopes and shrubs. This bank of the Uma-oya(river) is Bogoda and the opposite bank of the river which communicate the bridge, leads to Bambarapane, Maspanna, Malagamuwa and some other villages.

The bridge is long 375 feet approximately, consisting three spans of 129 feet, 121 feet respectively, built on two huge stone piers across the river.









උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැරදීමකින් ඉදිවුණ - හලාබ පාලම 🎢🌁🌴 (Halaba Bridge) වැරදීමකින් ඉදිවුණ - හලාබ පාලම  🎢🌁🌴 (Halaba Bridge) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2020 Rating: 5

0 comments:

Post a Comment