චිකන් ක්ලබ් සැන්විච් (Chicken Club Sandwich)

උදේට කන්න දුවලා පුතාලට ක්ලබ් සැන්විච් එකක් ,උදේ කෑම ගැන අපේ කට්ටියට එක එක ප්‍රශ්න තියෙනවා.විශේෂයෙන්ම දරුවන්ගේ උදේ ආහාරයට විශේෂඅවදානයක් යොමු කරන්න ඔනෑ.කොතරම් පෝෂණීය කෑම දුන්නත් දරුවෝ කැමති පන්,බනිස් වහේකෙටිකෑමක් කන්නයි.කඩල ටිකක්,මුං ඇට ටිකක් තම්බලා දුන්න දවසට දරුවෝ බඩගින්නේ කියලා අම්මලා දන්නවා.කෑම පෙට්ටිය ගෙනිච්ච විදිහටම ආපහු ගෙදර අරගෙන ආවම ඒ දුක දැනෙන්නේ අම්මට. මේ ප්‍රශ්නෙට අපි විසදුමක් ගෙනාවා.බටර්,ජෑම් ගාලා පාන් කනවට වැඩිය මේ විදියේ ක්ලබ් සැන්විච් එකක් හැදුවොත් නම් පෝෂණයේ අඩුවක් වෙන්නේ නෑ.ඒ නිසා ඉඳලා හිටලා හරි හදලා දීලා බලන්න. 
අවශ්‍ය ද්‍රව්‍ය:
  • කටු නැති කුකුල් පපු කොටසක්
  • පාන් පෙති4ක්
  • බිත්තර 1
  • වෙඩාර් චීස් පෙත්තක්
  • ලුණු පෙති 2
  • සලාද කොල 2ක්
  • කුකුල් මස් බේකන් පෙති 2ක්
  • තක්කාලි පෙති 2
  • මයෝනිස් සෝස්
  • ගම්බිරිස් කුඩු
  • ලුනු
සාදන ක්‍රමය:
  1. කුකුල් පලුවේ ඉරක් ඇඳ එයට ලුනු, ගම්බිරිස් දමා සීසන් කර දෙපැත්තම ග්‍රීල් කරගන්න.
  2. බේකන් පෙති 02ත් ග්‍රීල් කරගන්න.
  3. බිත්තරය ලුනු,ගම්බිරිස් දමා බැදගන්න.
  4. ඉන්පසුව පාන් ටෝස්ට් කරගන්න.
  5. ටෝස්ට් කරගත් එක් පාන් පෙත්තක් ගෙන එයට මයෝනිස් සෝස් ගා එයට උඩින් තක්කාලි පෙති 2ක් හා ලුනු පෙති 2ක් ඊටත් උඩින් සලාද.කොල දෙකද තබා දෙවැනි පාන් පෙත්තෙන් වසා ගන්න.
  6. දෙවැනි පාන් පෙත්තද මයෝනිස් සෝස් ගා ග්‍රීල් කරගත් මස් අතුරා වෙඩාර් චීස් පෙත්ත තබා තුන්වැනි පාන් පෙත්තෙන් වසා ගන්න.
  7. තුන්වැනි පාන් පෙත්ත මතද මයෝනිස් සෝස් ගා බැදගත් බිත්තරය හා ග්‍රීල් කරගත් බේකන් පෙති තබා හතරවැනි පාන් පෙත්තෙන් වසා ගන්න.
  8. අනතුරුව තමන්ට අවශ්‍ය නම් පාන් පෙතිවල අයින් කොටස් ඉවත් කර මැදින් කපා ගන්න.
  9. ඉන්පසු ටූත් පික් එකක් ගසා අල පෙති හා තක්කාලි සෝස් සමග මේසයට යවන්න. 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චිකන් ක්ලබ් සැන්විච් (Chicken Club Sandwich) චිකන් ක්ලබ් සැන්විච් (Chicken Club Sandwich) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2020 Rating: 5

0 comments:

Post a Comment