චීස් ආප්ප (Cheese hoppers)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කැකුළු හාල් කෝප්ප 2ක්
  • වෙලුනු පොල් ගෙඩියක් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක්
  • සීනි මේස හැඳි 1
  • යිස්ට් තේ හැඳි 1/2
  • චීස් ස්ලයිස් කිහිපයක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
සකස් කරගන්නා ආකාරය:
  1. කැකුළු හාල් කෝප්ප 2ක් ගෙන පැය 4ක් ඇල් වතුරේ පොගවා ගන්න.
  2. වෙලුනු පොල් ගෙඩියෙන් ගා ගත් කිරි කෝප්ප 2න් එකක් දැන් පාවිච්චියට හා අනෙක ආප්ප හදන විට ගන්න වෙන් කරගන්න.
  3. වතුර බේරා ගත් කැකුළු හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා පොල් කිරි ටික ටික දමමිමන් කොටා ගන්න.එයට සීනි,යිස්ට් දමා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  4. මෙය එක රාත්‍රියක් තබා පසුවදා අනෙක් පොල් කිරි කෝප්පය මිශ්‍ර කරන්න.එය මිශ්‍ර කරන විට එකපාර නොදා ටිකෙන් ටික දාන්න.
  5. තමන්ට ඕනේ ප්‍රමාණයට පදම ආවාම කිරි දමන එක නතර කරන්න.ආප්පය තාච්චියට දමා බාගෙට තම්බීගෙන එන විට චීස් ස්ලියිස් එකක් ආප්පය මැදට දමන්න.එයට උඩින් ලුණු ස්වල්පයක් ද දමන්න. 

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චීස් ආප්ප (Cheese hoppers) චීස් ආප්ප (Cheese hoppers) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2020 Rating: 5

0 comments:

Post a Comment