මන් අද ඔයාලට සන්ද්‍යාවේ තේ මේසයට එක් කරගැනීමට හැකි ඉතා පහසුවෙන් සකස් කරගත හැකි රස කෑමක් ගැනයි මේ කියන්න හදන්නේ.මේවා තමයි බෙක්ඩ් පෑන් කේක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බටර් මේස හැඳි 03
- පිටි 150g
- කිරි 150ml
- බීට් කරගත් බිත්තර 02
- සුදු සීනි තේ හැඳි 01
- ලුනු තේ හැඳි 1/4
- ලෙමන් යුෂ 75ml
- පෑන් එකක් ගෙන එයට බටර් දමන්න.
- 220c⁰ උෂ්ණත්වයට උණුසුම් කල අවන් එකේ පෑන් එක බටර් දියවෙන තුරු තබන්න.
- බඳුනක් ගෙන පිටි,කිරි,බිත්තර,සීනි,ලුනු දමා කලවම් කර බටර් දියකරගත් පෑන් එකට එකතු කරගන්න.
- එය නැවත අවන් එකේ තබා දුඹුරු පැහැවන තුරු විනාඩි 20-25 පමණ බේක් කරගන්න.
0 comments:
Post a Comment