පිටසක්වල ජීවීන් ගොඩ බසින - දානිගල 🧟‍♂️🧟🧟‍♀️ (Alien Mountain[Daanigala])

අද අපි කතා කරන්න යන්නේ අපූරු පිහිටීමක් සහිත පර්වතයක් ගැන. ඒ තමා දානිගල.

මේ දානිගල පර්වතය පිහිටා ඇත්තේ කන්දේගම ගම්මානයේ.ඉතාමත් අසීරු කඳු නැගීමේ අද්දැකීමක් ලබා ගැනීමට දානිගල කන්ද නගින්නම ඕනේ.

මාදුරු ඔය මිටියාවතෙන් අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත සුවීශේෂී කන්දක්.

ඔයාලා දන්නවද මේ කදු මුදුන.පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසින් සැළකෙන බැවින් මෙම පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වනවා.

පිටසක්වල යානා පැමිණෙන්නේ යැයි කියන කියමන එකවරම බැහැර කරන්නට බැරි අපූරුම තැනිතලා බිමක් එහි මුදුනත වෙන නිසා වෙන්න ඇති එහෙම කියන්නේ.

කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මෙහිදී අත්භූත භූ විෂමතාවයක් දැකගත හැකි නමුත් මේ පිළිබඳව විධිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ මේ වන තෙක් සිදුකර නොමැති බවයි දැනගන්න ලැබුනේ.

ඒ වගේම මේ වන පෙත මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම දක්නට ලැබෙනවා.

මෙහි වූ සැතපෙන පිළිමයේ සිරස නැත. නිදන් හොරුන්ට එය බිලිව ඇති බවයි කියන්නේ අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ සැදුම්ලත් මෙම ස්ථානය කෙසේ නිර්මාණය වූවක් දැයි තවමත් නොවිසඳුනු අභිරහසකි.

හැබැයි ඉතින් කවුරුත් තවම දානිගලට ආපු පිටසක්වල ජීවියෙක් දැකලා නෑ. අන්න ඕකයි කතාව.

Alien Mountain(Daanigala)
Recently, we were able to climb the Danigala mountain, or Dana Wana Gala rock, which rises to the sky in the Maduru Oya valley. This rock, which dates back to the third century BCE, is still known as an alien species. This rock is also known as the Alien Mountain.

The people of this rock called Kandagama are called Dananagala. The reason is an oral tradition. This is due to the belief in the legends that wealth is the stone of wealth.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිටසක්වල ජීවීන් ගොඩ බසින - දානිගල 🧟‍♂️🧟🧟‍♀️ (Alien Mountain[Daanigala]) පිටසක්වල ජීවීන් ගොඩ බසින - දානිගල 🧟‍♂️🧟🧟‍♀️ (Alien Mountain[Daanigala]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, July 05, 2020 Rating:

0 comments:

Post a Comment