ජීවිතය දිනන්න කැමති කෙනෙකු ගේ ලක්ෂණ 7ක් (7 Characteristics Of Someone Who Wants To Win Life)

ජීවිතය සාර්ථක කර ගැනීමට, ජීවිතය දිනීමට බලාපොරොත්තු වන අයට අත්‍යවශ්‍යම ගුණාංගයක් තමයි ධෛර්යවන්තකම කියන්නේ. ධෛර්ය විසින් කෙනෙකු තමාට ජිවිතයේ කවදාවත් කිරීමට නොහැකි යැයි සිතන දේ පවා කිරීමට ශක්තිය ලබා දෙනවා. ධෛර්ය ඕනෑම කෙනෙකු තුල තිබෙනවා. අවශ්‍ය වෙන්නේ තමා තුළ ඇති ධෛර්ය සොයා ගැනීම පමණයි. ජීවිතයේදී අප ඉදිරියට එන අසුබවාදී දේවල් හා සටන් කිරීමට අපට හමුදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ.

අපට අවශ්‍ය වෙන්නේ අපගේ සිතේ ඇති ධෛර්යය පමණයි. ජීවිතයේ අප මුහුණ දෙන බොහෝ ගැටළු වලට හේතුව අපගේ පසුබානසුළු ස්වභාවය සහ ප්‍රශ්න වලට මුහුණදීමට ඇති බියයි. ජිවිතයේ වැටෙන තැන් වලදී නැගිටීමටත්, ඉදිරියට එන ප්‍රශ්නවලට මුහුණදීමටත් තිබිය යුතු එකම ආයුධය වන්නේ ධෛර්යයයි. ඔබත් ජීවිතය දිනන්නට කැමති කෙනෙක් නම්, ඒ සඳහා අවශ්‍යම වෙන ධෛර්යවන්තකමේ ලක්ෂණ හත ඔබ තුළ තිබෙනවාදැයි බලන්න.යථාර්ථයට මුහුණ දීම.

ධෛර්ය සම්පන්න පුද්ගලයන් ජීවිතය යනු වාසනාවන්ත හා අවාසනාවන්ත සිදුවීම් මාලාවක මිශ්‍රණයක් බව වටහාගෙන ඇති නිසා ඔවුන්ට සෑම විටම තමන්ට අවශ්‍ය දේ නොලැබීම සහ අවශ්‍ය නැති දේ ලැබීම පිළිබඳ කම්පා නොවෙති. ඔවුන් ජීවිතයට පැමිණෙන ගැටළු වලට මුහුණ දෙන අතර ඒවායින් පලා යන්නේ නැත. ඔවුන්ගේ සාර්ථකත්වයට බාධා කළ දේවල් ගැන ඔවුන් කල්පනා කරන අතර කිසි විටෙකත් ඒවා ප්‍රතික්ෂේප නොකරයි. ඒ වෙනුවට ඔවුන් තම සාර්ථකත්වයට බාධා කළ දේවල් හොඳින් වටහාගෙන ඉදිරියට ඒවා මඟහැර දියුණු වන ආකාරය ගැනත් සැලසුම් ගොඩනඟනා නිසයි. යථාර්ථය කෙතරම් දුක්බර වුවත් ඔවුන් කිසි විටෙක ඒ යථාර්ථයෙන් පැන යන්නේ නැහැ.

(01.)බියට මුහුණ දීම. ධෛර්ය සම්පන්න පුද්ගලයන් තමන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ ගැටළු සෘජුවම විසඳා ගන්නේ තත්වයන් නිසි ලෙස තක්සේරු කර ඒ අනුව පියවර ගැනීමෙනි. ඔවුන්ගේ භීතියට මුහුණ දීම තමන්ට ජය ගැනීමට ඇති හොඳම උපාය බව ඔවුන් දන්නා අතර ඔවුන් එය කරන්නේ කාලෝචිත ආකාරයකින් ය. භීතිය අත්විඳීම ඔවුන්ට අසාමාන්‍ය දෙයක් හෝ ලැජ්ජා විය යුතු දෙයක් නොවේ. ඉතා දුෂ්කර අවස්ථාවන්හිදී පවා, ඔවුන්ට බියක් දැනෙන විට, ඔවුන් නිර්භීත වන අතර ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ලොකුම උපක්‍රමය වන්නේ බියෙන් පසුපසට නොයාමයි.

(02.)බලාපොරොත්තු තබා ගැනීම. ධෛර්ය සම්පන්න අය බලාපොරොත්තු සහිතයි. ඔවුන් මොනයම් ආකාරයකින් හෝ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුවනු ඇතැයි විශ්වාසයකින් පසුවනවා. අපේක්ෂා සහගතව ඉවසීමෙන් බලා සිටීමෙන් ඔවුන්ට වාසිදායක ප්‍රතිඵල ලබාගත හැකිය. කුමන බාධාවකදී වුවත් ඔවුන්ව ඉදිරියට ගෙනයන ඔවුන්ගේ ශක්තියේ ප්‍රභවය බලාපොරොත්තුවයි. වඩා හොඳ, දීප්තිමත් හා අර්ථවත් ජීවිතයක් ගත කිරීමට සහ ජීවත් වීමට අපේක්ෂා කිරීම ඔවුන්ගේ ප්‍රබලතම ආශාවකි. පැමිණෙන දහසක් බාධා ඉදිරියේ හෝ අසාර්ථක වීම් ඉදිරියේ ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ බලාපොරොත්තු සුන් කර ගන්නේ නැහැ.

(03.)බාධක ඉදිරියේ නොසැලී සිටීම. ධෛර්ය සම්පන්න අය කිසිම විටෙක අත්හරින්නේ නැහැ. ඔවුන් වැටෙන්නට ඉඩ ඇත, නමුත් ඔවුන් ඕනෑ තරම් වාරයක් නැවත සටන් කිරීමට නැඟී සිටිති. ඔවුන් දිගටම ගමන් කරයි. අරගල තාවකාලික එකක් බව ඔවුන් හොඳින් දනී. ජීවිතයේ කුණාටු පසුකරමින් තම අරගලයන් ජය ගන්නා බව ඔවුහු මනසෙහි හොඳින් ධාරණය කරගෙන සිටිති. ඔවුන් තමන්ගේම ලෝකවලට කොටු වීමෙන් වැළකී ඍණාත්මක චින්තනයකට පැටලීම ප්‍රතික්ෂේප කරති.

(04.)තමන්ගේ ශක්තිය පැමිණිලි කිරීම් වලට වැය නොකරති. ධෛර්ය සම්පන්න පුද්ගලයන් තමාට එන අභියෝග පිළිබඳව ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන නමුත් තමන්ගේ බාධක හා අපහසුතා ගැන පැමිණිලි නොකරයි. පැමිණිලි කිරීම ඔවුන්ගේ අරගල ජය ගැනීමට උපකාරී නොවන බව ඔවුන් හොඳින් දනී. ඔවුන් ඔවුන්ගේ චිත්තවේගයන් පාලනය කර ගන්නා අතර කනස්සල්ලට හෝ ඍණාත්මකභාවයට තමා තුල අනවශ්‍ය ආතතියක් ඇති කිරීමට ඉඩ නොතබන අතර විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඔවුන් බුද්ධිමත්ව තම ශක්තිය හා කාලය භාවිතා කරයි.

(05.)තමාටම අභියෝග කරගැනීම. ධෛර්ය සම්පන්න පුද්ගලයන් තම සුවපහසුව නොතකා, නව දේවල් ඉගෙන ගැනීමටත්, නව අත්දැකීම් අත්හදා බැලීමටත්, ඔවුන්ගේ සීමාවන් පුළුල් කරගැනිමටත් කැමතියි. ඔවුන් දියුණු වන විට, අවට සිටින අයගේ ජීවිත ද වැඩි දියුණු කරයි. තමන්ටම අභියෝග කිරීම තුළින් ඔවුන්ට සැබවින්ම අවශ්‍ය දේ සහ පෞද්ගලිකව සහ වෘත්තීයමය වශයෙන් ළඟා කර ගැනීමට අවශ්‍ය දේ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දෙයි. අන් අයට ඊර්ෂ්‍යා කිරීම හෝ අන් අයට ඇති තමාට නැති දේ ගැන දුක්වෙමින් සිටිනවාට වඩා ඔවුන් තමාටම අභියෝග එල්ල කරමින් තමාගේ ස්වයං දියුණුව සලසා ගනී.


(06.)විවෘත මනසක් තබා ගැනීම. ධෛර්ය සම්පන්න පුද්ගලයන්ට පටු මනසක් නැත. ඒ වෙනුවට ඔවුන් තම දැක්ම පුළුල් කර ගැනීමටත්, නව විසඳුම් සෙවීමේ අවස්ථාවන් දැකීමටත් ඔවුන්ගේ පරිසරය පිළිබඳ අංශක 360 ක දෘෂ්ටියක් ලබා ගැනීමටත් පියවර ගනී. අළුත් දේවල් සහ නව දේවල් කිරීමේ ක්‍රම පිළිගැනීමෙන් ඔවුහු තම මනස විවෘතව තබති. ඔවුන් නිර්මාණාත්මක චින්තකයන් ය. ජීවිතයේ විශාලතම තෘප්තිය ලැබෙන්නේ ඔවුන්ගේ අරගල ජය ගැනීමෙන් බව ඔවුහු වටහා ගනිති.

(07.)සෑම දෙයක් පිළිබඳවම අන්අය සිතනවාට දකිනවාට වඩා විවෘත මනසකින්, වෙනස් කෝණ වලින් විශ්ලේෂණය කර බැලීම ඔවුන්ගේ සිරිතයි. ඕනෑම කෙනෙකු සාර්ථක වීමට කැමතියි. ඉතින් මේ සඳහා අත්‍යවශ්‍යයම සාධකය වන විට ධෛර්ය වැඩි දියුණු කර ගැනීමට ඉහත ලක්ෂණ හතත් වර්ධනය කරගත යුතු වෙනවා. මෙයින් එකක් හෝ කිහිපයක් දැනටමත් ඔබට තිබෙනවානම්, සුබපැතුම්! ඔබ දියුණුවේ මාර්ගයට පිවිසී හමාරයි! ඔබ දැන් උත්සාහ කළයුත්තේ ඉතුරු ගුණාංග වර්ධනය කරගෙන ඔබේ අපේක්ෂාවන් වෙත ලඟා වීමයි.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජීවිතය දිනන්න කැමති කෙනෙකු ගේ ලක්ෂණ 7ක් (7 Characteristics Of Someone Who Wants To Win Life) ජීවිතය දිනන්න කැමති කෙනෙකු ගේ ලක්ෂණ 7ක් (7 Characteristics Of Someone Who Wants To Win Life) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2020 Rating: 5

0 comments:

Post a Comment