Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


තිවංක පිළිමගෙයේ තිබෙන පිටසක්වල සිතුවම

අතීතයේ බොහෝ විශ්වකර්ම නිර්මාණ සඳහා පිටසක්වල ජීවීන් මෙහි පැමිණ උදව් කල බව ප්‍රසිද්ද මතයකි. වසර 14,000කට පමණ පෙර ඩයමන්ඩ් වීල් යොදාගන කපා ඇති බොලිවියාවේ පූමා පුන්කු ප්‍රදේශයේ ඇති ගල් කැටයම් හා පිරමීඩ නිර්මාණය ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණයන්ය. පිරමීඩ තුළ ඇති කැටයම් වලත් වසර දහස් ගනනකට පෙර ගල්ගුහා වල ඇඳ ඇති චිත්‍ර වල ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි.

මේ පිළිබඳව The History රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ “Ancient Aliens” වැඩසටහන් මාලාව මඟින් ලොව පුරා වූ එවැනි සිද්ධීන් අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් කර තිබෙන නමුත් ලංකාවේ අතීතය වසර දහස් ගනනක් එහාට ගියද රාවණා ඉතිහාසය හැර වෙනත් කිසිම දේකට පිටසක්වල සම්බන්ධයක් තිබූ බව සඳහන් වෙන්නේ නැහැ. නමුත් හෙට මව්බිම පුවත්පතේ ලිපියකින් හෙළිකර සිටින්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බවයි.

මේ අතර රාත්‍රී කාලයේ තිවංක පිළිමෙගෙයට ඉහලින් අහසේ අමුතු වස්තුවක් පැමිනෙන බවත් එහි ආලෝකය තිවංක පිළිමගෙයට වැටෙන බවත් සඳහන්ය.මහනුවර යුගයට අයත් දෙගල්දොරුවේ ඇති “මාර පරාජය” බිතුසිතුවමේ බුදුන් වහන්සේගේ මාර පරාජය චිත්‍රයේ මාරයන් සිටින්නේ තුවක්කු අතැතිවය. ඒ සඳහා චිත්‍ර ශිල්පියාට ආභාෂය ලැබී ඇත්තේ ලන්දේසීන් විසින් භාවිතා කළ තුවක්කු නිසාය.මේ ආකාරයටම අතීතයේ පිටසක්වල ජීවීන් අහසින් පැමිණි බැවින් අහසින් පැමිනෙන දෙවියන් හා සමානකර තිවංක පිළිමගේ චිත්‍රශිල්පියා විසින් තමා දුටු දෙය චිත්‍රයට නැඟුවා වන්නට පුළුවන.

පහත තිබෙන්නේ හෙට මව්බිම පුවත්පතේ පලවන ලිපියෙන් උපුටාගත් කොටසකි.“පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැඟිල්ල පොළොන්නරුවේ තිවංක පිළිමගේය. ධර්මරත්න යනු මීට පෙර එහි සිටි මුරකරුවෙකි. ඔහුගේ සීයා හා පියාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. 1968 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුන ඔහු එම පරම්පරාවේ තුන් වන පුරුකය. අදටත් ඔහු පරණවිතාන මහතා කළ සංරක්ෂණ ගැන කතාකරනේ මහා ගෞරවයකිනි.

මුල් අවදියේ දී ඉතාමත් තාත්වික ලෙස අලංකාරව තිබූ සිතුවම් ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගෙන ඇත. සිතුවම් වලින් සිහින් දුමක් වැනි යමක් පළමුව දෘශ්‍යමාන වීම නිසා මේ බව වඩාත් ලංව නිරීක්ෂණය කළ හැකි වී ඇත්තේ ඉන් ඉතා කුඩා කෘමී වර්ගයක් පිට වන බවයි. ඒ පිළිබඳව අදාල නිළධාරීන්ට දැන්වුව ද ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිවක් නොමැති බවයි. නමුත් මේ පිළිබඳව පුද්ගලිකව පරීක්ෂණ පැවැත්වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු මෙය සත්‍ය බව තවුරු කරගෙන ඇත.

ලංකාවේ පවතින විශේෂිතම වූ පිළිම වන්සේලා අතරින් එකක් වන අඩි 23 ක් උස වූ තිවංක ප්‍රතිමාව තැන්පත් කර ඇති තිවංක පිළිමගෙය අඩි 160 ක් දිගකින් හා අඩි 63 ක පළලින් යුතුය. එසේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළ ඇඳුම් ඇඳි එකම මුරකරු සඟවා ගත්තේ ද මෙහි ය.වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේ ය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත් ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත් ය.

1961 වසරේ දී තම පියා එහි සේවය කරන සමයෙහි දී ධර්මරත්න සෝමාවතියේ තිබූ පුරා වස්තු දැක ගත් අතර පසු කලෙක දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෝමාවතියේ තිබූ පුරා වස්තු ගැන දැනගන්නට අවැසි වූ විට දී තමන් දුටු දෙය ධර්මරත්න පවසා ඇත. පසු කළක දී ඒ පිළිබඳව ලිපියක් හමු වූ අතර ධර්මරත්න කී කරුණු ඉන් සනාථ වී ඇත.වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය.

තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ.ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.


තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි.එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.

මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත.ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය.

ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ.”
උපුටා ගැනීමකි..

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට