සිංගල් ට්‍රී හී පිහිටි - සුන්දර පුදබිම ☸️🙏 (Sri Swarnagiri Viveka Senasanaya)

අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්නේ ලංකාවේ උසම තැනක පිහිටි නැතිනම් කදු ගැටියක ඉහළ මුදුනේ පිහිටි ස්ථානයක් ගැන.

ඒ නමින් නුවරඑළිය ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනයයී.නුවරඑළියේ යන ගොඩක් දෙනෙක් මේ තැන ගැන වැඩිය දන්නේ නෑ.

ඔයාලා අහලා තියෙනවා නේද සිංගල් ට්‍රී කදු මුදුන ගැන.ඒ කියන්නේ එක ගහක් විතරක් ලොකුවට වැවුනූ කදු මුදුන ගැන.

ඒ කදු මුදුනේ තමා මේ සිත නිවෙන විවේක සේනාසනය තියෙන්නේ.

වැඩි හරියක් මීදුමෙන් වැහිලා තියෙන මේ පුදබිම මෙහි යන කාටත් අපහු එන්න හිතෙන එකක් නෑ.
ඔයාලා දන්නව ද ලංකාවේ ඉහළම ස්ථානයක ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6600 උසින් ඉදිවෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ භූමියේ ඉදිවෙමින් පවතිනවා.

අභය මුද්‍රාව පිළිබිඹු වන ලෙස තමා මේ ප්‍රතිමාව ඉදිවෙන්නේ.මේ ලිපිය ලියන මම මේ අත්දැකීම දෑසින්ම විදගත්තා.

මොකද අපි තාමත් ඉන්නේ මේ සුන්දර පරිසරයෙ නිසා.මේ ප්‍රතිමා වහන්සේ ඉදිවුණාම මුලු නුවරඑළියටම පෙනන බවයි එහිදි ගිය අපට අසන්න ලැබුනේ.මේ ප්‍රතිමාව අඩි 60 ක් උසට ඉදිවීමට නියමිතයි.

සියම් මහා නිකායේ වනවාස පාර්ශවයේ වතුරුවිල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ සේනාසනයක් තමා මේ ස්ථානය.සසර මග යහපත් කරගෙන නිවන්මග ගමන් කිරීමට උපස්ථම්භක වන ගරු කටයුතු පුණ්‍ය කර්මයකට ඔබටත් දායක වෙන්න පුලුවන්.

ඒ කියන්නේ මේ උස ප්‍රතිමා වහන්සේ නිම කිරීමට ඔබටත් දායක වෙන්න.මෙහි ඉතිහාස තොරතුරු අපි ඉදිරියේදි vedio එකකින් ඔයාලත් එක්ක බෙදා ගන්නම්.නුවරඑළියේ යන ඔබත් මෙහි ගිහින් ඒ අත්දැකීම විදගන්න.
Sri Swarnagiri Viveka Senasanaya
Swarnagiri Maha Viharaya,(Sri Swarnagiri Viveka Senasanaya) Single Tree Temple is a Buddhist Temple in Nuwara Eliya.

Today we are sharing with you about a place in Sri Lanka that is located at the highest point or at the top of a mountain.

Named Nuwara Eliya Sri Swarnagiri Rest House. Most people who visit Nuwara Eliya do not know much about this place.

You have heard about the Single Tree peak, which is a peak where only one tree grows big.

At the top of the hill is this soothing sanctuary.

Mostly shrouded in mystery, this sacred place is never to be missed.
As you are aware, the Sambuddha statue which is being erected at the highest point in Sri Lanka at a height of 6600 feet above sea level is being constructed in this area.

The statue itself is being built to reflect the seal of Abhaya.

Because we are still in this beautiful environment.

This place is a monastery affiliated to the Wathuruwila Forest Hermitage of the Vanamvasa Chapter of the Siam Maha Nikaya.

That means contribute to the completion of this tall statue. We will share the historical information with you in a future video. If you are in Nuwara Eliya, go here and experience it.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිංගල් ට්‍රී හී පිහිටි - සුන්දර පුදබිම ☸️🙏 (Sri Swarnagiri Viveka Senasanaya) සිංගල් ට්‍රී හී පිහිටි - සුන්දර පුදබිම ☸️🙏 (Sri Swarnagiri Viveka Senasanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2020 Rating: 5

0 comments:

Post a Comment