පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri)

අද අපි කතා කරන්නේ යන්නේ විශාල ගිරිකුළුවලින් ගහන පුණ්‍යභූමියක් ගැනයි.ඒ නමින් වෙස්සගිරියයි.

දේවානම්පිය තිස්ස රජුගේ බෑනා කෙනකු වු අරිට්ඨ කුමරු පැවිදි වූ ස්ථානය ලෙස මේ ස්ථානය සැලකෙනවා.

ඒ කියන්නේ ලංකාවේ පළවෙනි රහතන් වහන්සේ වන්නේද අරිට්ඨ මහ රහතන් වහන්සේයි.

උන්වහන්සේ සමඟ පැවිදි වූ වෙළෙඳ කුලයේ රහතන් වහන්සේලා පන්සිය නමක් වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම පුදබිම සාදවා පුජා කළ බව කියවේ.

මේ කතාව මහාවංශයේ සදහන් වෙන්නේ මෙහෙමයි.

"මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වූ අරිට්ඨ කුමරු ඇතුළු පන්සියක් භික්ෂුන් වහන්සේලා එකල මෙහි වාසය කළ බවයි"

මේ භූමියට වෙස්සගිරිය ලෙස නම ලැබීම ගැන පැවත එන ජනප්‍රවාද මෙහෙමයි.

මෙම භූමිය දේවානම්පියතිස්ස රජතුමා විසින් සඟසතු කිරීමට ප්‍රථම වෙස්සමුණි නම් වු යක්ෂ ගෝත්‍රික සෙන්පතියකුට අයිතිව තිබුණ නිසා මෙම ස්ථානයට වෙස්සගිරිය ලෙස නම පට බැඳුණ බව සඳහන් වෙනවා.

මෙම විහාරස්ථානය ලංකාවේ පළවෙනි ලෙන් විහාරය ලෙසද සැලකෙන අතර පුරාණ ඉසුරුමුණිය මෙම ස්ථානයේ තිබූ බව පුරාවිද්‍යා විද්වතුන්ගේ මතයක් පවතී.

වෙස්සගිරිය ලෙන් සංකීර්ණය පිහිටා තිබෙන්නේ ඉසුරුමුණි විහාරයට දකුණු දෙසට වන්නටයි.

අනුරාධපුරයේ යන වැඩි දෙනෙකුට මේ තැන මග හැරෙනවා ඇති.

අපි හැමදාම වන්දනාමාන කරන තැන් වගේම පෞරාණික උරුමයන් දැකගන්න යන්න මේ කතාව කියවන ඔයාලටත් ආස හිතෙයි.

වෙස්සගිරිය අක්කර විස්සක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා. මෙහි පර්වත තුනකින් සෑදුණු ගල්ගුහා විසිහයක් පමණ දක්නට ලැබෙනවා.

මේ වෙස්සගිරියේ පිහිටීම හරි විශේෂයි.

ගල් ගුහාවලට ඉහළින් වැටෙන වැසි ජලය ගුහාව ඇතුළට නොයා පහළ තනා ඇති කටාරම්වලට වැටෙන්නට සැලැස්වීමත්, ඊට අමතරව වැටෙන ජලය ගලා යෑම සඳහා ගලේම කානු සකස් කර තිබීමත් මෙහි වූ විශේෂයක්.

මේ ලෙන් සංකීර්ණය අවට පරිසරයත් හරිම නිස්කලංකයි.ඔයාලත් මෙහි ගිහින් ඒ අපූර්වතම බව විදගන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

Vessagiri
Vessagiri, or Issarasamanarama, is an ancient Buddhist forest monastery that is part of the ruins of Anuradhapura, one of the ancient capitals of Sri Lanka. It is located about half a mile south of Isurumuniya, among boulders. Begun in the reign of King Devanampiya Tissa (mid-3rd century BC), the site was expanded during the reign of King Kasyapa (473 - 491 AD) to become home to about five hundred monks.














පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way

පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way

පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way

පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way

පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way

පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way

පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) පැරණි ලෙන්විහාරයක අතීතය - වෙස්සගිරිය ☸️🍀 (Vessagiri) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2020 Rating: 5

0 comments:

Post a Comment