දරුවෙකුට නොකිය යුතු දේවල් (Things A Child Should Not Say)

“ඔයා මහ නරක ළමයෙක්”දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. සෑම විටම හොඳ, සතුට සහ ධන ආකල්ප පමණක් දරුවන්ට ලබා දෙන්න.

ඇයි ඔයාට බැරි අයියා/මල්ලි/ අක්කා වගේ වෙන්න?අනෙක් අය හා සංසන්දනය කිරීම නිසා කුඩා කල සිට ඉරිසියාව වැනි දේවල් ඇති විය හැක. එසේ ම සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාවන්ට ද එය ගැටලුවක් වෙයි.

ඔයාට බෑ ඒක කරන්න-උත්සාහ කිරීමට සහ අවිනිශ්චිතභාවයට බියක් ඇතිවීම මෙයින් සිදු වේ.

මා එක්ක කතා කරන්න එපාදරුවා යනු කුඩා වැඩිහිටියෙකු නොවෙයි දරුවෙකි.”ඇයි වැඩිහිටියන් මා සමග කතා නොකරන්නෙ”වැනි දේ තේරුම් ගැනීමට තරම් සමාජ දැනුමක් හෝ දරා ගැනීමේ හැකියාවක් දරුවකු ට නැත. ඔහුට හෝ ඇයට ඉන්න ලඟම නෑයා හෝ මිත්‍රයා තමා හා කතා නොකිරීම සමාජය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වෙයි.

ඔයා ගැහැණු ළමයෙක් මෙහෙම කරන්න බෑ.ඔයා පිරිමි ළමයෙක් මෙහෙම කරන්න බෑ.ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ නීති රීති පැනවීම නුසුදුසු ය.කිසිදු භේදයකින් තොරව තමාට කැමති දේ කිරීමට දරුවන්ට ඉඩ දිය යුතුයි.

මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.බොහෝ වැඩිහිටියන් තමා යම් හෙයකි දෙයකින් පීඩාවට පත් වූ අවස්ථාවක මේ වැඩි වචන භාවිතා කරයි. තමාට ඇති වේදනාව නිසා මෙසේ ප්‍රකාශ කළත් දරුවාට දරා ගත නොහැකි මට්ටමකින් දරුවාව ඉවත් කිරීම දරුවන් අසරණ හැඟීමකින් වෙලයි. එසේම පෞරුෂය ද බිඳ වට්ටයි.

ඉන්නකො ” මම තාත්තා ආවම කියන්නම්”මෙවැ දෑ නිසා දීර්ඝ වේලාවක් භය සහ කාංසාව වැනි හැගුම් දරුවාගේ හිත තුල ක්‍රියාත්මක වන බැවින් වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට මෙය නරක බලපෑම් කළ හැක.

කිසිම ළමයෙක් ඔයා වගේ නෑ, ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයිවැඩිහිටියන් පවා සමහර විටෙක පුංචි දරුවන් කරන දේවල් කරයි. පුංචි දරුවකු වයසට වඩා අඩු යමක් කරන විට එය කෑගසා දඬුවම් කිරීමට වරදක් නොවන බවත් එය හුදෙක් මනුෂ්‍ය ස්වභාවයක් වන නිසා එවැනි දෑ දරුවන්ගෙන් සිද්ධවෙන බවත් වටහා ගත යුතුය.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දරුවෙකුට නොකිය යුතු දේවල් (Things A Child Should Not Say) දරුවෙකුට නොකිය යුතු දේවල් (Things A Child Should Not Say) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2020 Rating: 5

0 comments:

Post a Comment