උසම ස්ථානයක පිහිටි දුම්රිය ස්ථානය - පට්ටිපොල 🛤🚂 (Pattipola Railway Station 🚇)

අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි උසම ස්ථානයක් ගැන.ඒ තමා ශ්‍රී ලංකාවේ උසම ස්ථානයක පිහිටා තිබෙන දුම්රිය ස්ථානය වන පට්ටිපොල දුම්රිය ස්ථානය ගැනයි.

මේ පට්ටිපොළ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6204 ක් / මීටර්වලින් නම් මීටර් 1891ක පමණ ඉහළින්.

1858 අගෝස්තු මස 23 වනදා දුම්රිය මාර්ගය තැනීම ආරම්භ කරලා තියෙනවා. ඒ එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි වෝඩ් මහතා තමයි මෙයට මූලිකත්වය දක්වලා තියෙන්නේ.

මෙහි ඉදිකිරීම් කටයුතු භාර දීලා තියෙන්නේ දක්ෂ ඉංජිනේරුවරයෙකු වූ පී.එල්. මොල්ස්වත් මහතාට බව සදහන් වෙනවා.

ඔයාලා දන්නව ද පට්ටිපොල දුම්රිය ස්ථානය හෝටන්තැන්නටද පිවිසුමක් වන නිසා ඒ ප්‍රදේශයට ආවේණික ශාක හා සතුන් පට්ටිපොල අවටද දැකිය හැකියාවක් තියෙනවා.

පට්ටිපොලින් ඔබ දුම්රියෙන් බැස්සොත් හැලි වඳුරෝ නම් ඕන තරම් දකිනවා ඇති.ඊට අමතරව සමනලුන් හා කුරුල්ලන්ද දැකගන්න පුළුවන්.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා බණ්ඩාරවෙල වෙත ගමන්ගන්නා සියලුම දුම්රිය පට්ටිපොල දුම්රිය ස්ථානයේදී අනිවාර්යයෙන්ම නවත්වනවා.

කුඩා දුම්රිය ස්ථානයක් වුවත් මෙහි මගීන්ගෙන් නම් අඩුවක් නැහැ.

Rail Hike යන අපේ තරුණ පිරිස් නම් මේ වැඩේට ආසයි නේද. දුම්රිය මාර්ගයක් දිගේ පයින් ගමන් කිරීම අද ජනප්‍රිය වෙලානේ.

පට්ටි‍පොළ දුම්රිය ස්ථානයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ද පිහිටුවලා තියෙනවා.

අඹේවෙල දුම්රිය ස්ථානය හා ඔහිය අතර තමා මේ පට්ටිපොල පිහිටලා තියෙන්නේ.ප්‍රධාන මාර්ගයේ පිහිටි 62 වන දුම්රිය ස්ථානය මෙයයි.

කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට පිටත්වන බදුල්ල රාත්‍රී දුම්රියෙන් ගමන් ආරම්භ කරන ඔබට අලුයම 4-5 වන විට පට්ටිපොළ වෙත ළඟාවෙන්න පුළුවන්.

සංචාරයේ යෙදෙන ඔබට සුන්දර මතකයන් ගණනාවක් එක්කරන දුම්රිය ස්ථානයක් ලෙස පට්ටි‍පොළ අපිට හදුන්වන්න පුලුවන්.

පට්ටි‍පොළ දේශගුණික තත්ත්වය විටින් විට වෙනස්වන සුලු බව මෙහි නවාතැන් ගත්ත අය නම් දන්නවා ඇති.

උදේට නැගිටින විට ඝන මීදුම මීටර් දෙක තුනක් ඉදිරියෙන් සිටි තැනැත්තා වුව නොපෙනන තරම්ය.ඉතින් ඔබත් මෙහි ගිහින් සුන්දරත්වය විදින්න පරිසරය විනාශ නොකර.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Pattipola Railway Station
Pattipola Railway Station is situated between Ambewela Railway Station and Ohiya Railway Station on the Main railway line. Pattipola railway station is the highest broad-gauge railway station in the world.

Pattipola railway station is the 62nd station on the Main Line, and is 224 km (139 mi) away from Colombo. It is the highest railway station in Sri Lanka with an elevation of 1,897.5 m (6,225 ft) high above mean sea level.[1][2] The station has one platform with a second track as a siding loop. All the trains that run on the Main Line, including the Podi Menike and Udarata Menike express trains stop at the station



 





Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උසම ස්ථානයක පිහිටි දුම්රිය ස්ථානය - පට්ටිපොල 🛤🚂 (Pattipola Railway Station 🚇) උසම ස්ථානයක පිහිටි දුම්රිය ස්ථානය - පට්ටිපොල 🛤🚂 (Pattipola Railway Station 🚇) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2020 Rating: 5

0 comments:

Post a Comment