''ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර හොඳින්ම විඳ ගත්තා - මට ලංකාව දාලා යන්නත් බැරි තරම්'' කොරෝනා නිසා ලංකාවේ සිරවුන සරසවි සිසුවිය දුන් සහතිකය

කොවිඩ් 19 වසංගත තත්වයේ ව්‍යාප්තියත් සමඟ සිය මවුරට වලට යා නොහැකිව ශ්‍රී ලංකාව තුල සිරවී සිටි බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර පිළිබඳ ඉතා ඉහලින් කතාකරේ එය ඇගයීමට ලක්කරමින්. 

ඒ අනුව අධ්‍යාපන කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි නෙදර්ලන්ත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරන 24 හැවිරිදි සින්ඩි හඩ්සි නමැති තරුණියද එලෙස මාස දෙක හමාරකට ආසන්න කාලයක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ සිරව සිටියේ රටතුල පැවති තත්වයත් සමඟයි.

කෙසේ නමුත් සිය අධ්‍යාපනික පර්යේෂණ කටයුතු අවසන්  නැවත නෙදර්ලන්තයට යන්න සූදානමින් ඉන්න ඇය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරයන් පිළිබඳ  පසුගිය කාලය තුළ මුහුණ දුන් අපූරු අත්දැකීම් සමුදායකක් විස්තර කරේ මේ විදියට.

‘‘මගේ අධ්‍යාපන කටයුතුවලට මම ලංකාවට එන්නේ මාර්තු 14 වැනිදා. ශ්‍රී ලාංකික වැදි ජනතාවගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පර් යේෂණයකට මම 15 වැනිදා බදුල්ලට එනවා. ඒ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා හමුවන්න. ඒ මහතා තමයි ලංකාවේ මගේ උපදේශක හැටියට කටයුතු කරන්නේ.

නමුත් ලෝකෙටම බලපාපු කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වුණා. ඇතිවූ තත්ත්වයත් එක්ක මට නැවත නෙදර්ලන්තයට යන්නත් බැරි වුණා. මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ සිරවුණා. මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මොකක්ද කරන්නේ කියලා හිතා ගන්නවත් බැරි වුණා. මොකද මම ගැහැනු ළමයෙක්. මගේ ආරක්ෂාව ගැන මට බය හිතුණා.

හැබැයි මම හිතුවේ නැති විදිහට හැමදෙනාම මට උදව් කළා. ඉන්න හිටින්න විශ්වවිද්‍යාලයේම පහසුකම් ලබාදුන්නා. ඒ විතරක් නෙවෙයි ආරක්ෂාව, කෑම බිම, හැම දෙයක්ම දුන්නා. නිතර නිතර මා ගැන සොයා බැලුවා. ලෝකෙම ප්‍රචලිත ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර හොඳින්ම මම විඳ ගත්තා. ලංකාවේ ජනතාව හරිම හොඳයි.

මම විශ්වවිද්‍යාලයේ හිටපු කාලය තුළදී මෙම කොරෝනා තත්ත්වයට ලංකාව මුහුණ දෙන ආකාරය පිළිබඳව සැලකිල්ලෙනුයි හිටියේ. ඒ අනුව මම ලංකාවට ඇවිත් කරන්න හිටිය පර්යේෂණය වෙනුවට නව පර්යේෂණයක් ආරම්භ කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 අර්බුදය තුළ සමාජ බලපෑම්. මගේ පර්යේෂණයේදී දැකපු දෙයක් තමයි ලංකාව රටක් හැටියට මෙම වසංගත තත්ත්වයට හොඳින් මුහුණ දුන්නා. එය පාලනය කරගන්න වගේම ජනතාවගේ දෛනික කටයුතු පවත්වාගෙන යන්න ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ සඳහා කැපවූ සැමට මම ස්තුති කරනවා.

මේ වනවිට මම මගේ පර්යේෂණයේ අවසන් අදියරට පැමිණ සිටිනවා. මම ළඟදීම නැවත නෙදර්ලන්තයට යන්න සූදානමිනුයි ඉන්නේ. හැබැයි මම නැවත කවදා හෝ ආපහු ලංකාවට එනවා.

විදේශිකයන්ට කියන්න තියෙන්නේ ජීවිතයේ එක් දිනක් හෝ ලංකාවට ඇවිත් යන්න කියලයි. මට ලංකාව දාලා යන්නත් බැරි තරම්. මම හැමදාමත් ලංකාවට ආදරෙයි.’’

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌


View the original article here
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
''ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර හොඳින්ම විඳ ගත්තා - මට ලංකාව දාලා යන්නත් බැරි තරම්'' කොරෝනා නිසා ලංකාවේ සිරවුන සරසවි සිසුවිය දුන් සහතිකය ''ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර හොඳින්ම විඳ ගත්තා - මට ලංකාව දාලා යන්නත් බැරි තරම්'' කොරෝනා නිසා ලංකාවේ සිරවුන සරසවි සිසුවිය දුන් සහතිකය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2020 Rating: 5

0 comments:

Post a Comment