මෆින් (Muffin)

සේවරි මෆින් එහෙමත් නැත්නම් රසම රස කප් කේක් වර්ගයක් ගෙදරදීම හදන්නේ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ.ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවනම් කෑමට හොර චුටි බබාලා,ඕගොල්ලොන්ට පුළුවන් වෙනසකට වගේ මේ කෑම ඒ ගොල්ලන්ට හදල දීලා බලන්න.මේක බැලු බැල්මට කප්  කේක් එකක් වගෙයි.හැබැයි පැණි රහ නෑ.මේක ලුනු රසයි. පොඩ්ඩොනම් ඔන්න ගොඩාක් කැමති වෙයි කන්න. බලන්නකෝ එහෙනම් මේ මෆින් හදාගන්නේ කොහොමද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය:https://www.yourchoiceway.com/
  • පාන් පිටි කෝප්ප 2(300g)
  • චෙඩාර් චීස් කොපප් 3/4(55g)
  • සිහින්ව කපාපු හැම් කෝප්ප 1/2
  • ඇට ඉවත් කර ලා පොඩියට කපාගත්තු මාළු මිරිස් කරල් 1 හෝ බෙල් පේපර් https://www.yourchoiceway.com/
  • සිහින්ව කපා ගත් හතු කෝප්ප 1/4
  • බටර් 150g උණු කරලා.
  • නැවුම් කිරි කෝප්ප 1 (250ml)
  • යන්තමට බීට් කරගත්ත බිත්තර 1https://www.yourchoiceway.com/
  • කුඩාවට කපාගත්ත පාසලි මේස හැඳි 1
සාදාගන්නා ආකාරය: https://www.yourchoiceway.com/
  1. මුලින්ම ඔයාගේ අවන් එක සෙල්සියස් අංශක 180ට රත් කරගන්න.ඔයාගේ අවන් එක ෆැන් ෆොස්ඩ් අවන් එකක් නම් සෙල්සියස් අංශක 160ට රත් කරගන්න.
  2. ඒ වගේම මෆින් ට්‍රේ එකකට මෆින් ලයිනර් දලා ලෑස්ති කරගන්න.
  3. ඉන්පසු ලොකු භාජනයක් අරගෙන පිටි,චීස්මා,මාළු මිරිස් හා හතු දමා ගන්න,ඒ වගේම ජෝග්ගුවක් අරගෙන බිත්තර,කිරි සහ බටර් ටික දාගෙන මිශ්‍ර කරන්න. https://www.yourchoiceway.com/
  4. දැන් තෙත අමුද්‍රව්‍ය ටික වියලි අමුද්‍රව්‍ය ටිකට දාගෙන හොඳින් කලවම් වෙනතුරු මිශ්‍ර කරන්න.
  5. අන්තිමට කලින් සුදානම් කරගත්තු බේකින් ට්‍රේ එකට මේ මිශ්‍රණය වක්කරලා විනාඩි 15-20 ක් පමණ බේක් කරගන්න. https://www.yourchoiceway.com/
දැන්  වැඩ ඔක්කොම ඉවරයිනේ.ඊට පස්සේ ඉතින් මෆින් ටික නිවුනට පස්සේ කන්න තමයි තියෙන්නේ..

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෆින් (Muffin) මෆින් (Muffin) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2020 Rating: 5

0 comments:

Post a Comment