ආදරය නිසා ජීවිතය අහිමි වූ- ලවර්ස්ලීප් දියඇල්ල🌿🍃 (Lovers Leap Ella)

අද අපි කියන්න යන්නේ ආදරයෙන් පරාජය වූ ආදරවන්තයින්ගේ ජීවිතය අහිමි කරගත් දිය ඇල්ලක් ගැනයි.

ඒක හරි දුක්බර කතාවක්.

පිදුරුතලාගල කන්දේ දකුණු බෑවුමෙන් පැන නගින ඔයකින් පෝෂණය වන ලවර්ස්ලීප් දියඇල්ල සොඳුරු ප්‍රේමවන්තයින්ගේ නිබඳ නැවතුම් පොළකි.

උසින් මීටර් 35 ක් පමණ වන මෙම ඇල්ලේ දෙපසින් පර්වත බිත්තිවලින් අවාරණය වී එමැදින් එක එල්ලේ ජලය පහළට කඩා වැටේ. මෙම ඇල්ල හා බැඳී ප්‍රචලිත ජනප්‍රවාදයක් පවති.

ඒ තමා, බ්‍රිතාන්‍ය පාලන සමයේ මේ අවට විසූ ආණ්ඩුකාරවරයෙකුගේ රූමත් දියණියක් ප්‍රදේශයේ වගා හා සශ්‍රීකවත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකදී මඬේ බැස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන කඩවසම් සිංහල තරුණයෙකු කෙරෙහි ආල සිතින් බැදිලා තියෙනවා.

නමුත් පියාගේ තරාතිරම මත ඇයට මෙම තරුණයා කිසි දිනෙක කරකාර බැඳිය නොහැකි වග ඈට සිතුණි.

නමුත් ඇය කාටත් හොරා ඔහු හමුවීමට ආ අතර භාෂාවේ ගැටලු කෙතෙක් මතුවුවද මොවුන් දෙදෙනාගේ ප්‍රේමය දළුලා වැඩිලා තියෙනවා.

සිංහල ගැමි සංස්කෘතිය හා ජන ජීවිතය හා බැඳි සොඳුරු දේ පිළිබඳ දැනගැනීමට ඈ විශාල උනන්දුවක් දැක්වූ කෙනෙක්.ගැමි තරුණයා හැඩි දැඩි ක්‍රියාශීලී ගොවියෙකු වූ අතර ඔහු තම මව හා වැඩි දේශයට ලැදි සිංහලයෙකි.

කෙසේ හෝ මෙම ප්‍රේමය වැඩි දවසක් හොර රහසේ පැවැතෙන්නට ඉඩ නොලැබීමට හේතුවක් වූයේ ගැමි තරුණයාගේ හිත් අමනාපකමින්යුත් මිතුරෙකු මේ ගැන ආණ්ඩුකාරතුමාට සැල කිරීම නිසාලූ.

මේ නිසා ආණ්ඩුකාරවරයා බොහෝ සේ කිපී ඔහු සොයා සිරගත කිරීමට අදිටන් කර ගෙන තියෙනවා.

පසුව භට පිරිස් රැගෙන ගැමියා සිටින ප්‍රදේශය සොයා පැමිණිය ද ඔවුන්ට තරුණයා සොයා ගැනීමට නොහැකි වෙලත් තියෙනවා.

නමුත් ඉන් කිහිප දවසකට පසු එම තරුණිය හොර රහසේ මැදුරෙන් පලාවිත් තරුණයා සිටි ගමට ඇවිල්ලා.

මෙම පුවත අසා ආණ්ඩුකාරවරයා බොහෝ කෝපාවිශ්ඨ වී විශාල භට පිරිසක් රැගෙන ගම් බිම් පීරමින් මොවුන් දෙදෙනා සොයලා තියෙනවා.. එහෙත් ඔවුන් දෙදෙනා පිදුරුතලාගල කඳුවැටිය ආශ්‍රිත වන පියසේ සැඟව සිටි අතර එම ප්‍රදේශය ද භට පිරිස් ආක්‍රමණය කළ බැව් මොවුන් දැනගත්තා.

ඉංග්‍රීසි පාලන පියාගෙන් ගැලවීම සඳහා එක්තරා දීප්තිමත් සඳ බැබලුණු රැයක එකිනෙකා වැළඳගෙන මෙම දිය ඇල්ලෙන් පහළට පැන දිවි නසාගෙන තියෙනවා.

අදටත් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන හඬා වැටෙන සුළඟද මේ ඛේදාන්තය හා බැඳුණු බව කියැවේ.

මෙම ප්‍රදේශයේ එම පෙම් යුවළගේ අවතාරය නිතර ගැවසෙන බවටත් රාත්‍රියක තනිවම කිසිවෙකු මෙම ඇල්ල හා ඒ අවට ප්‍රදේශයට නොයන බවත් කියනවා.

හැබැයි ඉතින් අපි මේ ඇල්ල තරනය කලේත් හවස් යාමේ.අපි නම් හොල්මන් දැක්කේ නෑ හොදේ.

එවන් ප්‍රේම වෘත්තාන්තයකට හිමිකම් කියන ලවර්ස්ලීප් ඇල්ලට නුවරඑළිය නගරය ඉතා ලස්සනට දැකිය හැකිය.ප්‍රේමය ලැබුනේ නෑ කියලා මේවගේ මෝඩ වැඩ නම් කරන්න එපා මොකද ඔබේ නමින් දියඇලි නම් කරන්නේ නෑ.

Lovers leap
Lovers leap is an impressive water fall which is known for its romantic folklore. To reach this place one has to go through the tea factory and reach the tea manager’s bungalow along a dirt road.

Visitors can reach this destination by following the signs that are there and eventually one can reach a rock face and a Shiva shrine. Just beyond the shrine one can see the cascading water fall. Legend has it that lovers have leapt to their deaths from this water fall and hence the name Lovers Leap.


උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආදරය නිසා ජීවිතය අහිමි වූ- ලවර්ස්ලීප් දියඇල්ල🌿🍃 (Lovers Leap Ella) ආදරය නිසා ජීවිතය අහිමි වූ- ලවර්ස්ලීප් දියඇල්ල🌿🍃 (Lovers Leap Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2020 Rating: 5

0 comments:

Post a Comment