ඩෝනට් හදන හැටි (How To Make A Donuts)

මෙන්න ඩෝනට් හදන ලේසිම ක්‍රමය,ඇත්තටම ඩෝනට් කියන්නේ ලොකු පොඩි කවුරුත් කන්න කැමති කෑමක්.හිතුනු ඕන වෙලාවක කන්නත් පුළුවන්නේ. සමහරු හිතන්නේ මේක හරි අමාරු වැඩක් කියලනේ. අද ඔයාලා දැනගනියි මේක කොච්චර ලේසිද කියලා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. 

අවශ්‍ය ද්‍රව්‍ය :
  • සුදු  විනාකිරි මේස හැඳි 02
  • කිරි 90ml 
  • මාගරින් මේස හැඳි 02
  • සුදු සීනි කෝප්ප 1/2
  • බිත්තර 01
  • වැනිලා තේ හැඳි 1/2
  • හලාගත් පාන් පිටි 700g 
  • බේකින් සෝඩා තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/4
  • ගැබුරු තෙලේ බැදගැනීම සදහා තෙල් 
  • අයිසින් සීනි කෝප්ප 1/2  
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම විනාකිරි ටිකයි කිරි ටිකයි හොඳට කවලම් කරලා ටිකක් ඝනකම් වෙන්න පැත්තකින් තියන්න.
  2. ඊට පස්සේ ටිකක් ඉඩකඩ තියෙන බාජනයක, මාගරින් හා සීනි ක්‍රීම් එකක් වෙන තුරු මිශ්‍රකරන්න. දැන් මේ මිශ්‍රණයට බිත්තර හා වැනිලා එකතු කරලා හොඳට කවලම් කරන්න.
  3. දැන් මේ කරීම් මිශ්‍රනයටම පිටි, බේකින් සෝඩා හා ලුණු එකතු කරන්න.මේ එක්කම කිරියි විනාකිරිත් එකතු කරන්න.මාරුවෙන් මාරුවට ජාති දෙකෙන්ම දමමින් කවලම් කරගන්න. අන්තිමට මිශ්‍රණයෙන් ලොකු බෝලයක් හදා ගන්න.
  4. සමතලා මතුපිටක පිටි ටිකක් ඉහලා, පිටි බෝලය ඒ මතින් තබා අගල් 1/3 ඝනකමට තුනී කරගන්න.
  5. ඩෝනට් කටර් එකක් ආධාරයෙන් ඩෝනට් කපාගෙන විනාඩි 10ක් විතර පැත්තකින් තියලා තියන්න.(ඩෝනට් කටර් හැමෝම ලග නැනේ, කොහොමහරි රවුම් කපගන්නයි ඕනේ.ඒ වගේම ඩෝනට් එක මැදින් රවුමක් කපාගන්න)
  6. ඊට පස්සේ තෙල් ටික තාච්චියට දාලා සෙල්සියස් 190ට රත්කරගන්න. (තෙල් ටික මද ගින්නේ විනාඩි 4ක් විතර රත්කර ගන්න.)
  7. දැන් ඩෝනට් ටික රත් වෙච්ච තෙල් එකට දාලා රන්වන් පැහැය එනකන් බැද ගන්න.එක පැත්තක් රන්වන් වූ පසු අනෙක් පැත්ත හරවා බැද ගන්න. සරින් සැරේ පැතිවලට හරවන්න එපා.
  8. ඊට පසු බැදුණු ඩෝනට් ටික තෙලෙන් ඉවත් කර තෙල් බේරෙන්න තියන්න.පේප සර්වියට් තිබේනම් එමගින් තෙල් තෙත්මාත්තු කරගන්න.
  9. දැන් වැඩේ ඉවරයි.ඩෝනට් එකට උඩින් ඔබ කැමති දෙයක් (චොක්ලට් ක්‍රීම්, අයිසින්) අලේප කරගන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඩෝනට් හදන හැටි (How To Make A Donuts) ඩෝනට් හදන හැටි (How To Make A Donuts) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2020 Rating: 5

0 comments:

Post a Comment