දිනපතා ආමන්ඩ් ආහාරයට ගන්න (Eat Almonds Daily)

ඇමරිකානු හෘද රෝග සංගමය පෙන්වා දෙන ආකාරයට දිනපතා ආමන්ඩ් ආහාරයට ගැනීම ඔබව ලෙඩ රෝග රාශියකින් ආරක්ශා කරවීමට සමත් වෙනවා.ආමන්ඩ්, කජු වලට සමාන ආහාරයක් වුවත් කජු වලට වඩා ඉහල පෝශ්‍ය පදාර්ත රාශියක් ආමන්ඩ් වල අන්තර්ගත වෙනවා. මේ වලිපිය හරහා අපි ඔබ වෙත ගෙන එන්නේ දිනපතා ආමන්ඩ් ආහාරයට ගන්නා ඔබට ලැබෙන ප්‍රයෝජන හතරක් පිලිබදවයි.

අංක එක – කුරුලෑ ඇති වීම පාලනය වෙයි.අධිකව කුරුලෑ ඇතිවන පිරිසක් සමග සිදු කරන ලද පර්‍යේශණයකින් පසුව අනාවරණය වූයේ ඔවුන්ගේ සමේ විටමින් ඊ අඩංගුව ඇත්තේ සියයට 9 කටත් වඩා අඩු ප්‍රතිශතයකින් බවයි.විවිධ රටවල් වල සිදු කරනු ලබන සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සදහා ආමන්ඩ් බොහෝ සෙයින් භාවිතා කරනු ලබනවා.ආමන්ඩ් වල ව්ටමින් ඊ අධිකව අඩංගු වන නිසා කෙනෙකුගේ සමේ ඇති කුරුලෑ සුව කිරීම සදහා මෙන්ම සමේ තරුණ භාවය නැවත ඇති කර ගැනීම සදහාත් ආමන්ඩ් එක සේ දායක වෙනවා. ඔබත් කුරුලෑ නිසා පීඩා විදින කෙනෙක් නම් එදිනෙදා ආහාර වේල් සදහා ආමන්ඩ් එකතු කරගන්න අමතක කරන්න එපා.

අංක දෙක – දියවැඩියාව පාලනයට උදව් වෙයි. පර්‍යේශණයකින් තහවුරු වී තිබෙන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සදහා ආමන්ඩ් දායක වන බවයි.එසේම නහර අවහිර කර තිබෙන අහිතකර මේදය ඉවත් කර දමා කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහාත් ආමන්ඩ් එකසේ දායක වෙනවා.ආමන්ඩ් වල අඩංගු ඛනිජ ලවණ මගින් දේහයේ අහිතකර සීනි මට්ටම අවම වන නිසා දියවැඩියා රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙකුට ආමන්ඩ් ගුණ දායක ආහාර්‍යක් වෙනවා.

අංක තුන – දරු ප්‍රසූතියේ අපහසුතා සහ ලප කැලැල් අවම කර ගැනීම සදහා.ශක්තිය වර්ධනය කර ගැනීම සදහා සහ අන්ත්‍ර වල ඇති ආබාධ සුව කර ගැනීම සදහා ඉන්දියාවේ බොහොමයක් දෙනා ආමන්ඩ් ආහාරයට ගැනීම සිදු කරනු ලබනවා.ආමන්ඩ් ආයුර්වේද වෙදකමේ ඉතා වැදගත් ආහාරයක් ලෙස සලකන අතරම දරු ප්‍රසූතිය නිසා ඇති වෙන අපහසුතා සමනය කර ගැනීමටද දායක වෙනවා. සමේ ඇති ලප කැලැල් සහ ස්ට්‍රෙච් මාර්ක් අවම කිරීම සදහාත් ආමන්ඩ් එක සේ දායක වෙනවා.


අංක හතර – දරුවන් බුද්ධිමත් කරවයි. ආමන්ඩ් වලට කෙනෙකුගේ බුද්ධි මට්ටම වැඩි කල හැකි බව පර්‍යේශණ වලින් සනාත කරගෙන තිබෙනවා.ගර්භනී මවක් ග්‍රෑම් 74 ක ආමන්ඩ් ප්‍රමාණයක් සතියක් පුරා ආහාරයට ගැනීමෙන් දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රතිශතය වැඩි වෙන බව සොයාගෙන තිබෙනවා.එක්තරා සමීපක්ෂණයකදී ගර්භනී මව්වරු 2208 දෙනෙක් අලලා ඔවුන්ට දිනපතා ආමන්ඩ් ආහාරයට ලබා දී තිබෙනවා. බිහි වූ දරුවන් වයස 1,5 සහ 8 වැනි වයසේදී පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර ආමන්ඩ් ආහාර්‍යට් ගත් මව්වරුන්ගේ දරුවන් ඉහල බුද්ධි මට්ටමක සිටින බව තහවුරු කරගෙන තිබුනා.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දිනපතා ආමන්ඩ් ආහාරයට ගන්න (Eat Almonds Daily) දිනපතා ආමන්ඩ් ආහාරයට ගන්න (Eat Almonds Daily) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, June 09, 2020 Rating:

0 comments:

Post a Comment