ධනවත් වීමට සාර්ථක ක්‍රම 5ක් (5 Successful Ways To Become Rich)

ජීවීත කාලය පුරාම අපි උත්සාහ කරන්නේ අපි ජීවත් වන ජීවන මට්ටම සුලු ප්‍රමාණයකින් හෝ ඉහළ නංවා ගැනීමටයි. අපි සියලු දෙනාම කැමැත්තෙන් පසුවන්නේ මිල මුදලින් සශ්‍රීක සරු දිවි පෙවෙතක් ගත කිරීමටයි. නමුත් අපි දකින සමාජය තුල කැපී පෙනෙන බේදයක් වන්නේ දුප්පත් සහ පොහොසත් බේදයයි. මේ බේදයට හේතුව කුමක්ද? තම ජීවිත කාලය පුරාම කෙනෙක් තමන්ට අවශ්‍ය සියලුම සැප සම්පත් විදිමින් ජීවත් වීමටත් තවත් කෙනෙක් ඉතා අසරණ අන්දමින් ජීවත් වී තම ජීවිත කාලය නිමා කිරීමටත් බලපාන හේතු බොහොමයක් තිබෙනවා.
සරුසාර පොහොසත් ජීවිතයක් ගත කිරීම සදහා ඔබ ඇති කරගත යුතු සහ එවැනි ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් අනුගමනය කරන අපූරූ පුරුදු සහ ගති ලක්ෂණ පහක් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. ඔයාගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන් මේ අපූරූ පුරුදු සහ ගති ලක්ෂණ අවසානය වෙන තුරුම කියවන්න අමතක කරන්න එපා.

අංක එක – ඔබ සතුව තිබෙන දේවල් ගැන සතුටු වෙන්න.ලෝකයේ ධනවත් වූ බොහෝ දෙනෙක් තම ජීවිත කාලය පුරාම තමා සතු දේ ගැන ඉතා සතුටින් පසු වූවන් වෙනවා. නමුත් දිළීදුව කල් ගත කරන කෙනෙක්ගේ තත්වය මෙයට හාත් පසින්ම වෙනස් වෙනවා. දිළීදු පුද්ගලයෙක් නිතරම තමාගේ නැති බැරිකම් සහ තමාගේ අඩුපාඩු ගැන සිතමින් ලත වෙද්දී ධනවත් පුද්ගලයන් තමාට ලැබුණු කුඩා දේවලට පවා ස්තූති වන්ත වීම පුරුද්දක් කරගෙන තිබෙනවා.

ධනවත් සහ දිළිදු පුද්ගලයන් දෙදෙනෙකුට එක සමාන ආහාර බදුන් දෙකක් ලැබුනේ යැයි සිතන්න. ධනවත් පුද්ගලයා තමාට ආහාර බදුනක් ලැබීම දකින්නේ මහත් වාසනාවක් ලෙසයි. ඒ ආහාර බදුනට සහ ආහාරය ලබා දුන් කෙනාට ස්තූති පූර්වක වී එය ආහාරයට ගැනීම ඔහුගේ සිරිතයි. නමුත් දිළිදු පුද්ගලයෙක් එම ආහාර බදුනේ කුමන හෝ අඩුපාඩුවක් සෙවීමට උත්සහ කරනවා.

ආහාර වල අඩු පාඩුවක් හෝ යම් හේතුවක් නිසා තමාට ලැබුණු දෙය ගැන පවා ඔවුන් පසුවන්නේ කණස්සල්ලෙන්.කෙනෙකුගේ ජීවන තත්වය රදා පවතින්නේ ඔහු හෝ ඇය සිතන පතන සිතුවිලි වල ස්වාභාවය අනුවයි.ඔබ ධනවත් වීමට ආශාවෙන් සිටින කෙනෙක් නම් පලමුවෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ කෙනෙක් නිර්මාණය වන්නේ ඔහු හෝ ඇය සිතන සිතුවිලි වලින් බවයි.එසේම ක්‍රම ක්‍රමයෙන් සිතුවිලි ක්‍රියාවන් බවට පත් වීමත් ක්‍රියාවන් ප්‍රතිපල බවට පත් වීමත් මේ ලෝකයේ සිදුවන සාමාන්‍ය ක්‍රියා දාමයයි.

ඔබ වර්තමානයේ ඉතා දිලිදු පුද්ගලයෙක් වුවත් ඔබ සිතිය යුත්තෙ අනාගතයේ ඔබ කැමති ජීවන රටාව ගත කරන ආකාරය පිලිබදවයි.ඔබගේ අභ්‍යන්තරය සතුටුදායක සහ ධනාත්මක වන විට ක්‍රමයෙන් ඔබ අවට තිබෙන පරිසරය ධනාත්මක වී ඔබගේ සාර්තකත්වය ඔබ වෙත ලගා වීමට පටන් ගනීවී.

අංක දෙක - ප්‍රශ්ණ වෙනුවට අවස්තාවන් දකින්න. ලෝකයේ ධනවත් වූ බොහෝ දෙනෙක් සමාජයේ අවස්තාවන් හදුනාගෙන ඒවාට සරිලන විසදුම ලබා දීමට හැකි වූ අයයි. අන්තර්ජාලය හරහා එකිනෙකා හමු වීමේ සහ නව මිතුරන් හදුනා ගැනීමේ අවශ්‍යතාවය දුටු මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කලේත් අන්තර්ජාලය හරහා වෙලදපලක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දුටු අලි බාබා, ඊ බේ වෙබ් අඩවිය නිර්මාණය කලේත් මේ සංකල්පය අනුගමනය කරමින්. උදාහරණයක් ලෙස උසස් පෙළ විභාගය සදහා සූදානම් වෙන පන්තියක් සලකා බලන්න.

පලමු වර විභාගයට මුහුණ දීමෙන් පසු ඔවුන්ගෙන් බහුතරය අසමත් වී ඇත්නම් ඒ සදහා ලබා දිය හැකි විසදුම් බොහොමයක් තිබෙනවා. මෙහිදී මේ සිදුවීමේ ප්‍රශ්ණය දකින පුද්ගලයා සිදු කරන්නේ දරුවන්ට හෝ දෙමාපියන්ට බැන වදිමින්, තත්වය තවත් සංකිර්ණ කර ගැනීමයි. මෙහි ඇති අවස්තාව දකින ගූරුවරයෙකු අමතර පංතියක් පවත්වා දරුවන්ගෙන් මාසික ගාස්තුවක් ලබාගෙන ඉගැන්වීම පටන් ගන්නට පුලුවන්. මේ නිසා හැකි සෑම විටකම ප්‍රශ්ණය දැකීම වෙනුවට අවස්තාව දැකීමට උත්සාහ කරන්න. ඒ තුලින් ඔබගේ ජීවිතය වුවත් වෙනස් කිරීමට සමත් වෙන අවස්තාවක් උදා කරගන්නට ඔබට හැකි වේවී.

අංක තුන - ඉතිරි කිරීම වෙනුවට ආයෝජනය කරන්න.සාමාන්‍යෙන් මානසික වේතනයක් ලබා ගන්නා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ මුදල් තමා ලග හෝ බැංකුවක දමා ඉතීරි කර ගැනීමටයි.නමුත් ඔබට ධනවත් වීමට අවශ්‍ය නම් ඔබ සිදු කල යුත්තේ මුදල් ඉතිරි කිරීම නොව මුදල් ආයෝජනය කිරීමයි. එසේම තමා ආයෝජනය කල යුත්තේ කෙසේද කුමන අවස්තාවේද යන්නත් ඔබ බොහෝ සැලකිලිමත් විය යුතු වෙනවා.ඉඩ කඩම් මිලදී ගැනීම, රත්‍රං මිලදී ගැනීම මෙන්ම කොටස් වෙලදපල ආයෝජනය කිරීමත් ඉතා හොද ආයෝජන මාර්ග ලෙස සදහන් වෙනවා.

එසේම වොරන් බෆට් පෙන්වා දෙන්නේ තමා සතු සියලුම වත්කම් එකම දෙයක් වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් වලකින ලෙසයි. සියලුම මුදල් එකම ස්තානයක ආයෝජනය කිරීම වෙනුවට විවිදාකාර ස්තාන කිහිපයක ආයෝජයන කිරීම තුලින් ලැබෙන අවධානම අඩු කර ගැනීමට ඔබට පුලුවන් වෙනවා. ආයෝජනය පිලිබද ඔබට අවබෝධයක් නොමැති නම් වඩාත් සුදුසු වන්නේ උපදේශන සේවාවක සහය ලබා ගැනීමයි.

අංක හතර – ධනාත්මක සහ සාර්තක මිනිසුන් ඇසුරට තෝරා ගන්න.ඔබ ඇසුරු කරන මිනිසුන් සහ ඔබගේ සමීපතමයන් යනු ඔබගේ අනාගතයේ පිලිරුවයි.ඔබ නිතරම ඇසුරු කල යුත්තේ සහ කතා බහ කල යුත්තේ තම ජීවීතය සාර්තක කරගත් මිනිසුන් සමගයි. නිතරම ඔවුන් සමග කතා බහ කිරීමෙන් සහ ඔවුන් ඇසුරු කිරීමෙන් ඔබට ඔවුන්ගේ සාර්තකත්වය අභිප්‍රේරණය වීම සිදු වෙනවා.ඔබ යම් හෙයකින් ආශ්‍රය කර්න්නේ අසාර්තක සහ සෘණාත්මක සිතුවිලි වලින් හෙබි මිනිසුන් නම් ඔබ වෙත ආකර්ශනය වෙන්නේ සෘණාත්මක සිතුවිලි සහ සෘණාත්මක ශක්තියයි. මේ නිසා ඔබ දියුණු වීමේ සාර්තක වීමේ ආශාවකින් පෙලෙන උත්සාහවන්ත අයෙක් නම් සෘණාත්මක මනසක් සහ සිතුවිලි සහිත පුද්ගලයන් තමන්ගේ ජීවිතයෙන් ඈත් කර තබන්න.එය සාර්තක මිනිසෙක් වීමේ හතරවන මූල ධර්මයයි.

අංක පහ – මුදල් වලින් ඔබ වැඩ කරවා ගන්න. මුදල් වෙනුවෙන් ඔබ වැඩ කිරීමෙන් වලකින්න. සමාජයේ ජීවත් වන බොහෝ දෙනා පාසල් අද්‍යාපනය ලබා ඉන්පසුව හොද වශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබ ඉහල වැටුපක් සහිත රැකියාවකට හිමි කම් කියනු ලබනවා. ඉන්පසුව තමා විශ්‍රාම යනතුරුම ජීවත් වීම සදහා අවශ්‍ය වැටුපක් ඔවුන් ලබා ගන්නවා.නමුත් ඔබ වැඩ කිරීම නවත්වන දිනයක ඔබට ලැබෙන වැටුප ඔබට අහිමි වී යනවා.

එයින් අදහස් වන්නේ ඔබ කාලය මුදල් බවට හරවා ඇති බවයි. ඔබ වැඩ කරන කාලය වැඩිවන විට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබට හැකි වෙනවා.නමුත් ලෝකය පුරා ජීවත් වන මිලියනපතියන් වූ පිරිස් සිදු කරන්නේ තමන්ගේ මුදල් ආයෝජනය කර ලාභ ඉපයීමයි. එම ලාභය නැවතත් ව්‍යාපාර වල ආයෝජනය කිරීම ඔවුන්ගේ සිරිතයි. ලාභ ලැබිය හැඛි ව්‍යාපාර වල හෝ මිලදී ගැනීම් මගින් එසේ ආයෝජනය කර වෙහෙස මහන්සි නොවී මුදල් ඉපයීම ධනවතුන්ගේ ක්‍රියා පිළීවෙතයි.ඔවුන් මුදල් වෙනුවෙන් වැඩ නොකරන අතරම මුදල් ඔවුන් වෙනුවෙන් වැඩ කිරීම ස්වාභාවයයි. සාර්තක මිනිසෙක් වීම සදහා ඔබ අනුගමනය කල යුතු පස් වන පියවර වන්නේ මෙයයි.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ධනවත් වීමට සාර්ථක ක්‍රම 5ක් (5 Successful Ways To Become Rich) ධනවත් වීමට සාර්ථක ක්‍රම 5ක් (5 Successful Ways To Become Rich) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2020 Rating: 5

0 comments:

Post a Comment