මහ බෝ නහවන්නට අහසට පැන නගින දිය බුබුලේ හාස්කම | Your Choice Way

සොබා දහම පවා බුදුගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කථා තුල පමණක් නොව මෑත කාලයේදී සාක්ෂි දක්වයි. අරණායක නායයාමෙන් පසුව නාය ගිය බිමෙහි ඉතිරි උන එකම ඉදිකිරීම ලෙස අප දුටුවේ ඒ නිර්මල බුදුරුව සහිත පිළිම ගෙයයි. සුනාමි ව්‍යවසනය පැමිණ මහල් ගොඩනැගිලි පවා බිමට පතිත වෙද්දී දුම්රිය පෙට්ටි ගිණි පෙට්ටි ගානට පෙරලී යද්දී බුද්ධ රූප පමණක් ඉතිරි වූ හැටි අපූරුය. මෙවැනි ආශ්චර්යමත් දේ කොයි ආකාරයට සිදුවෙනවාදැයි කියන්නට අපි නොදනිමු. නමුත් දස දහස් ගණනක් වදින පුදන බුද්ධ ප්‍රතිමාවක මහ බල පිහිටී ඇති බවට සැක නැත. පිරිතක් උනත් වැඩි වාර ගණනක් කියන විට ප්‍රතිඵල වැඩිය. යන්ත්‍රයක් බල ගැන්වීමේදී දහස් වර ආදී වශයෙන් මන්ත්‍ර ජප කරන්නේද එබැවිනි.

මේ නිසා ලක්ෂ කෝටි ගණනක් වන්දනා මාන කරන තැනක ආශ්චර්යවත් බලය විවිධාකාරයෙන් පිහිටයි.ඒ සියල්ල අබිබවා බුද්ධ බලය වැඩිදෝ යන්න ඇතැම් විට අපිට සිතේ. බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරද්දී පැමිණි මුචලින්ද නාගයා දරණය ගසා සිටින චිත්‍ර ඔබද දැක ඇත. මුචලින්ද නාගරාජයා බුදුරජාණන් වහන්සේ නොතෙමෙන්නට චත්‍රයක් ලෙස පිහිටි ආකාරය තුල සොබා දහම, සතා සර්පයා පවා බුදුන් වහන්සේ ආරක්ෂා කරන බවට අදහස සමාජ ගත වේ. එසේම දේවදත්ත තෙර ගිජුකුලු පව්වේ සිට බුදුහිමියන් හිසට ගලක් පෙරලි අවස්ථාවේ තවත් ගලක් මතුවී බුදුහිමියන් සොයා ඇදෙන මහා ගල නවතා දැමීය. එදේනම් ඒ බුදුගුණ ආශ්චර්යය. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැනි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇත්තේය. ඒ පිලිබද පැහැදිලි අද්දැකීම අද රටේ නන් දෙස වෙසෙන සැදැහැවත්තු සතු වෙති. ඒ අතරත් අනුරාධපුර සාම විහාරාධිපති මහවිලච්චියේ විමල හිමියන් අපිට පැවසුවේ මෙවැන්නකි.

“ හැම පොසොන් පොයටම ඉහළ ඉඹුල්ගොඩ එක්සත් තරුණ සංගමය අනුරාධපුර සාම විහාරයේ බත් දන්සැලක් පවත්වනවා. මේ සදහා 150ක පමණ දායක පිරිසක් ඉතාම ශ්‍රද්ධාවෙන් වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා”

“ මීට අවුරුදු තුනකට විතර කලින් දන්සැල ඉවර කරලා හවස නාන්න යන්න කට්ටිය කථා උනා.”

“ දන්සැලේ මහන්සිය වගේම දවල්ට තදින් වේලෙන්න පෑවිල්ලක් තිබුන කාලයක්. එහි දූවිලි කුණාටු ගහන්නේ. පාරවල් ගිණියම් වෙලා, ගගහකොල වේලිලා කරවෙලා යන තරම් …”

අනුරාධපුරේ පෑවිල්ලේ තරම උන්වහන්සේ සිහිපත් තරති.

“ එදා දායක පිරිසට නාන්න යන්න ලගම වැවක් විදිහට තෝරගත්තෙ බසවක්කුලම වැව. මම කිව්වා මමත් එනවා, යමු කියලා. ඒ අනුව රෑ පෝවීගෙ එද්දී අපි බසවක්කුලම වැවට ගියා.”

“පොසොන් නිසා රෑ උනත් බොහෝ පිරිසක් වැවේ නාමින් හිටියා. අපි සමග ගිය අයත් වැවේ බැහැලා නානකම් මම ගොඩට වෙලා බලන් හිටියා.”

“ එකවරම වැව මැද්දෙන් මොකක්දෝ වෙනසක් සිදුවෙනවා මම දැක්කා. ඒ සීමාවට බොහෝ මෙහායින් නාන පිරිස් හිටියේ.”

“ රත්තරන් පාට බෝලයක් අහසට නැගෙනවා වගේ පෙනුනා. දිලිසෙන රත්තරන් ගුලියක්. ඒ පිරිවරාගෙක සැලකිය යුතු මට්ටමේ වතුර ගුලි අහසට නැගුනා. මේවා ගණනාවක් රත්තරන් ගුලිය පිටුපසින් අඩි ගාණක් එක දිගට පෙළ ගැහිලා උඩට නැගුනා. ”

“ අඩි තිහක් පමණ උඩට නැගි මේ වතුර ගැලි හා රත්තරන් බෝලය වැව මැදදීම පෙරහැරක් පෙළ ගැසෙනව වගේ ලස්සනට පෙළ ගැසුනා. රත්තරන් බොලය වටකරගෙන විශාල වතුර ගුලි කොටුවක් ආකාරයට පිහිටියා. බැලූ බැල්මට රත්තරන් පාට නෙලුම් මලක් අල්පු ලේස්රෙද්දෙන් කල වියන් වගෙයි. ”

“ මේ වියන හිමින් සැරේ අඩි 30ත පමණ සීමාවෙන් බෝධිය පැත්තට යනවා අපි දැක්කා. එය අඩි 30 ප්‍රමාණයක වගේ සම හතරැස් වියනක්. මේ ආශ්චර්යය බොහෝ දෙනා දකින්න ඇති කියා මම හිතනවා.”

“ අපේ දායක පිරිස නාලා ආපහු යනකොට ජය ශ්‍රී මහා බෝධිය ලගටයි රුවන් වැලි මහා සෑය ලගටයි හොදටම වැහැලා.”යි අන්වහන්සේ පවසති. අනුරාධපුරේ දැඩි ලෑවිල්ල හා කර්කශ සමයට මේ ආශ්චර්යය දැකිය හැකි බව නගරයේ වෙසෙන ඇතැම් ජනයා අපිට කීහ.මහබෝධිය රකින්නට සොබා දහම මල් වැහි වස්සවන හැටි විටෙක පුදුම එලවන සුලුය.අභය වැවෙන් මහ ජල කදක් අහසින් ගොස් මහ සෑ මහ බෝ තෙමා සනහන මේ සිදුවීම බුදු දහමේ ආශ්චර්යමත් භාවයේ බොහෝ දෙනෙක් නොදන්නා නිහඩ කථාවකි.

ඇතැම් විට මෙය වැස්ස වලාහක දෙවියන්ගේ මහ සෑ මහ බෝ පුදන පූජාවක් වන්නටද පුලුවන. කොයිතරම් තද පෑවිල්ලක් උනත් වැස්සවලාහක දෙවියෝ මහ බෝ රකින්නට ඒ ප්‍රදේශයට පමණක් ඇතැම් විට වැසි වට්ටවන බව දේව සභාවක් රකින පින්බිමක බුද්ධියෙන් විමසිය යුතු නාරණයක් හැටියට අපි දකිමු.

අනුරාධපුරේ පොසොන් පූජාව විශාල උත්සව සමයක් නිමැවූ පසුව මහ ජනයා ගැවසීමෙන් මහ‍බෝ මහ සෑ අවට ප්‍රදේශයම කැළි කසලින් පිරී ඇතැම් විට දුගද හමන අපිසිරිදු තත්වයට පත්වේ. මේ උත්සව සමයෙන් පසු පූජා බිම නැවත පිරිසිදු කිරීම සදහා දෙවියෝ පින්බිම මද වැස්සෙන් තෙමන බවට ඇතැම් දෙනා පවසති. මෙවැනි කථා අසත්‍යම ලෙස සැලකීම බුද්ධි ගෝචර නොවන්නක් ලෙසට අපි සලකමු.

මේ වසරේ මුල් භාගයේ පැවති දරුණු නියගය නිසා සියලු ජලාශ වේගයෙන් සිදී ගියේය. ඒ අවස්ථාවේ මහ වැසි ඉල්ලා සියලු ජලාශ වලින් ගත් දිය ගෙනැවිත් මහ බෝ අසල පූජා සිදු කෙරිනි. එදිනම අහස් කුස සිසාරා අනුරාධපුරය ඇතුලු මුලු රටම වැසි දියෙන් තෙමී ගියේය.මාස ගණනක් අහස සිරකරගෙන සිටි වැසි ජලය එදාම මහ බොඵවට ආවේ ඇයි. මෙය මහ බෝ හාස්කමක් නොවේද? මහ බෝ රකින දේව සභාවේ වැස්ස වලාහක දෙවියන් රටේ දුකට පිහිට වීමක් නොවේද?

මහබෝ අසල සිදුකරන යහලත් අතුම් පින්කම් හි ප්‍රතිඵල ඉතා ඉක්මන් බවට මේ හොදම සාක්ෂියකි. අනුරාධපුරයේ ගොවීහු වැසි නැති කල වැසි ඉල්ලා මහ බෝධියට බාරහාර වෙති. වැසි වැටෙද්දී වගා පාලු නොවන්නැයි බාර හාර වෙති. අස්වනු නෙලූ පසු අස්වැන්නේ පලමු භාගය මහ බෝධියට පූජාකර ඊලග කන්නයට දේව ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරති.

සමහර ගොවියෝ කන්නයේ කුඹුරට යොදන වී ස්වල්පයක් මහ බෝ අසලට ගෙනැවිත් එයට ආශිර්වාද ගෙන එම වී කුඹුරට යොදා වී ඉදීම ආරම්භ කරති.මේ සියලු කටයුතු වලට මහ බෝධියේ ආශිර්වාදයත් දේව බැල්මත් නොපිරිහෙලා ලැබෙන බවට රජරට ගොවීන්ගේ විශ්වාසයයි.රටේ සිදුවන යම් යම් ව්‍යවසන මහ‍බෝ සමිදු කලින් කියාපාන බව තවත් සත්‍ය අද්දැකීම් පවතින්නකි.

ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ බෝම්පයකට හසුවීමට දින කිහිපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කලේ දිසානායක මහතාට යම් විපතක් සිදුවීමේ ඉඩකඩ පවතින බවය. එසේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනාධිපතිනිය සමයේ මහබෝ වදින්නට පැමිණියාය. එදිනද මහ බෝ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සමභාගී වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේද ඇසක් ආභාධයට ලක්විය.

මෙවැනි රටේ විපත්ති, රටේ ප්‍රධානීන්ගේ විපත්ති ඉදහිට මහ බෝ අසලදී පෙන්නුම් කරයි. මීට තවත් උදාහරණයක් මාමිණියාවේ ඉලංගසිංහ මහතා මට කීවේය.

එනම් සුනාමි විපත අවස්ථාවේ බෝධිය අභියස රටට විපතක ලකුණු පෙන්නුම් කල ආකාරයයි. රටේ මිනිස් ජීවිත තිස්දාහක් පමණ අමු අමුවේ බිලි වූ, සියලු දේපල අහිමි වූ සුනාමියට පෙර බෝධියට ආරක්ෂාව දෙන බැම්මේ බටහිර පැත්ත ගලවා කැඩී ගියේය. ඒ දුටු විගස දන්නා අය කීවේ රටේ බටහිර පැත්තෙන් මහා වපතක ලකුණු පෙන්නුම් කරන බවයි.ඉන් දින කිහිපයක් ඇවෑමෙන් සුනාමිය දකුණ බටහිර යා කිරමින් විශාල අනතුරක් රටට සිදුකලේය.

ඒ අනුව මහ බෝ අසල පෙන්වන මේ ලකුණු පිලිබද අවධානයෙන් සිටීම රටේ කලදසාව අවබෝධ කරගැනීමට ලකුණක් වන්නේය.මේ දිනවල මහ‍ෙබෝ පතුවල අදුරු පැහැති වෙනසක් බවතින බව අපි පෙර ලිපියක ලීවෙමු.ඒ අදුරුබවින් පෙන්නුම් කලේ ගංවතුර හා නායයාම් පිලිබද විපතද ? නුවණින් විමසා බලන්නට කාලයයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහ බෝ නහවන්නට අහසට පැන නගින දිය බුබුලේ හාස්කම | Your Choice Way මහ බෝ නහවන්නට අහසට පැන නගින දිය බුබුලේ හාස්කම | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2020 Rating: 5

0 comments:

Post a Comment