මහපොළව කම්පා කල ප්‍රේමණිය සමුගැනීම

ඇය භද‍්‍රකාපිලානි විය. මදුරට සාගල නුවර ධනවත් දෙමාපියන් දෛනෙකුගේ ආදරණිය දුවණිය විය. ඇය තරම් රුවැත්තියක් එකල සාගල නුවර නොවීය. මිණි කැට සේ බබලන දිගු නෙත් සගල තරුනයන් වශි කලේය. නීල වර්ණ දිගු කෙස් වැටිය මොණර පිල් කළඹක් ලෙසින් බැබලුනේය. දෙව්ලොවින් බට සුර කුමරියක් සේ ඇය ලස්සන විය. ඇයගේ අත ගන්නට එකල රජවරුන් පවා සිහින දුටුවෙිය. ඒත් භද‍්‍රාගේ සිත ඒ කිසිවෙකුගේ සිත්නො ගත්තේය. ඇයවත් නොදන්නා හේතුවකට වෙන කිසිදු පිරිමියෙකු වෙත ඇයගේ සිත නතර නොවුයේය.
ඇයටත් රහසේ ඇය සසර පුරා පැතු තම ආදරණීය පෙම්වතා ඇය හමුවන තුරු බලා සිටියේය. ඔහු ඇයටත් ඇය ඔහුටත් සසර පුරා පෙම් බැන්දේය. ඔහු නමින් පිප්පලි විය.මගධ රට ඔහු තරම් ලස්සන වෙනත් තරුණයෙකු නොසිටියේය..ඔහු රන් පාටය.. උත්තුංග දේහධාරි විලාසය සක් දෙවිදුන් බදුය…කෙල්ලන් සිහිනෙන් මිමිණු නම පිප්පලි විය…එතරම් ඔහු සුන්දර විය..ඒත් ඔහුගේ සිතද කිසි කෙල්ලකෙුගේ සිත් නොගත්තේය…ඔවුටත් නොදැනී සසර පුරා දෙදෙනෙක් පැතු පැතුමක් අවසන් වරට හමු වන්නට ආසන්න වෙමින් තිබුනි…

පදුමුත්තර සම්බුදු රදුන් අභියස පැතූ පැතුමක් සසරේ නොකැඩි නොබිදි ඔවුන් දෙදනා පසුපස එමින් තිබුනේය…අවසානයේ යොජිත විවාහයකට දෙදෙනාට ඇරයුම් ලැබුනේය…ඒත් ඔවුන් දෙදෙනාම දැන සිටියේ නෑ මෙි හමුවන්නට යන්නේ සසරේ එකට සිටි ආදරණිය යුවල බව…දෙදෙනාම රහසින් දෙදෙනාට ලිපි 2ක් ලියුවෙිය..පිනවත් භද‍්‍රා… මම ආස නෑ ඔයාව අසරණ කරන්න..මම ආස මහණ වෙන්න ඒ නිසා ඔයා වෙන කෙනෙකුට කැමති වෙන්න..

ඇයද එලෙසිනම් ලිපියක් යැව්වෙිය…පින්වත් අයියණ්ඩි… මම ගොඩක් කැමති මහණ වෙන්න ඔයා වෙන තරුණියක් සමග විවාහ වෙන්න…අතර මගදී සේවකයෝ ලිපි 2 ක මාරු කලේය..මම කැමතියි ඔයාව කසාද බදින්න…දෙදෙනාටම බොරු ලිපි 2ක් ලැබුනේය..දැන් කරන්නට දෙයක් නැත..කසාද බැදලා හරි මම කියනවා මම ආස නෑ මෙි විවාහයට..මට මහන වෙන්න යන්න ඔනි කියලා භද‍්‍රා සිතුවාය…

මංගල්‍යයේදි භද‍්‍රාගේ මුව වැසුණු සළුපොට පිප්පලී විවර කලේය…ඒ විරාගි නෙත් සගල භද‍්‍රාගේ හදවත මෙහොතකට නතර කලේය..සසර පුරා එකට සිටි තම පේ‍්‍රමණිය කුමරා දැන් තමන් ලගය.. ඇයගේ හදවත ගැහෙන්නට විය..ඒ නෙත් සගලේ රාගයක් ගෑවිලාවත් තිබුනේ නැත…ඔවුන් දෙදෙනාම දැන සිටයේ නෑ සසර පුරා මෙලෙසින්ම ඔවුන් අතිනත ගත් බව….

එදා රාත‍්‍රිය උදා විය…භද්‍රා.. ඇයි ඔයාට මම එවපු ලියුම ලැබුනේ නැද්ද?? මම ඔබට කිව්වනේ මම මෙි ගිහි ජීවිතයට ආස නෑ කියලා…අනේ අයියණ්ඩිය… මමත් ඔය විදියටම ලිපියක් එව්වා නොවැ..ඔබනේ මට එව්වෙි මාව කසාද බදින්නට කැමති බව කියා….දෙදෙනාටම වැටහෙන්නට විය දෙමාපිය උගුලේ තමන් වැටුනු බව…

නැගණිය…දැන් කරන්නට දෙයක් නැත..අපේ දෙමාපියන් මිය යන තෙක් අපි මෙහෙම ඉමු.. ඊට පස්සේ අපි දෙදෙනාම පැවිදි වෙන්නට යමු…ඉතින් අයියණ්ඩිය… අපි කොහොමද මෙහෙම එකට එන්නේ???පිප්පලි තම සයනය මැදින් සමන් මල්දමක් ඇතිරුවෙිය…නැගණිය අපි මෙි දෙපැත්තේ නිදා ගමු අපි අතරේ කාට හරි රාග සිතක් ආවොතින් මෙි මල් දම පර වෙිවා!!!! දෙදෙනා අදිටන් කලේය….

අහෝ ඒ සිතක බලය..අවුරුදු 12ක් යන තෙක් ඒ මල්දම මැල නොවුනේය..වසර 12ක් එකම සයනයේ සයනය කල රු සපුවෙන් අගතැනපත් යුවලක සිතේ රාගි සිතක් හට නොගත්තේය..ඒ දෙදෙනා අතින්වත් එකිනෙකා ස්පර්ෂ නොකලේය..අවසානයේ දෙමාපියන් මිය ගිය දින මෙි අපූර්ව යුවල ගිහි ගෙයින් මිදි පැවිදි වන්නට පිටත් විය..කසාවත දරා පිටත් වන දෙදෙනාට සමු ගන්නට කාලය පැමිණියේය…

ස්වාමිනී… එහෙනම් අපි සමු ගමු…වසර 12ක් ඔබ මාව රැකබලා ගත්තා..ආශ්වර්යක්මයි ඔබෙි විරාගි සිතනම්..නුඹට මා කෙරෙහි රාග සිතක්අත්වහට ගත්තේ නෑ නොවැ… අවසන් වරට මට නුඹෙි පා වදින්නට අවසරයි..මෙතෙක් මා අතින් යම් වරදක් සිදු වුනා නම් සමවන සේක්වා…භදුා කිම‌ෙක්ද?? මෙි පවසන්නේ..නුඹෙි සිතත් හරි පුදුම නොවැ… වසර 12ක් ගැහැණියකගේ සිතක රාග සිතක් හට නොගැනිම ඒකාන්තයෙන්ම පුදුමයක්මයි…

ස්වාමිණි… එහෙනම් මට යන්න අවසර.. ගැහැණු අපට සුදුසු වම් පැත්ත ඔබ වහන්සේ දකුණු දෙසට වඩින්න..ඔබට ඒ අමා නිවන් සුව මුණ ගැසේවා!!!!එසේ සසර පුරා කල්ප ගණන් දෙදෙනා අත් නොහැර සිටි යුවලක් සසරේ අවසන් වරට වෙන් වි ගියේය..නැවත කිසිදාක හමු නෙවෙන සේ වෙන් වුනේය..කල්ප ගණනක් ආදරයෙන් ලොව සුවපත් කල දෙදෙනා අවසන් වරට වෙන් වන මෙහොතේ මහා පොලොව වැරෙන් කම්පා වි ගියේය..ඒ ධරණි මාතාවද එදා මෙි ආදරය ඉදිරියේ කම්පා වි ගියේය…

මහ පොළොව කම්පා වන්නේ ඇයිදෝයි කියා අප ගෞතම සම්බුදු රජුන් විමසූවෝය….තම සාසනේ ධුතාංගධාරි පුතනුවන් වන කාශ්‍යපයන් සහ භද‍්‍රකාපිලානිය වෙන් වීම දරා ගන්නට නොහැකිව මහා පොලොවද හඩනා බව උන් වහන්සේ දැන ගත්තේය…ඒ සම්බුදු රජුන්ට තමා සොයා එන පින්වන්ත කුමරා වෙන්වෙන් පෙරට වැඩම කොට බුදු රුස් විහිදුවන්නට විය..කල්ප ලක්ෂයකට පෙර කල පැතුමක් අවසානයේ සඵල විය…පිප්පලි කුමරු මහා කාශ්‍යප මහරහත් වහන්සේ විය…භද‍්‍රකාපිලානි මහරහත් තෙරණියක් බවට පත් විය… ඇය ගෞතම සම්බුදු සසුනේ පෙර විසුකද පිලිවෙලින් සහිකරන්නට හැකි භික්ෂූනින් අතරින් අග‍්‍රස්ථානයේ වැඩ සිටියේය…එතැන් පටන් නැවතත් ඒ උත්තමාවියට කස්සපයන් වහන්සෙේ හමු වූ බව සදහනක් නැත…

මෙලෙසින් මහ පොලොව කම්පා කල විරාගි සෙනෙහසක් නිමා විය…වසර 12ක් පුරාවට එකම සයනයේ සයනය කලත් ඒ සිත් රාගයෙන් යටපත් නොවීය..ඒත් අද මෙි සුන්දර පේ‍්‍රම වෘතාන්ත නෙඇසෙන්නේය…වැලයිනටයින් සාමිවරුන් ලංකාවෙි තරුන දු පුතුන්ගේ සිත් වශි කර අවසන්ය….තරුණ දියණියන් තමා සතු සියල්ල ව්‍යාජ ආදරයක් නාමයන් පුදනු ඇත…එහි ප‍්‍රතිපලයෙන් උපන් කිරිකැටි දරුවෝ වැසිකිලි වලවල් වල පෙකෙනිවැලෙන් ගෙල සිර කොට මරා දමනු ඇත..මවුකුස තුලදීම අසරණ දරුවෝ ගබ්සා වනු ඇත…වැලයින්ටයින් සමරන තරුණ කෙල්ලන්ට පිප්පලි කුමරුන් යලි මුණ ගැසේවා…ඒ අසිරිමත් රහතන් වහන්සේගේ සහ මහරහත් තෙරණියගේ ආනුභාවයෙන් සියලු දූවරු සුරැකේවා!!!!

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහපොළව කම්පා කල ප්‍රේමණිය සමුගැනීම මහපොළව කම්පා කල ප්‍රේමණිය සමුගැනීම Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2020 Rating: 5

0 comments:

Post a Comment