පානදුර අවට ගම්වල නම් හැදුන හැටි | Your Choice Way

පානදුරය – පුරාණ වරායක් වූ මෙහි නාවිකයන්ට පෙනෙන පරිදි දොළොස්මහේ දැල්වෙන පහනක් පහන් ටැඹක් පිහිටා තිබූ නිසාවෙන් පාන + දුර පානදුර බවට පත් වී ඇත.

කලක පාණබුන්න රට නමින් මෙම ප්‍රදේශය හදුන්වා ඇත.මෙයට පාදක වි ඇත්තේ පුරාණ පාලකයෙක් විසින් සිදු කළ පහන් පූජාවක් ද්‍රවිඩයන් විසින් කඩා කප්පල් කර ඇත.

නමුත් තවත් ජනප්‍රවාදයක් අනුව මෙලෙස ද්‍රවිඩයන් විසින් බිද ඇත්තේ පහන් ටැඹය.

පොතුපිටිය - විසිතුරු ගොපලු ලියෝ කෙස් කළඹේ මල් ගවසාගෙන පොතුපිටියේ වූ බව ගිරා සංදේශයේ දැක්වේ. පොතුපිටියේ මහා නුගය පාදක කරගෙන රැපියල් තෙන්නකොන් මහතා වවුළුව රචනා කළේය.

තල්පිටිය – රයිගම් සහ කොට්ටේ රාජධානී සමයන් හී රජමාලිගාවට සහ දළදාමාළිගාවට තෙල් සපයා ඇත්තේ මෙම ගම්වරයෙනි. තෙල් පිටිය පසුකාලීනව තල්පිටිය බවට පත්ව ඇත.

මොල්ලිගොඩ – ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මහ අධිකාරම් කෙනෙකු වූ මොල්ලිගොඩ මහ අධිකාරම්තුමා ගේ ඥාති පිරිසක් පදිංචිව සිටි ප්‍රදේශය නිසාවෙන් නම පටබැදී ඇත.

වාද්දූව – වෙදදූව කට වහර අනුව වාද්දූව බවට පත්ව ඇත. වර්තමානයේ පවා එම වෙද පරම්පරාවල ශේෂයන් පවතී. මේ ප්රදදේශය රයිගම් කොරළයේ ‘මුංවත්තේ බාගේ පත්තුවට’ අයත් ප්‍රදේශයකි.

මුංවත්තේ බාගේ පත්තුව – මෙම පත්තුවට තල්පිටිය, මඩවිල්ගොඩ, මහවාද්දූව, කුඩා වාද්දූව,පොහොද්දර මුල්ල, පොතුපිටිය, මැලෑගම, මැස්ටිය, මාවල, මොරොන්තුඩුව දක්වා අයත්වේ.

පට්ටේලිය - ගවයින් ආහාර සදහා ලිහා දමන ප්‍රදේශය මේ නමින් හඳුන්වා ඇත.

තන්තිරිමුල්ල – රයිගම සහ කෝට්ටේ රාජධානී සමයන් හී ප්‍රදේශීයව බදු රැස් කරන නිලධාරී පවුල් කිහිපයක් එම ප්‍රදේශයේ වාසය කළහ. කළු තන්තිරිගේ, ගාර්දීය තන්තිරිගේ එම වාසගම් හිමි තැනත්තන්ය. පුරාණ තන්ත්රශයාණිකයන්ව සිටි නිසාවෙන් එවුන්ට මේ නම් පට බැද ඇතැයි මතයක්ද ඇත.

කුරුප්පුමුල්ල - පෘතුගීසි පාලන සමයන්හී කුරුප්පු නැමැති සෙන්පතියෙකු විසින් පාලනය කළ නිසා කුරුප්පු මුල්ල නම්විය.ගොනාබැදිදූව -රයිගම් බණ්ඩාර රජු කරත්ත වලින් ගමන් කරමින් සිටියදී රාත්රිනය උදාවූ අවස්ථාවේ කරත්තවල ගොනුන් ලිහා ගස්වල බැදි ස්ථානය මේ නමින් හැදින්වේ.

වෑකඩ – සුද්දන් විසින් වැවක් කඩා මහා මාර්ගය තැනූ නිසාවෙන් වෑකඩ විය. වැව අසල පැවති ගම යන අරුතද දේ.

මාල මුල්ල – මාල නිර්මාණයෙහි විශේෂ දක්ෂතා තිබූ පිරිසක් විසූ හෙයින් මේ ගමට මාල මුල්ල යන නම ලැබුණි. පළමුව රයිගම අලකේශ්වර පවුලටත්, දෙවනුව රයිගම් බණ්ඩාරයින්ටත් සේවය කර ඇත.

මාලමුල්ල - මාල මුල්ලේ වෙසෙන බොහෝ දෙනාගේ පෙළපත් නාමයන්ට මාල යන්න පට බැදී ඇත. මළලගේ, මළලනායක, මළලසේකර ඒ අතරින් කිහිපයකි. මේ නිසාවෙන් මාලමුල්ල හදුන්වා ඇති යැයි මතයක්ද ඇත.

දිග්ගල - දෙමළ සොළී අක්‍රමණ හේතුවෙන් මායා රටට පැන ආ ජනයා පානදුර ආශ්රියතවද පදිංචි විය. දිග්ගල මිටියාවතේ මේ ජනයා බලකොටුවක් සහ රජමාලිගාවක් තනා ඇත. ඓතිහාසික සාක්ෂිද ලැබී ඇත. ජනප්‍රවාද අනුව මහ පැරකුම්බා යුගයට දිව යයි.

මිරියවත්ත – සොළී පාලන සමයේදී මෙහි මහා ලෑන කීර්ති නම් සෙනවියාගේ බලකොටුවක් සහ රජ මැදුරක් පැවත ඇත. ඒ බිහිසුණු සමයේ ජීවිතය පරදුවට තබා සටන් වැදි මහ සෙනවියෙකි. මේ මහාලෑන කීර්ති, රාජාවලියේ මහලේ නමින් හදුන්වා ඇත. මෙතුමා සොළී බලය මැඩලා උතුරු කළුතර දී කිරුළු පැළැන්දේය.

මහකිත්ගම – මහාලෑන කීර්ති උපන් භූමිය මේ ප්‍රදේශය යැයි ජනප්‍රවාදයේ එයි. මේ නිසාවෙන් පසුකාලයේදී ඇති කරන ලද ආදර්ශ ගම්මානයට මහකිත් ගම යැයි නම තබා ඇත.

උයන් කැලේ – දෙවන පරාක්‍රමබාහු රජ දවස දේව පතිරාජ නම් ඇමතියා පානදුර තොටමුණ ගොඩ නන්වා පොල් උයනක්ද කළ බව සැලයි. මේ පොල් උයන නිර්මාණය කළේ වර්තමාන උයන් කැළේ ප්‍රදේශයේය. පසුකාලීනව කැලෑවට යෑම නිසා උයන් කැලේ නාමය පට බැදී ඇත.

නල්ලුරුව – හයවන පරාක්‍රමබාහු රජ දවස එම රජුගේ දියණිය වූ ලෝකනාථා නොහොත් උලකුඩය දේවිය විවාහ වූයේ අමාත්යප නල්ලූර්තුනෛයාර් සමගය. නාමාවලියේ අනුග්‍රාහකයා ඔහුය. ඔහු මෙන්ම දෙවන නල්ලූර්තුනෛයාර් නොහොත් මානික්තුනිලාතූර් ඇමතියාද වාසය කළේ මේ ග්‍රාමයේය. ඔහු මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රැසක් ඉටු කර ඇත. මේ නිසාවෙන් නල්ලුරුව යන නාමය පටබැදි බව එක් මතයකි. තවත් මතයක් නම් දෙමළ බසින් යහපත් ගම යන අරරුත දෙන නල්ල +ඌර් සංධිවීමෙන් සෑදුනු බවයි.පට්ටිය- කිරි නිෂ්පාදනය කළ කිරි ගොවීන්ගේ ගොවිපළවල් රැසක් පැවතීම නිසාවෙන් එම ගමට ඒ නම පට බැදී ඇත.

දළදා වත්ත – පරංගින්ගේම කොල්ලකාර  ප්‍රතිපත්ති හේතු කොටත්, දොන් ජුවන් ධර්මපාල රජ කිතු දහම වැළද ගැනීම හේතුකොටත් දළදා වහන්සේව ආරක්ෂිත තැනකට ගෙනයෑමට සිදුවිය. මේසේ රැගෙන යන අතරතුර නවාතැන් ගෙන වතාවත් සිදුකළ එක් ස්ථානයකි දළදාවත්ත පංසල පිහිටි ස්ථානය. ඒ නිසාවෙන් මේ නම පටබැදී ඇත.

බෙක්කේගම - බෙක්කම් නම් ගස් වර්ගයකින් වටවූ කුඹුරු යායක් පැවති බැවින් මෙම ග්‍රාමයට මේ නම ලැබී ඇත.

පුංචි දෙනිය – භූගෝලීය පිහිටීම අනුව කුඩා දෙනියක් පැවතීම නිසා මේ නම පටබැදී ඇත.

අම්බලන්දූව – පුරාණ අම්බලමක් පැවති බැවින් මේ නම ලැබී ඇත.

හේනේ වත්ත – පුරාණ හේනක් පැවති බැවින් මේ නමින් හැදින්වේ.

නාරංපිටිය – නාරංගස් බහුලව පැවති ස්ථානයක් වීම.

ගල්පොත්ත – විශාල ගල්තලාවක් පැවතීම.

මැද හේන - කැළෑවකින් වටවූ හේනක් පැවති නිසා. 

බටේලංද - බටගස් වලින් පිරුණු කළෑ පෙදෙස.

පල්ලිය මංකඩ - ක්‍රිස්තියානි පල්ලියක් පැවති මංකඩ.

ගොරකාන - ගොරකා ගස් බහුලව තිබීම.

සුදුවැල්ල - සුදු වැලි බහුලව පැවති පෙදෙස.

කොවිල ගොඩැල්ල - පැරණි පත්තිනි දෙවාලක් පැවති කඳු ගැටය.

වලාන - වල් + ආන කටුරොද වලින් පිරුණු කැලෑ පෙදෙස.

පල්ලිය මුල්ල - කතෝලික පල්ලියක් පැවති පෙදෙස.

උඩහා මුල්ල - සෙ‍සු ගම් වලට ඉහළන් පැවති ගමට මේ නම යෙදින.

පිංවත්ත - මාලිම්ටියා වත්ත නම් කෙත් බිමක්විය. මේ කෙත්බිම මැද පංසලක් තැනුනු නිසාවෙන් මේ ප්‍රදේශය පිං වත්ත බවට පත්විය. (පුණ්ය් ශේත්රමය)

වේර වත්ත - වෙහෙරක් පැවති වත්ත වෙහෙර වත්ත වී කට වහර අනුව වේර වත්ත බවට පත්ව ඇත.

තොට වත්ත - තොටක් පැවති නිසාවෙන් මේ නම පටබැදී ඇත.

හිරණ – පුරාණ යක්ෂ ගෝත්රනක නායකයෙක්වූ හිරණ්යුක නැමැත්තෙකු මාළාගාවක් තනා විසූ බව කියයි. හිරණයක යන නමය තුළ රං පුහුල යන අරුතද පවතින බව පැරැණ්නෝ කියති.

ගල්තුඩේ - පාෂාණමය තුඩුවක් පැවතීම.

ඇටඹගොඩ – ඇටඹ ගස් බහුලව තිබීම.

කිරිබේරිය - කිරිබහුල සරුසාර රබර් ශාක බහුලව තිබූ වත්තක් පැවතීම.

කඩවීදිය – කඩවීදිවලින් සපිරි වීදියක් පැවතීම. 

දිබ්බැද්ද - දිගු බැද්දක් පැවතීම.

ඉදිගහ ‍තොටුපොළ – තොටුපොළ ආශිතව ඉදි ගස් තිබීම.

මැලෑගම - මලයා විසින් දුන් ගම ( සොහොයුරෙක් විසින් තම වැඩිමහල් සොහොයුරාට තිළින කළ නීන්ද ගම).

පරන්ත – ඉහත රවිදේව සෙන්පතියාගේ මාලිගාවක් මෙම ග්‍රාමයේ පැවතුනි යැයි සැලකේ. කන්දේ විහාරය අසල මෙහි නටබුන් ඇතැයි සැලකේ.

රවිදෙව්ගම(ආදර්ශ ගම්මානය) - පළමු මහා විජයබාහු රජතුමන්ගේ සෙන්පතියෙක් වූ රවිදේව සෙන්පතියාගේ නිජබිම ලෙස සැලකෙන්නේ උතුරු පානදුරය යැයි සැළකේ. ගොරකාන පුරන පංසල පැවතින ස්ථානයේ ඇති පුරාන ගොඩනැගිල්ල එතුමාගේ මාළිගය ලෙසින්ද මතයක් ඇත. එතුමාට ගෞරව පිණිස පසුකාලීනව තැනූ මෙම ආදර්ෂ ගම්මානයට මේ නම තබා ඇත. 

මෝදරවිල - මෝදර වෙල්යාය නිතරම ජලයෙන් වටවීම නිසා මේ ප්ර්දේශයට නම ලැබී ඇත.

එළුවිල – එළුවන් බහුලව ඇතිකිරීම නිසා.


View my Flipboard Magazine.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පානදුර අවට ගම්වල නම් හැදුන හැටි | Your Choice Way පානදුර අවට ගම්වල නම් හැදුන හැටි | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2020 Rating: 5

0 comments:

Post a Comment