ගෙදර දී එළවලු රොටි හදමු [We Make Vegetable Roti(Elavalu Roti) At Home]

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි කෝප්ප 2ක්
  • ලුණු පදමට
  • තෙල් මේස හැදි 5ක්
  • වතුර කෝප්ප 1
  • තම්බාගත් අල 200g
  • ලීක්ස් 50g
  • කැරට් 100g
  • ගම්මිරිස් තේ හැදි 1ක්
  • කහකුඩු තේ හැදි 1/4ක්
  • මිරිස් කුඩු තේ හැදි 1ක්
  • තුනපහ තේ හැදි 1ක්
  • ළූණූ ගෙඩි 1ක්
  • සුදු ළූණූ තේ හැදි 1ක්
  • ඉගුරු තේ හැදි 1ක්
  • අමු මිරිස් කරල් 4ක්
  • අබ ඇට තේ හැදි 1/2ක්
  • කරපිංචා ඉත්තක්
  • රම්පේ කොල 1/2ක්

සාදන ආකාරය:
  • මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. මිශ්‍රරණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය කුඩාවට ගුලි කරගන්න. දැන් එම ගුලි වල හොදින් තෙල් තවරා තැටියක තබා ආවරනය කර පැය 2ක් පමන තබන්න.
  • ඒ අතර පිරවුමට අවශයය මිශ්‍රණය සකසා ගනිමු. තෙල් ස්වල්පයක් රත්කර එයට අබ ඇට දමා පුපුරන විට ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා, රම්පෙ, අමුමිරිස් එක්කර රන්වන් පැහැ වන විට තුනපහ, කහ, මිරිස්, ගම්මිරිස්, ලුණු එක්කරගන්න. මද වෙලාවකින් කැරට් එකතුකරන්න. පසුව ලීක්ස් දමා සුළු වේලාවක් තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. හොදින් මිශ්‍රකරන්න.
  • පැය 2ක් තබාගත් පිටි ගුලි තුනියට දිග හැරගන්න. පසුව එලවළු මිශ්‍රණය අවශයය පරිදි දමා ත්‍රීකෝණාකාරයට නවා ගන්න. අපහසු නම් හතරැස් ආකරයටද පුලුවන්.ඉන්පසු රොටි තැටියක් රත්කර තෙල් ස්වල්පයක් එහි තවරා රොටී හොදින් පිසගන්න.
මෙම ආකාරයට එළවලු රොටි සාදා මුහුනු පොතෙහි සිටින Sewwa Sewwa සොහොයුරිය විසින් අපට පින්තූර ලබාදුණි.ඇයට අපගේ ස්තුතිය මේ මොහොතේ ලබා දෙනවා.
 





👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගෙදර දී එළවලු රොටි හදමු [We Make Vegetable Roti(Elavalu Roti) At Home] ගෙදර දී එළවලු රොටි හදමු [We Make Vegetable Roti(Elavalu Roti) At Home] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2020 Rating: 5

0 comments:

Post a Comment