කමුද රසම රස චීස් ක්‍රැකර්ස් (Very Good Tasting Cheese Cookies) - Your Choice Way

මේව්වා ගෙදරම හදලා කනකොට එන රස නම් කියලා ඉවර කරන්න බෑ.කඩේ ඒව්වා වගේද කියලා කාලම බලන්නකෝ එහෙනම්👌👩‍🍳

අවශ්‍ය ද්‍රව්‍ය:
🧀 පාන් පිටි 100g
🧀 බටර් 100g
🧀 චීස් 100g
🧀 බිත්තර කහ මද 01

සාදා ගන්නා ආකාරය:
👉 සේරම ද්‍රව්‍ය ටික එකට එකතු කරලා බ්ලෙන්ඩර් එකකට දාලා ක්‍රැකර් ඩෝ එකක් හදා ගන්න ඕනා(හෑන්ඩ් මික්සර් එකක් පාවිච්චි කරලත් කරන්න පුලුවන්) ඩෝ එකක් වගේ සෙට් වෙන්න තරම් තෙත ගතිය මදි නම් අයිස් වතුර තේ හැන්දක් බැගින් දාලා මිශ්‍රණය හදා ගන්න. මෙතනදි මතක තියා ගන්න ඕනා අපි ගන්න බටර්, චීස් සහ බිත්තර හොඳටම සීතල ඒවා වෙන්න ඕනා. ඒ කියන්නේ ෆ්‍රිජ් එකෙන් එලියට ගත්ත ගමන් වඩේ පටන් ගන්න ඕනා

👉 ක්‍රැකර් මිශ්‍රණයෙන් ටිකක් අතට අරං බැලුවම ගුලියක් හදා ගන්න පුලුවන් නම් ක්‍රැකර් ඩෝ එකේ පදම හරි
👉දැන් එක ගුලියක් වගේ හදා ගත්තු ඩෝ එක ඒ පැත්ත මේ පැත්ත පෙරලලා ටිකක් නීඩ් කරන්න(විනාඩි 2ක් වගේ)
👉 නීඩ් කර ගත්තු ඩෝ එක ක්ලින්ග් රැප් එකකින් හරි ලන්ච් ශීට් එකකින් හරි ඔතලා විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියන්න(ෆ්‍රීසර් එකේ නෙවෙයි)

👉 විනාඩි 30කින් එලියට ගත්තු ඩෝ එක පාන් පිටි තවරපු බෝර්ඩ් එකක් උඩ දාලා තුනී කරලා කැමති හැඩ වලට කපා ගන්න. හැඩ කපනකොට කෑල්ලක උස 1/2 cm වගේ ගන්න. හුගාක් මහත් කර ගන්න එපා




👉 හැඩ කපා ගත්තු චීස් ක්‍රැකර්ස් ටික ඔයිල් පේපර් එකක් දාපු බේකින් ට්‍රේ එක උඩ තියා ගන්න
👉 දැන් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු අවන් එකක අංශක 180ට විනාඩි 10ත් 15ත් අතර කාලයක් බේක් කර ගන්න. කල්පනාවෙන් ඉන්න හොදේ. ඔයාලගේ අවන් එක අනුව බේකින් ටයිම් එක වෙනස් වෙන්න පුලුවන්

👉 බේක් වෙලා ඉවර උන ගමන් අවන් එකෙන් එලියට ගත්තු ක්‍රැකර්ස් ටික බේකින් ට්‍රේ එකෙන් අයින් කරන්න. නැත්නම් ට්‍රේ එකේ රස්නෙට ක්‍රැකර්ස් ටික කර වෙන්න පුලුවන්. මේ වෙලාවේ කැමති නම් ලුනු කුඩු ටිකක් උඩින් ඉහලා ගන්න. එතකොට හුගාක් රසා......යි👌😍👩‍🍳

සැලකිය යුතුයි:
  • මං මේකට පාවිච්චි කලේ චූටියට කපා ගත්තු චෙඩාර් චීස් ස්ලයිස් 3ක් විතරයි. ඔයාලා කැමති චීස් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්(මොසරැල්ලා චීස් නම් බෑ).
  • චීස් දාන ප්‍රමාණය තීරණ කරන්න ඕනා ඔයාලා. චීස් වැඩි වෙන තරමට තවත් රසයි.
  • බටර් ලුනු රහිත ඒවා පාවිච්චි කරනවා නම් හොඳයි චීස් වලත් ලුනු තියෙන නිසා. මන් නම් ලුනු රසට කැමති නිසා ලුනු සහිත බටර් තමයි පාවිච්චි කලේ.
මෙය Thili D'Silva සතු ලිපියක් බැවින් උපුටා ගන්නේ නම් ඇයගේ අවසරය මත සිදුවිය යුතුයි.

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කමුද රසම රස චීස් ක්‍රැකර්ස් (Very Good Tasting Cheese Cookies) - Your Choice Way කමුද රසම රස චීස් ක්‍රැකර්ස් (Very Good Tasting Cheese Cookies) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2020 Rating: 5

0 comments:

Post a Comment