ගෙදර දීම සාදාගත හැකි පීසා වර්ග හයක් (Six Types Of Homemade Pizzas) - Your Choice Way

මුලින්ම පහත දැක්වෙන ටික කරගෙන ඉන්න ඕනේ,

පීසා ඩෝ එක (Pizza dough)
අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන්‌ පිටි 500g
  • සීස්ට්‌ තේ හැදී 4
  • සීනි තේ හැදී 4
  • ලුණු තේ හැදී 3/4
  • මද රස්නෙ වතුර 275-300 ml (බබෙක්ට දෙන කිරි තරම්‌ රස්නෙන්‌ නමයි වතුර අවශ්‍ය)
  • ඔලිව්‌ තෙල්‌ මේස හැදී 3
සාදන ආකාරය:
1. යීස්ට්‌ වලට යීනි එකතු කරල ඒකටම මද රස්නෙ වකුර 275ml වලින්‌ ටිකක්‌ දාල විනාඩි 10ක්‌ චිතර තියන්න.

2. පිටි වලට ලුණු එකතු කරන් කන්දක්‌ වගේ එකතු කරල මැද වලක්‌ හදාගන්න. ඒකට ඔලිව්‌ තෙල්‌ ටිකයි, පෙන්න තියපු යීස්ට්‌ ටිකයි දාගෙන ඉතිරි වතුර ටිකන්‌ එකතු කරල විනාඩි 10 ක්‌ විතර හොඳට අනාගන්න. සොෆ්ට්‌ ඞෝ එකක්‌ එනකම්‌. වතුර මදි උනොත්‌ විතරක්‌ නව 25ml එකතු කරගන්න.

3. හොඳින්‌ තෙත මිරිකපු රෙද්දකින්‌ වහල පැය දෙකක්‌ අඳුරු උණුසුම්‌ තැනක තියන්න. මේ ඞෝ එකෙන්‌ පීසා දෙකක්‌ හඳන්න පුළුවන්‌. තින්‌ ක්‍රස්ට් නම්‌ තුනක්‌ පුළුවන්‌. ඬෝ එක ලෑස්තියි.
පීසා සෝස් (Pizza Sauce)
එක එක්කෙනා එක එක විදිහට හදනවා.කඩෙන් වෙනම ගන්නත් පුළුවන්,නැත්නම් තක්කාලි සෝස් හරි මේ වෙනුවට ගන්නත් පුළුවන්.පහසුවෙන්ම පීසා සෝස් එකක් හදා ගන්න හැටියි මේ.

අවශ්‍ය ද්‍රවය:
  • ටොමැටො පේස්ට් කප් 01 (මෙශරින් කප්)
  • වතුර කප් 1 1/2
  • ඔලිව් තෙල් කප් 1/3
  • හොදින් තලාගත් සුදුළුණු බික් දෙක තුනක්
  • රස අනුව ලුණු ගම්මිරිස්වියලි ඔරිගනෝ කුඩු මේස හැදි 1/2
සාදන අකාරය:
සියල්ලම හොදින් මිශ්‍ර කරහන්න.මෙය පිසීමට අවශ්‍ය නැහැ.මේ විදිහටම පීසා එක මත තවරන්න පුළුවන්.

දැන් බලමු පීසා වර්ග හය,
01. පීසා ටොපින්ග්ස්‌ (Pizza Toppings)
ඕනම ස්පයිසි විදියකට හදාගන්න පීසා ටොපින්‌ එකක්‌ පීසා එක මන අතුර ගන්න කලින්‌ පීසා සෝස්‌ එක තවරල ඊට උඩින්‌ මොසරැල්ලා චීස්‌ දාල ඊට උඩින්‌ පීසා ටොපින්‌ එක දාලා නැවත මොසරැල්ලා චීස්‌ ලේයර්‌ එකක්‌ දාගත්තමයි රසවන්ම.
02. බ්‍රේක්ෆස්ට් පීසා (Breakfast Pizza)
පීසා සෝස්‌ දාල මොසරැල්ලා දාල හදාගන්න පීසා මාගරිටා එකට බැදගන්න බේකන්‌ කෑලි ටිකක්‌ තැනින් තැන දාගෙන ඒකට උඩින්‌ තක්කලි කෑලි ටිකකුත් කපා ගන්න ළුණුත් ඊට උඩින්‌ බින්නර දෙකකුත් කඩල දාගන්න. උඩින්‌ පාමසන්‌ චීස් ටිකක්‌ එක්ක මොසරැල්ලා චීස්‌ ඉහල සෙල්සියස්‌ 180 ට ප්‍රී හීට්‌ කරගත්ත අවන්‌ එකක චිනාඩි 20-25ක්‌ බේක්‌ කරගන්න.
03. පොල්සම්බෝල පීසා (Polsambola Pizza)
ඇහුවමත් අමුනූයි වගේ උනාට මේ පීසා එක හදලම බලන්න රස. සාමාන්‍ය විදියට ගෙදර හදාගන්න සම්බෝලයක්‌ කලින්‌ වගේම පීසා මාගරීිටා එකක්‌ උඩට අතුරල ඒකට උඩින්‌ මොසරැල්ලා චීස්‌ දාල සෙල්සියස්‌ 180 ට ප්‍රී හීට්‌ කරගත්ත අවන්‌ එකක චිනාඩි 20-25 ක්‌ බේක්‌ කරගන්න.
04. සීනිසම්බෝල ඇන්ඩි එග්‌ පීසා (Seanisambol Andy Egg Pizza)
කවදා කාපුවද නේහ්‌ ? සීනි සම්බෝල හදන්න කියල දෙන්න ඕන නෑනෙ. කලින්‌ වගේම පීසා සෝස්, චීස්‌ දාගත්ත පීසා එකට සීනි සම්බෝල දාගෙන ඊට උඩින්‌ තම්බල පෙති කපාගත්ත බිත්තර අතුර ගෙන තැනින් තැනට ක්‍රීම්‌ චීස්‌ ටිකක්‌ දාල ඊට උඩින්‌ මොසරැල්ලා අතුරන්‌ බේක්‌ කරගන්න.
05. ඩෙසර්ට් පීසා (Dessert Pizza)
සැරට කාල කාලම කටට පැණි රසට දේකුන්‌ ඕනෙ නෙ. මේ පැණි රසට හදාගන්න පුළුවන්‌ පීසා එකක්‌. පීසා ඬෝ එක තුනී කරගන්න තින්‌ ක්‍රස්ට්‌ ගානට. ඒකට චොකලට්‌ සෝස් තවර ගන්න. ඊට උඩින්‌ ගීනියට පෙති කපාගත්ත ඇපල්‌ නට්ටුවක්‌ දාගෙන ඊට උඩින්‌ දුඹුරු සීනි ටිකක්‌ ඉහ ගන්න. ඊටත් උඩින්‌ වයිට්‌ චොකලට්‌ චිප්ස්‌ සහ චොකලට්‌ චිප්ස්‌ කලවමේ ඉහල විනාඩි 15-20 ක්‌ සෙල්සියස්‌ 160 ට ප්‍රී හීට්‌ කරපු අවන්‌ එකක බේක්‌ කරගන්න.
06. බෙක්ඩ් පොටැටෝ ඇන්ඩි බෙකන්‌ පීසා (Baked Potato Andy Beckon Pizza)
අල දාල පීසා කන්න පුළුවන්ද කියල හිතුනද? අපොසි පුළුවන්‌. පීසා සොස්‌, මොසරැල්ලා චීස්‌ පීසා එක උඩින්‌ දාගෙන ඊට උඩින්‌ තම්බල පෙති කපාගත්ත අල අතූරගන්න. බැදගත්ත බේකන්‌ කෑලි තැනින් තැන දාගෙන ඊට උඩින්‌ ඔරිගානෝ ටිකක්‌ ලුණු සහ ගම්මිරිස්‌ කුඩු ටිකක්‌ ඉහල පොඩියට කපපු වෙඩාර්‌ චීස් ටිකකුත් දාගෙන ඊට උඩින්‌ මොසරැල්ලා තට්ටුචවකුත් දාගෙන කලින්‌ වගේම බේක්‌ කරගන්න.

මෙය උපුටා ගැනීමක් වන අතර මෙම ලිපියට කැමති නම් යාලුවෝ අතර බෙදා ගන්න..
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගෙදර දීම සාදාගත හැකි පීසා වර්ග හයක් (Six Types Of Homemade Pizzas) - Your Choice Way ගෙදර දීම සාදාගත හැකි පීසා වර්ග හයක් (Six Types Of Homemade Pizzas) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2020 Rating: 5

0 comments:

Post a Comment