රටඉඳි අලුවා (Rataidi Aluwa) | Your Choice Way

ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නෙ රටඉදි වලින් "හල්වා" එහෙම නැත්නම් අලුවා හදන්නේ කොහොමද කියලා. මේ අලුවා එක ගොඩාක් පෝෂණීය ආහාරයක්. මොකද රටඉඳි කියන්නේ ශක්තිය වඩන පලතුරක් නිසා. අපි බලමු කොහොමද මේ අලුවා හදන්නේ කියලා.

අවශ්‍ය දේවල්,
  • ඇට ඉවත් කරගත් රටඉඳි 300g
  • කිරි (Fresh Milk) කප් 1
  • එලගි තෙල් මේස හැදි 1
  • කපාගත්ත කජු ටිකක්

සාදාගන්නා ආකාරය :
මුලින්ම රට ඉදි ටික ඇරගෙන ඇට ඉවත් කරලා සුද්ද කරගෙන බ්ලෙන්ඩරයකට දාලා හොදට අඹරා ගන්න. රට ඉදි ටික ගොඩක් වේලිලා නම් මේ වැඩේ කරන්න අමාරු වෙනවා. එහෙම වුනොත් මේකෙදී අපි ඇරගෙන තියෙන කිරි කප් එකට අමතරව තව කිරි ටිකක් ඇරගෙන ඒකට රට ඉදි ටික දාගෙන පෙගෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න. එතකොට ලේසියි.

ඊට පස්සෙ එලගි තෙල් ටික ලිපේ තියලා ඒකට රටඉඳියි කිරි ටිකයි දාගෙන හොදට මිශ්‍ර කරගන්න.

ටික වෙලවක් යනකොට කිරි ටික හිදිලා මේ රට ඉදි මිශ්‍රණය බදුන වටේ ඇලෙන්නෙ නැති තත්වයට එයි. ඊට පස්සෙ මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්න.

අන්තිමට තියෙන්නෙ කෑලි කපාගන්න. ඔයාලා තැටියක් ඇරගෙන ඒ තැටිය හොදට බටර් තවරාගෙන අපි කලින් හදාගත්ත මිශ්‍රණය ඒකට දාලා උඩින් කජු ටිකත් දාලා මිශ්‍රණය තුනී කරගෙන නිවෙන්න තියලා කෑලි කපාගන්න.

ගොඩාක් ලේසියි වගේම ගොඩාක් රසවත්.හදලා බලන්නකො.

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රටඉඳි අලුවා (Rataidi Aluwa) | Your Choice Way රටඉඳි අලුවා (Rataidi Aluwa) | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2020 Rating: 5

0 comments:

Post a Comment