චොකලට් ස්විස් රෝල් ලේසියෙන් හදමු (Make The Chocolate Swiss Roll Easy) | Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි මේස හැඳි 6
  • බිත්තර 4 (සුදු මද,කහ මද වෙන වෙනම ගන්න)
  • සීනි මේස හැඳි 4
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • චොකලට් පවුඩර් මේස හැඳි 2
  • වැනිලා තේ හැඳි 1/2
අයිසිං සැදිම සඳහා:
  • බටර් 75 g
  • අයිසින් සීනි 175 g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 1
  • වැනිලා ස්වල්පයක්
සාදන ක්‍රමය:
  • පාන් පිටි, බේකින් පවුඩර්, චොක්ලට් පවුඩර් එකට කවලම් කර තුන් පාරක් හොඳින් හලාගන්න.පසුව සීනි සමාන කොටස් දෙකකට බෙදා ගන්න.එක කොටසක් බිත්තර සුදු මද එකට ටිකෙන් ටික එකතු කර හොඳින් බීට් කර ගන්න(ක්‍රීම් ගතිය වෙනකම්)පසු ඉතුරු සීනි ටික බිත්තර කහ මද එකට දමා බීට් කර ගන්න. බීට් කරගත් කහ මද මිශ්‍රණයට හලා ගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර එකට අතකට හැන්දකින් සෙමෙන් කවලම් කරගන්න පසුව එයට බීට් කරගත් බිත්තර සුදු මද මිශ්‍රණයද ටිකෙන් ටික එකතු කර සෙමෙන් එක් අතකට කලවම් කර එයට වැනිලා ද එකතුකර කලවම් කරගන්න.පසුව ඔයිල් පේපර් දාගත් තැටියකට මිශ්‍රනය දමා ගන්න. පසුව180°C රත් කර ගත් අවන් එකේ විනාඩි 12 පමන බේක් කරන්න.
අයිසිං සාදන ආකාරය:
  • භාජනයක් ගෙන එයට බටර් දමා හොදින් බීට් කර එයට අයිසින් සීනි කොකෝවා පවුඩර්, වැනිලා දමා හොඳින් බීට් කරගන්න.
සාදන ආකාරය:
  1. බේක් කර ගත් කේක් එක එලියට ගත් පසු අනිත් පැත්ත හරවල ඔයිල් පේපර් එක හෙමින් ඉවත් කර ඒ හා සමාන ප්‍රමාණයේම තවත් තෙල් කඩදාසියක් ගෙන තෙල් කඩදාසිය පිටින්ම එය හෙමින් රෝල් කරන්න පසු එය නිවෙන්නට තබා(ශීතකරන⁣යෙ දැම්මත් කමක් නැත) හොදින් නිවුනු පසු රෝල් කර ගත් කේක් මිශ්‍රණය සෙමෙන් දිග අරින්න.(සමහරවිට කේක් එක කොලේට ඇලිල තියෙයි සෙමෙන් ගලවන්න) දිගහැර අයිසිං මිශ්‍රණය එහි මතුපිට අතුරා තෙල් කඩදාසිය රහිතව චොක්ලට් රෝල් එක පමණක් රෝල් කර.නැවත තෙල් කඩදාසියකින් ඔතා ශීතකරණයේ පැයක් පමන තබාගෙන තෙල් කඩදාසිය ඉවත් කර පෙති කපාගන්න.
මෙම ලිපිය සම්පුර්ණ අයිතිය Dulan Chanaka සතුයි.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොකලට් ස්විස් රෝල් ලේසියෙන් හදමු (Make The Chocolate Swiss Roll Easy) | Your Choice Way චොකලට් ස්විස් රෝල් ලේසියෙන් හදමු (Make The Chocolate Swiss Roll Easy) | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2020 Rating: 5

0 comments:

Post a Comment