Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


Lagna Palapala 2020-05-20 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 20 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.54 ට
ඉර බැසීම  - පස්වරු 18.21

රාහු කාලය
දිවා 11.54 සිට 13.23 දක්වා
රාත්‍රී 23.54 සිට 01.23 දක්වා

සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
දුර ගමන් යෑමට වන දිනයකි. තම බලය වැඩි වීමට කරුණු යෙදේ. කෘෂිකර්මාන්තය  ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ලාබ ලැබෙයි. බලාපොරොත්තු ඉෂ්ට වේ. ආදායම් තත්ත්වය දියුණු වේ. අලුත් හිත මිතුරන් ඇසුරට ලැබෙයි. සමාජය තුළ ප්‍රියමනාප පුද්ගලයකු බවට පත් වෙයි. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය. ශරීර සෞඛ්‍ය එතරම් යහපත් නොවනු ඇත. උදරාබාධ හා ආමාශගත රෝග මතුවීමට ඉඩ ඇත. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
ගමන් බිමන් අධික කරවයි. බලාපොරොත්තු ඉෂ්ට වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. කරන කටයුතු සාර්ථකත්වයට පත්වේ. මව් පාර්ශවයේ ඥාතීන් සමඟ හමුවක් ඇති වේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත  කිරීමට ආශා කරයි. ධාර්මික බවින් ඈත් වේ. පවිටු සිතුවිලි ඇති කරයි. හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට හිරිහැරයක් විය හැකිය. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
තම ප්‍රසිද්ධියට කරුණු යෙදේ. රහස් ආදර සබඳතා ඇති වේ. රෙදිපිළි ආදිය මිල දී ගැනීමට මුදල් වියදම් කරයි. ආගමික භක්තිය ඇති වේ. දුර ගමනක් හෝ පිට පළාතක සංචාරය කිරීමට අවස්ථාව උදා වේ. නිශ්චල වියදම් යෙදේ. නඩු හබවලින් පරාජය වීමට ඉඩ තිබේ. විවාහ ජීවිතය තුළ ගැටලු ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. දත් රෝග, ආහාර දිරවීමේ අපහසුතා මතු විය හැකි බැවින් ප්‍රවේශම්වන්න බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
ධනය ලැබීමට හේතුයි. සමාජය තුළ ප්‍රසිද්ධියට පත්වේ. නිවසට අවශ්‍ය අලුත් බඩුබාහිර ආදිය මිල දී ගනියි. ගමන් බිමන් අධික කරවයි. අධ්‍යාපන කටයුතු කෙරෙහි බාධා ගෙන දෙයි. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී වංචා, රැවටිලි ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් නිලධාරීන්ගේ සැලකිලි ලැබීමට ඉඩ ඇත. ලේ දෝෂ ආදිය ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
විවාහ ජීවිතය සතුටින් හා සමාදානයෙන් ගත කරයි. හවුලේ කරන කටයුතුවලින් අන්‍යයන් සමඟ සුහදව කටයුතු කරයි. සමාජ සේවයට යොමු වේ. සමාජය තුළ ගෞරවයට හා කීර්තියට පත් වේ. බුද්ධිමත්ව හා ක්‍රියාශීලී ලෙස කටයුතු කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකයි. උණ රෝග සෑදීමට ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම්වන්න. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
සූදු ලොතරැයිවලින් පාඩු වන දිනයකි. දරුවන්ගේ කටයුතුවලට අසුබදායකයි. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. පිය උරුමයෙන් දේපල ආදිය ලැබීමට පුළුවන. ආගමික භක්තිය ඇති කරයි. ඔබ සමාජය තුළ ගෞරවයට ප්‍රශංසාවට ලක්වන පුද්ගලයකු බවට පත් වේ. පපුව ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් විය යුතුයි. සහෝදර සබඳතා ශක්තිමත් වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
අධිෂ්ඨානශීලීව කටයුතු කරන දිනයකි. මිතුරු මිතුරියන් අතර මතභේදකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ පවතී. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයකි. සතුටින් විනෝදයෙන් කාලය ගත කරයි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. සිතිවිලි යහපත් වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරවයි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
සතුටින් විවාහ ජීවිතය ගත කරන දිනයක් බවට පත්වෙයි. බීම වර්ග ආශ්‍රිත වෙළඳාම් කටයුතුවලින් ලාභ ලැබේ. ඇඳුම් පැළඳුම් ආදියට ආශා කරයි. සහෝදර සහෝදරියන් අතර හිතවත්කම් වර්ධනය වේ. ආගමික භක්තිය හීන වේ. ශරීරය උෂ්ණාධික තත්ත්වයන් නිසා කාන්තාවන්ට ගර්භාෂ රෝග, ලේ ගමනාගමන සම්බන්ධ රෝග මතුවිය හැකි නිසා ප්‍රවේශම්වන්න. රැකියා කරන ස්ථානවල දී කල්පනාකාරී විය යුතුය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවනු ඇත. හදිසි අනතුරු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. කලබලකාරී ලෙස ක්‍රියා කරයි. නඩු හබවලට පැටලීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවල නියැළි අයට සුබදායක වේ. හවුල් ව්‍යාපාර පවත්වා ගැනීමේ දී අන් අයගේ මතයට ගරු කරමින් කටයුතු කරන්න. එසේ  නොවනු හොත් ‍ව්‍යාපාර සබඳතා බිඳ වැටීමට හේතු වේ. ප්‍රේම සබඳතාවලට සුබදායකය දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
නර්තනයට සංගීතයට කැමැත්තක් දක්වයි. කලා අංශයෙන් ඉගෙනීම් කරන දරුවන් විනෝදකාමීව දවස ගත කරයි. ප්‍රේම සබඳතා ස්ථිර වේ. ශරීර සෞඛ්‍ය යහපත්ය. ප්‍රිය වචනයෙන් කතා කරයි. ධනය ලැබීමට යහපත්ය. සිතේ සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරයි. රැකියා කරන ස්ථානවල දී අන් අයගේ ප්‍රශංසාවට ලක් වේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ඉඩ ලැබෙන දිනයකි ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
සිතේ චංචල ස්වභාවයක් ඇති කරවයි. සියලු දෙනා පිළිබඳවම සැක මුසු බැල්මෙන් කටයුතු කරයි. තමාගේ කටයුතු තමාම කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. විවාහ සහකරුට හෝ සහකාරියට අපලදායකය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය අඩු කරයි. පාපකාරී සිතිවිලි සිත තුළ ඇති වන නිසා ආගම දහම පිළිබඳ නැඹුරුවක් දැක්වීම අද දිනයේ සුබදායකයි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
දරුවන්ගේ කටයුතු සම්බන්ධව සුබදායක නොවේ. ප්‍රේම සබඳතා කඩාකප්පල් වේ. සිත තුළ කණගාටුව ඇති වේ. වැඩිහිටි අයට ගරු කරයි. තැන්පත් ධනය වර්ධනයට කරුණු යෙදේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබෙයි. විවාහ ජීවිතය තුළ ගැටලු ඇති වේ. විදෙස් රැකියා පිළිබඳ බලාපොරොත්තු කඩ වේ. සෙම් රෝග ආදියෙන් පීඩාකාරී බවක් ගෙන දෙයි. දවසේ සියලු කටයුතුවල දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Xiaomi Redmi Note 9 Review

It's the cheapest Xiaomi phone in the new 2020 UK line-up, but is Redmi Note 9 the high-value proposition you're looking for?
Should I Buy The Xiaomi Redmi Note 9?
Pros Competitive pricingQuad-lens cameraDual-4G3.5mm headphone jackCons Plastic bodyMediaTek chip sacrifices performance & battery lifeCamera focus can be softOur Verdict An excellent budget phone, but unless money is very tight the Redmi Note 9S offers better value still.

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

ෂුගර් කුකීස් හදන විදිහ (How To Make Sugar Cookies)

අද අපි කියලා දෙන්න යන්නේ දරුවන්ටම විශේෂ වූ කුකීස් වර්ගයක් ගැන. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලට ලේසියෙන් හදන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්න බිස්කට් වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මුකුත් දාන්නැති නිසා කිසිම බයක් නැතුව ළමයින්ට දෙන්නත් පුළුවන්නේ.
විනාඩි 30ක් වගේ සුළු වෙලාවකින් මෙය සාදා නිමකරගත හැකි වගේම කැමති ආකාරයට හැඩ කරගත හැකිය. එනම් අපි බලමු හදන්නේ කොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:(කුකීස් 12ක් හදන්න පුළුවන්)
බටර් 100gසීනි 100gබිත්තර 01පාන් පිටි 150gබේකින් පවුඩර් තේ හැඳි 01වැනිලා තේ හැඳි 01