Lagna Palapala 2020-05-17 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 17 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.54 ට 
ඉර බැසීම  - පස්වරු 18.21 ට

රාහු කාලය
දිවා 16.24 ට සිට 17.53 දක්වා
රාත්‍රී 04.24 සිට 05.53 දක්වා

සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
නිවැරදි තීරණ මත දේපළ සම්බන්ධයෙන් කටයුතු කරන නිසා යහපත් බවක් ඇති වේ. මවගේ පාර්ශ්වයෙන් තම උරුමකම් ලබා දීමක් සිදු වේ. ගෘහ ජීවිතයේ කරදර, බාධක ඉවත් වේ. අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දක්වන දිනයකි. ගෘහ නිර්මාණ කටයුතුවලට වඩා යහපත් බවක් ඇති වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. දූ දරුවන්ට විදේශයන්හි අධ්‍යාපන ඉල්ලීම් සාර්ථක කරයි. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.

වෘෂභ
සන්නිවේදන අංශයේ රැකියාවල දියුණු තත්ත්වයක් ඇති කරයි. තමා පිළිබඳ අන් අය කට කතා, දෝෂාරෝපණ ආදිය මතු කරයි. බුද්ධිමත්ව අන් අය ගැන කටයුතු කරන නිසා සතුරු කරදර අවම කරගත හැකි දිනයකි. කෙටි ගමන් බිමන් යෙදිය හැකි අතර පවුලේ දියුණුවක් ඇති වේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වීමට ඉඩ ඇත. මව්පස ඥාතියකුගේ අසනීප හේතුවෙන් දවස කාර්යබහුල වේ. ආගමික ස්ථානවලට යෑමට ප්‍රිය කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.

මිථුන
ඉඩම්වලින් සරු අස්වැන්නක් ලැබීමට හේතු වේ. මිල මුදල් ලැබීම් ද යහපත් වේ. පවුලේ අය සමඟ වන්දනා ගමන් යෙදීමට ද හැකියාව ඇත. අධ්‍යාපන තත්ත්වයන් වඩාත් වර්ධනය වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ හට ගනී. නීතීඥ වෘත්තියෙහි යෙදෙන අයට කටයුතු වර්ධනයක් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට සුබ වේ. සමාජ සේවයට ද උනන්දුවක් ඇති වේ. අසුබ බව අඩු දවසක් වේ. සිතේ සැනසීම ද උපරිමයෙන් ඇති නිසා දවස සුබ වේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  බණ පොතක් පූජා කරන්න.

කටක
ශරීර සෞඛ්‍යයට යම් බාධා ඇති වේ. අන් අය ඉදිරියේ පෞරුෂය අඩු වේ. එමඟින් තමාට පාඩු සිදු වේ. අදහස් ඇතිවීම හා ආගමික වශයෙන් කරදර ඇති වීම, වංචාවලට අසුවීම ඇති විය හැකිය. ගෘහ ජීවිතයේ  යම් කරදර ඇති වීමට ඉඩ ඇත. බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගැනීම තුළ එම තත්ත්වයන් යහපත් බවක් ඇති කර ගත හැකිය. පිය පාර්ශ්වයේ උදව් උපකාර ලැබෙන දිනයකි. අන් අය සමඟ සුහදතාවයෙන් සිටීමෙන් සියලු අයහපත් දේ වැළකේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.

සිංහ
බුද්ධිය හීන කරන දවසකි. අධ්‍යාපන කටයුතුවල දී අමතක වීම් ආදිය ඇති කරයි. සූදු ක්‍රීඩාවේ ආදියෙහි නිරත වීමට සිත් වේ. ධන හානි ගෙන දෙන දවසකි. මවු පාර්ශ්වයෙන් සැලකිලි තත්ත්වයන් අඩු වේ. මිතුරු සම්බන්ධතාවලින් ඈත්වී සිටීම වැදගත් වේ. තමා පදිංචි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යෑමට සිදු වේ. විදේශ ගමන්වලට යම් බාධා තත්ත්වයන් ඇති කරයි. තමාට අපහාස වන දේ අසන්නට හැකියාව ඇත. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.

කන්‍යා
වෙනදාට වඩා තමා කරන වැඩ කටයුතු පිළිබඳ උනන්දුවක් ඇති කරගත හැකිය. විදේශිකයන් සමඟ සම්බන්ධතා ඇති කරගත හැකිය. එමඟින් ගෘහ ජීවිතය වාසනාවන්ත බවක් ඇතිවේ. තමාගේ සොහොයුරන් සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරගත හැකි දිනයකි. උසස් තනතුරු ලැබීමට හැකියාව ඇත. සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත්ය. මළ බද්ධය ආමාශයේ රෝග ආදිය සෑදීමට ඉඩ ඇත. සතුරු කරදර වැඩි බවක් ද ඇති වේ. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.

තුලා
රැකියා හා ව්‍යාපාර ආදී කටයුතුවලට යහපත් දිනයකි. සමාජයේ ප්‍රසිද්ධිය වැඩියෙන් ලැබෙන දිනයකි. රාජ්‍ය අංශයන්හි අනුග්‍රහය ලැබේ. කෙටි සංචාර වැඩි දිනයකි. අධ්‍යාපන කටයුතු ආදියෙහි ජයග්‍රහණ ආදිය ලැබෙන දිනයකි. වාහන මිල දී ගැනීමට වාසනාව උදා වේ. නිහතමානී බවක් පෙන්නුම් කරයි. දණහිස්වල වේදනා ඇතිවිය හැකිය. මැසි මදුරු ආදියෙන් කරදර ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.

වෘශ්චික
පිය උරුමයේ දේපළ පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබේ. ආගමික වශයෙන්  වැඩි කාලයක් ගත කරන දවසක් වේ. පෙර කුසල් මතු වීමෙන් තිබූ ප්‍රශ්න කරදර අඩුවන බවක් දැනේ.  විවාහ වන වයසේ අයට යහපත් මංගල යෝජනා ආදිය ස්ථිර වේ. විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට රාජ්‍ය අංශයෙන් උපකාර ලැබේ. ගුරුවරු ආදීන්ට උපකාර කිරීමට සිත්වේ. දීර්ඝ ගමන් ආදිය යෙදිය හැකිය. මවගේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

ධනු
ශෝකදායී සිදුවීම් ඇති විය හැකි දිනයකි. ගෘහ ජිවීවිතයේ දී බුද්ධිමත් තීරණ ගතයුතු දිනයකි. ධන හානි ඇතිවන බවක් ඇත. අන්‍යයන් විශ්වාස කිරීමේ දී කල්පනාකාරී විය යුතුය. මව්පස පාර්ශවයේ ඥාතියකුගේ වියෝවක් වැනි දේ අසන්නට වේ. නීතිමය කරදර, සතුරු පීඩා ඇතිවීමට හැකියාව ඇත. රැකියා කිරීමේ දී සුහදත්වයෙන් කටයුතු කළයුතු දිනයකි. අන් අයගේ ගෞරවය අඩු වීමෙන් ගෘහ ජීවිතය සාමකාමී නොවනු ඇත. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. 

මකර
අන් අය සමඟ සුහදශීලීව අදහස් හුවමාරු වේ. ප්‍රේම සබඳතා ඇති වීමට හේතු වේ. විවාහ වූ අයගේ ජීවිත වඩාත් සාර්ථක වේ. ලැබීම් ආදිය ද වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. අලස ගති නැති වේ. කඩිසර බවක් මතු වේ. බොහෝ වැඩ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. වන්දනා ගමන් බිමන් ආදියෙහි යෙදිය හැකිය. හවුල්කරුවන් සමඟ කරන සියලු කටයුතු සාර්ථක වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.

කුම්භ
ධනය ලැබීමේ බාධා තත්ත්වයන් වැඩි වේ. සොර සතුරු කරදර වැඩි වේ. ඇඟලුම් කර්මාන්තයෙහි යෙදෙන අයට ධනය ලැබීම් ඇත. තමාට අන් අයගේ අයුතු චෝදනා ඇති විය හැකිය. උඩඟු බව හේතුවෙන් ප්‍රේම සබඳතාවලට ගැටලු ඇති වේ. අවේලාවන්හි ආහාර ගැනීම හේතුවෙන් බඩේ අමාරු සෑදේ. දරුවන්ගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කාලය වැය වේ. ආගමික කටයුතුවලට මුල් තැන දීමෙන් දවස යහපත් වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

මීන
ගණිත අංශයෙන් අධ්‍යාපනික කටයුතු කරන අයගේ වඩාත් දියුණුවක් දැකිය හැකි දිනයකි. ක්‍රීඩා කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණය හිමි වේ. ලේඛන කලාවේ නියුතු අයගේ නිර්මාණාත්මකතාව වැඩි දියුණු වේ. විදේශයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් ආර්ථිකයේ උසස් බවක් ඇතිකර ගත හැකිය. ප්‍රේම සම්බන්ධතාවලට සුභ දිනයකි. විනෝද කටයුතු කෙරේ අද දවස කාලය ගත කරයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් බැවින් දවස සුබවාදීව ගත කළ හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-05-17 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-05-17 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2020 Rating: 5

0 comments:

Post a Comment