Lagna Palapala 2020-05-11 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 11 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 05.54 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට

රාහු කාලය
දිවා 07.24 සිට 08.53 දක්වා
රාත්‍රී 19.24 සිට 20.53 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
කටයුතු ඉවසීමෙන් යුතුව කිරීමට සුදුසු වන දිනයකි. වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් ගුරුහරුකම් හිමි වීමේ ඉඩක් පවතී. ආගම දහමට සම්බන්ධ කටයුතුවල දී ප්‍රධානත්වයක් ගනී. ඉගෙනුම ලබන්නන් ඒ සඳහා වැඩි පරිශ්‍රමයක් දැරීමට වේ. ව්‍යාපාර කටයුතුවල නිමග්න වන්නන් හට ඉන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත. දෙවියන් වන්දනා කටයුතුවල දී විෂ්ණු දෙවියන් හට ද පුද සත්කාර කිරීමට පෙළඹීම නිසා වැඩි යහපතක් සලසා ගැනීමට අවස්ථාව හිමිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

වෘෂභ
පවුල් දිවියේ විවාහ යුවල අතර සිදුවන විහිළු තහළු වුව ද සීමා කළ යුතු දිනයකි. මුත්‍රා ආබාධ ද මතු වීමට ඉඩ ඇත. පවුල් ප්‍රශ්න ඉවසීමෙන් හා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට වග බලාගත යුතුය. උදරය ආශ්‍රිත සෞඛ්‍යමය ගැටලු ද ඇති විය හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය සඳහා වෙහෙසිය යුතුය. අද දිනය තුළ පැමිණෙන අසුබ අවම කර ගැනීම සඳහා ආගමික වතාවත් ආදියෙහි නියැලී සිටීමෙන් උපද්‍රව දුරු කර  ගැනීමට හැකිවනු ඇත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

මිථුන
ජීවිතය තුළ ලෞකික දේවල්ට වඩා ලෝකෝත්තර දෙය කෙරෙහි නැඹුරු විය හැකිය. ආදර  සබඳතාවල දී යම් හේතු සාධක මත විවිධ කලකිරීම් හට ගැනීමට ඉඩ ප්‍රස්ථා පැවතිය හැකිය. ගංගා, මුහුද ආශ්‍රිත කටයුතු හරහා විපත් ගෙන ඒමේ කිසියම් ප්‍රවණතාවක් පවතී. ඒ සම්බන්ධ කටයුතුවල නිරත අය ප්‍රවේශම්වන්න. දේපළ සම්බන්ධ හවුල් ගිවිසුම් අත්සන් තැබීමේ දී දෙවතාවක් සිතා බැලිය යුතුය. කලා කටයුතුහි නිරතවන්නන්ට ජාත්‍යන්තර අවස්ථා ද හිමි විය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.

කටක
සතුරන් සමඟ ආරවුල් ආදියට මැදි වීමට ඉඩ යෙදෙන දිනයක් වීමට ඉඩ ප්‍රස්තා පැවතිය හැකිය. නීතිමය ගැටලු ආදියට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතුය. රැකියා ස්ථානවල දී කලබලකාරී ස්වභාවයක් පවතී. සහෝදරයන් හා සමගියෙන් කටයුතු කරයි. කායික හෝ මානසික පීඩා යෙදිය හැකි අතර වෙහෙසකර බවක් ද දැනෙයි. මුත්‍රා රෝග ආදියෙන් අවදානමක් ඇත. කොයි ලෙසකින්වත් අවදානම් සහගත ක්‍රියා ආදියට යොමු නොවී සිටිය යුතු වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ගලා යන ජලයට බුලත් දමන්න.

සිංහ
සමාජශීලී හෝ ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් ඇත. කලා විෂය ක්ෂේත්‍රයේ නිරත වූවන් උදෙසා එහි නව අධ්‍යාපනික තොරතුරු රැස්කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලද හැකිය. විනෝද කටයුතුවල නිරත වීමට එතරම් ඇලුම් නොකරයි. සාහිත්‍ය ප්‍රබන්ධ නිර්මාණකරුවන්ට සුබදායී වනු ඇත. උසස් පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වන දිනයක් වීමට ඉඩ ප්‍රස්ථා පැවතිය හැකිය. පවුලට සම්බන්ධ නොයෙක් පින්කම් ආදියට යොමු වීමේ ඉඩකඩ පවතී. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.

කන්‍යා
කුලී ගෙවල්වල පදිංචිකරුවන් හට යම් අපහසුතා යෙදිය හැකිය. තමා යමක් භාරගෙන කටයුතු කිරීමේ දී ඒ සඳහා සැලකිලිමත් විය යුතුය. ගේ දොර සුද්ද පවිත්‍ර කර තබා ගැනීමට වෙහෙසී කටයුතු කරයි. පවුලේ අවශ්‍යතා සම්බන්ධව ද ඉතා ඕනෑකමින් සොයා බැලීමක යෙදේ. හෘද රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. දරුවන් සඳහා ද විවිධ වියදම් පවතින නිසා මුදල් තැන්පත් වැය වීමක් පෙන්වනු ඇත. කලකින් හමු නොවූ මිතුරෙකුගේ ඇසුරක් බලාපොරොත්තු විය හැකි දිනයකි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

තුලා
දේවාල හා දෙවියන් ගැවසෙන ස්ථාන ආදියට යොමු කරවයි. සන්නිවේදන මාධ්‍යයන්හි කටයුතු කරන්නන්ගේ හැකියාවන් හොඳින් ඉස්මතු කිරීමේ හැකියා පවතී. කලා කුසලතා ප්‍රකට වන දිනයක් විය හැකිය. වෘත්තිය තුළ ප්‍රධානත්වයක් ලැබේ. තම ඥානය මෙහෙයවා කරන කටයුතු සඵල වීමට ඉඩකඩ පවතී. උපන් කුසලතා වැඩි දියුණු වන දිනයකි. සතුරන් ඇති වීමේ ප්‍රවණතාවක් ද පවතී. හදිසි අසනීප තත්වයන් උද්ගතවීමට හේතු පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   බණ පොතක් පූජා කරන්න.

වෘශ්චික
හදිසි ධන ලාභයක් මතුවිය හැකි නිසා ලොතරැයි කටයුත්තකට යොමු වීම ද වැදගත් විය හැකිය. පැවති අසනීපවල වැඩි වීමක් දක්නට ලැබේ. නිදහස් මත දැරීමට උත්සාහ කරයි. සහෝදර සහෝදරියන්ගේ උපකාර ලැබිය හැකිය. පැරණි යාන වාහන විකිණීමෙන් ලාභ ලැබිය හැකි දිනයක් වේ. ලෞකික සැප සම්පත් ළඟා කර ගැනීමට උත්සාහ දරයි. ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් පවතී. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අලස බවක් පෙන්වන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.

ධනු
පොදු ජනයාගේ යහපත උදෙසා ක්‍රියා කරන දිනයක් වේ. හවුල් කටයුතු සඳහා උනන්දුවෙන් ක්‍රියා කළ හැකිය. වෙහෙස මහන්සි වී කෙරෙන ඕනෑම රාජකාරියකට යොමු වී කටයුතු කළ හැකිවන දිනයකි. පවුල් සාමාජිකයන්ගෙන් තම කටයුතුවලට බාධා පැමිණිය ද ඒවා ඉවසා දරාගෙන තම කටයුතු නිම කරයි. යමක් ගැන පසුතැවිල්ලෙන් පසුවන දිනයක් විය හැකි නිසා කටයුතු සංවිධානයේ දී දෙවරක් කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් අවදානම් සහිත ක්‍රියාවලට හවුල් නොවී සිටීමට කල්පනාකාරීවන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.

මකර
ආගමික කටයුතුවල නිරතවන්නන්ට තම උත්සාහයෙන් යහපත් ප්‍රතිඵල උදා  කරගත හැකි දිනයක් වනු ඇත. සතුරන් ද ඇතිවිය හැකි නිසා පුද්ගලයන් සමඟ ආශ්‍රය කිරීමේ දී අන්‍යයන් ඊර්ෂ්‍යා නොසිතන පරිදි ක්‍රියාකළ යුතු වේ. ගුප්ත ශාස්ත්‍ර අත්හදා බලන්නන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය. මහලු අය සඳහා උපස්ථායක සේවයේ යෙදෙන්නන්ට ද අද දිනයේ තම කුසල් දියුණු කර ගැනීමේ අවකාශ පවතී. නින්දට බාධාවන් යෙදෙන තත්ත්වයන් යෙදිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.

කුම්භ
ගේ දොර කටයුතු උදෙසා විය පැහැදම් විය හැකි නිසා ධනය රැස් කිරීමට බාධා යෙදේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ ගැටළු යෙදිය හැකිය. තම දරුවන්ට අපලකාරි දිනයක් වේ. නරක මිතුරන් උදෙසා විය පැහැදම් වීම් තුළින් පවුලේ අර්බුද හට ගනී. මුත්‍රා රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රැකියා කටයුතුවල දී ප්‍රවේසමින් ‍කටයුතු කළ යුතු වන්නේ අනවශ්‍ය කරදර පැටලීමට හැකි බැවිනි. දවස යහපත්ව හා ආගමානුකූලව ගෙවීමෙන් බාධක මැඩගත හැකිය. දුර ගමනක් යෙදේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.

මීන
ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් මනස වෙහෙසන දිනයක් විය හැකිය. හවුල් කටයුතුවලට සුබදායක වේ. මිතුරන් සමඟ වැඩි ආශ්‍රයක් යෙදීමට ඉඩ පවතී. රැකියාවේ කාර්ය බහුලත්වය වැඩි දිනයකි. වෙහෙසකාරී තත්ත්වයක් දැනේ. කාලත්‍රයාට අනතුරුදායක දිනයක් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කුසල් වැඩීම සඳහා යොමු වී කටයුතු කිරීම වැදගත් වේ. ස්නායු ආබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු දවසකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-05-11 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-05-11 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2020 Rating: 5

0 comments:

Post a Comment