Lagna Palapala 2020-05-05 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 05 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.56 ට
ඉර බැසීම - පස්වරු 18.19 ට

රාහු කාලය
දිවා 14.56 සිට 16.25 දක්වා
රාත්‍රී 02:56 සිට 04.25 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  
මේෂ
තමා තුළ සැඟ වී ඇති කලා කුසලතාවන් එළි දැක්වීම සඳහා අද දිනය සුබදායකය. සහෝදරයන්  සම්බන්ධයෙන් වැදගත් කටයුත්තකට ඔබට සම්බන්ධ වීමට සිදු වේ. නිවාස සම්බන්ධ කටයුතුවලින් ලාභ අත් වේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන දිනයකි. විදේශ සංචාර බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් සඵල කරයි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. කල්පනාකාරී වන්න. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
විදේශගතව සිටින ඔබගේ ඥාතියකුගෙන් ඔබට විශේෂ යමක් ලැබෙයි. ඉඩකඩම් ආරවුල් ආදිය මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. තම හැකියාව හා ශක්තිය පෙන්වා කරන කටයුතුවලින් වැඩි ලාභ ඇති කරවයි. තමාගේ කාර්යයන් පිළිබඳ වැඩි පිරිසකගේ ප්‍රශංසාවක් හිමි වේ. වැඩි දෙනකු අතර විශ්වාසය ඔබ දිනා ගනියි. කලා අංශයේ අධ්‍යාපනයේ නියුතු අයගේ කටයුතු සාර්ථක කරයි. උගුර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
අධ්‍යාපන කටයුතුවල දී ඔබ ගන්නා තීරණය ජයග්‍රහණ පිණිස හේතු වේ. යහපත් මංගල යෝජනා අද දිනයේ ඉදිරිපත් විය හැකිය. සංගීතය හා කලා අංශයේ රැකියාවල විශේෂ දියුණුවක් පෙන්වයි. රෝහල් හෝ බෙහෙත්  සම්බන්ධ කටයුත්තක ඔබට නියැළීමට වේ. රැකියා කටයුතුවල දී වෙනදාට වඩා උද්යෝගයක් ඔබ තුළ ඇති වේ. මානසික ඒකාග්‍රතාව වෙනදාට වඩා රැඳී තිබෙන දිනයකි. ගෘහ ජීවිතය තුළ යම් කලබලකාරී බවක් ඇති කරවයි. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ සැලසුම්වලට උසස් අයගේ උපකාර හිමි වේ. බලාපොරොත්තුව සිටි ණය මුදලක් ලබා ගැනීමට හැකි දිනයකි. සංගීත කලා කටයුතුවල රැකියා බලාපොරොත්තුව සිටින අයට සුබයි. උසස් අධ්‍යාපනයට ද යොමු විය හැකිය. ගුප්ත ධර්මය පිළිබඳව හදාරන අයට සුදුසු පරිසරයක් සකස් වේ. මුත්‍රා ආබාධ ආදිය හා උරහිස ආබාධ ඇති කරයි. ප්‍රේම සබඳතාවලට ආවේගශීලී බව බාධාවක් විය හැකිය. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ වැඩි කාලයක්, ශ්‍රමයක් වැය කරයි. විදේශ සංචාර බලාපොරොත්තු වන අයට ශුභදායක ආරංචි ලැබේ. ගමන් බිමන්වල දී තම වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගන්න. පපුව ආශ්‍රිත වේදනා ඇති කරයි. නිවසේ කටයුතුවල දී ආවේගශීලී වීම පාලනය කරගන්න. අලුත් ඉඩම් ආශ්‍රිතව සිදු කරන කටයුතුවලින් ඔබට වැඩි වාසි අත් කරවයි. කලකට පෙර අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ ඔබට හමු වේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
ඉඩකඩම් හා භූමිය ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ උපයයි. අවිවාහකයන්ට යහපත් මංගල යෝග උදා කරයි. උදරයේ පහළ අසනීප ගති ඇති කරවිය හැකිය. ආගමික කටයුත්තක් සඳහා පවුලේ අය සමඟ සහභාගී වේ. රැකියාවේ අවශ්‍යතාවයක් සඳහා ගමන් බිමන් කිහිපයක් යෙදේ. මිතුරු සමාගමය අද දිනයේ ඔබ පීඩාවට පත් කරවිය හැකිය. කල්පනාකාරීවන්න. රජයේ දඬුවම්වලට ලක් විය හැකි නිසා රථවාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
ඉඩකඩම් යාන වාහන අලෙවියේ නියුතු අයගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. තිරිසන් සතුන් කෘමීන් වැනි සතුන්ගෙන් ඇතිවන ලෙඩ රෝගාදියෙන් අද දිනයේ ඔබ ප්‍රවේශම් විය යුතුය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් කෙටි ගමනක් යෙදේ. මානසික ඒකාග්‍රතාව බිඳ වැටිය හැකි දිනයකි. තම පෞරුෂත්වය රැක ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරිය යුතුය. නිවසේ අලංකාරය සඳහා කටයුතු කිහිපයක් ඔබ අතින් වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
ලෙන්ගතු ඇසුරක් නිසා සිත් පීඩාවට පත්වන දිනයකි. බලාපොරොත්තුව සිටි ණය මුදලක් හෝ බැංකු කටයුත්තක් පිළිබඳ අද දිනයේ සුබදායක ආරංචියක් ලැබේ. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ අත්වන දිනයකි. උරහිස් ආශ්‍රිත ආබාධ මතු කරවයි. නිවසේ අලුත්වැඩියා කිහිපයක් සිදු වේ. දුගී මගී යාචක ආදියන් සඳහා උදවු උපකාර කිරීමට පෙළඹෙන දිනයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදු වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
ඥාති සබඳතාවලට හෝ කාලත්‍ර පාර්ශවයේ කටයුත්තකට වැය තත්ත්වයක් පෙන්වයි. වගා කටයුතුවල නියැළුණු අයගේ කටයුතුවලට බාධා ඇති වේ. පාද ආශ්‍රිත ආබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ජලය ආශ්‍රිත කටයුතුවල දී කල්පනාකාරී වීම වැදගත්ය. පිය පාර්ශවයේ ඥාතියකුගේ අවශ්‍යතාවකට දුර ගමනක් යෙදේ. ආගමික භක්තිය අඩු කරවයි. නමුත් ගුප්ත දේ ඉගෙනීමට සිත පොළඹවයි. තමාගේ නායකත්වය වැඩි පිරිසක් පිළිගනී. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
නිවසේ කටයුත්තක් සඳහා පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් මිලට ගැනීම සිදු කරයි. නව ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා ඇතිවන දිනයකි. සාර්ථක ද වේ. පෙනහළු ආශ්‍රිත සෙම ආදී රෝගී තත්ත්වයන් නිසා අද දිනයේ ඔබ පීඩාවට පත් කරවයි. නොගැළපෙන මිත්‍ර සබඳතාවක් නිසා සිත් තැවුල් ඇති වීමට හේතුයි. කල්පනාකාරී වන්න. කාලත්‍රයාට අසනීප ආදිය ඇති කරයි අධ්‍යාපන කටයුතුවල නිරත අයට පාඩම් කටයුතු සඳහා සුභ දිනයක් නොවේ. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
රැකියා කටයුතු තුළ වෙනදා නොමැති නිදහසක් මනසට දැනේ. උදරය ආශ්‍රිත ආබාධවලින් ප්‍රවේශම් වන්න. නිවසේ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් යම් වැය තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලට අද දිනයේ ලාභ අවම කරයි. සමහර හවුල්කරුවන් අතර යම් යම් මතභේද ආදිය ද ගොඩනැඟේ. අධ්‍යාපන කටයුතුවල ජය ඇති කරන දිනයකි. උසස් විභාග ආදියට ඉදිරිපත් වන අයට ඉතා සුබයි. සම්මුඛ පරීක්ෂණවලදී ද ඔබ ජය ලබයි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගැඹුරු දේ ඉගෙනීමට හැකි දිනයකි. උදරය ආශ්‍රිත වේදනා ගති මතු කරවයි. කල්පනාකාරීවන්න. කාලත්‍රයාට කලකට පෙර අමතක කර තිබූ දෙයක් ගැන ඔබගෙන් විමසිය හැකිය. නව මිතුරු සබඳතා ගොඩනැඟිය හැකි දිනයකි. රැකියාවේ කටයුතුවල දී කේළාම් කියන අය බාධාවක් වේ. මනසේ පවතින ගැටලුවක් අද දිනය තුළ ඔබට පීඩාකාරී වනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයගේ ආදායම් වැඩි කරවයි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-05-05 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-05-05 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2020 Rating: 5

0 comments:

Post a Comment