Lagna Palapala 2020-05-02 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 02 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.56 ට
ඉර බැසීම - පස්වරු 18.19 ට

රාහු කාලය
දිවා 08.56 සිට 10.25 දක්වා
රාත්‍රී 20.56 සිට 22.25 දක්වා

සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
රැකියා ස්ථානයේ සුබදායී දේවල් අසන්නට දකින්නට ලැබේ. හවුල් ව්‍යාපාර ආරම්භයට ඉතා සුබය. ඒවා ආශ්‍රිත විශේෂ ලාභ ලැබිය හැකිය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගමන් බිමන් යෙදේ. ආදර සබඳතාවලට සුභදායී දිනයක් වේ. සාමය සතුට රැඳේ. අද දවස නිදහස් මනසකින් යුතුව ගත කළ හැකිය. අධ්‍යාපනයේ යෙදෙන්නන් හට ජය අත් කරගත හැකිය. සෙම් රෝග ආදියෙන් පීඩා විඳිය හැකිය. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ පෙන්වයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09, ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.

වෘෂභ
අලස බවක් පෙන්වයි. බොහෝවිට අන් අය ලවා තම කාර්යයන් කරවා ගැනීමට උත්සාහ දරයි. ආදායම් තත්ත්වය සාමාන්‍යයි. වැය අධිකය. මවුපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙයි. ඔබට ප්‍රසිද්ධියක් හා ප්‍රධානත්වයක් හිමිවන දවසකි. ආරම්භ කළ කාර්යයක් අවසන කිරීමට වෙහෙසෙයි. ඒ වෙනුවෙන් වියදම් කිරීමට පෙලඹෙයි. අධ්‍යාපන කටයුතුවලට හොඳ දවසකි. ගෘහ ජීවිතයේ ඉතා සාමකාමී බවක් පෙන්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.

මිථුන
ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. දුර බැහැර ගමන් යෙදේ. ආගමික නැඹුරුවක් සහිතව ධාර්මිකව හැසිරීමට සිත් යොදන දවසකි. ආදර සබඳතාවල දී තම ගෞරවය ගැන සිතයි. වැය සාමාන්‍යයි. දවස ප්‍රීතිමත් වේ. ඉගෙනීම් කටයුතුවලට වෙහෙස මහන්සි වේ. උගත් මිනිසුන් ආශ්‍රයට ලැබේ. ළඟම ඥාතීන් අතර ඉහළ පිළිගැනීමක් පෙන්වයි. අද දවස ප්‍රීතිමත් වේ. සෙම් රෝග තත්ත්වයන් මතු වේ. කෘමි සතුන්ගෙන් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

කටක
ඉඩ කඩම් යාන වාහන ආදියෙන් ඔබට ලාභ අත්කර ගත හැකිය. වැය පාර්ශ්වය අධිකයි. රැකී රක්ෂා කරන තැන්හි ඔබට ඉහළ තැනක් ලැබේ. වැඩිමහල් සහෝදරයකුගේ රෝග තත්ත්වයක් ගැන අසන්නට ලැබේ. අද ඔබ බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වේ. ගෘහ ජීවිතයේ සාමය පවත්වා ගැනීමට උත්සාහ කරයි. පපුව හෝ මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතු හොඳින් පවත්වා ගෙන යයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.

සිංහ
ලිපි ලේඛන, ජන සන්නිවේදන මාධ්‍ය ආයතන සම්බන්ධ රැකියාවලින් ප්‍රගතියක් බලාපොරොත්තු විය හැකිය. ආදායම් පක්ෂය සුබයි. දුර බැහැර ගමන් ආදියට හේතු යෙදේ. ධාර්මික කටයුතුවලට සිත් යොමුවන දිනයකි. විවාහ දිවිය සාමකාමීයි. උසස් අධ්‍යාපනයට වරම් හිමි වේ. දෑතේ ශක්තියෙන් විවිධ දේ කිරීමට පෙළඹෙයි. පියාට සුබදායී වේ. නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කරන දිනයකි. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ අත්පත් කර ගනී. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කළු තල පරිත්‍යාග කරන්න.

කන්‍යා
ඔබගේ කතාව බොහෝ දෙනාගේ සිත් පැහැර ගනී. ආදායම් තත්ත්වය වර්ධනය වේ. නමුත් අන්‍යයන්ට උදවු උපකාර කිරීමෙන් බොහෝ වියදම් සිදු වේ. රැකියා කරන තැන්හි ප්‍රධානත්වයක් ලැබේ. සතුරු කරදර නොමැත. ලෙඩ රෝගවලින් මිදේ. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. අනතුරුවලට ලක්වීමේ අවදානමක් ඇති හෙයින් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. ගෙල ප්‍රදේශයේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.

තුලා
සමාජයෙන් නම්බු නාම තානාන්තර බලාපොරොත්තු විය හැකිය. කීර්තිය, ප්‍රශංසාව හිමි වේ. ආදායම් තත්ත්වය වර්ධනයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවලට වෙහෙසේ. විවාහ දිවිය සතුටුදායකය. ප්‍රේමය සම්බන්ධ කටයුතුවල දී ජය අත්කර ගනියි. විවාහය බලාපොරොත්තු වන අයට එම කටයුතු සාර්ථක වේ. ධාර්මිකව දවස ගත කිරීමට  උත්සාහ දරයි. තමා කලක් තිස්සේ බලාපොරොත්තුව සිටි යමක් ඉටු කර ගැනීමට ලැබෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.

වෘශ්චික
රැකී රක්ෂා කටයුතු අසුබ නොවේ. මුදල් ආදායම් එතරම් සුභ නැත. බොහෝ දෙනාගේ හිත සුව පිණිස කාලය වැය කරයි. ප්‍රධානීන්ට සේවකයන් නිසා අලාභ පාඩු සිදුවේ. සතුරු කරදර ඇති වේ. විවාහ දිවිය ගැටලු ඇති කරයි. එබැවින් සාමය පවත්වා ගෙන යෑමට උත්සාහ කරන්න. මානසික වේදනාවෙන් දවස ගෙවන බව පෙන්වයි. ඉවසීම හා කල්පනාකාරී වීමෙන් දවස ජයගත හැකිය. පාද ආශ්‍රිත රෝග තුවාල ආදිය ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.

ධනු
ව්‍යාපාරවලින් ලාභ අත්වේ. ලිපි ගනුදෙනු අත්සන් කිරීමට සුබදායකය. පියා නිසා ගමන් යෙදේ. අධ්‍යාපනයට සුබ වේ. තරග ක්‍රීඩා ආදියට සුබදායකය. ප්‍රේම සබඳතාවල දී තම ගෞරවය ගැන සිතයි. නීති කරදරවලින් පිහිට ලැබෙන දවසකි. විවාහ අපේක්ෂකයන්ට තම අරමුණු ඉටුකර ගත හැකිය. ධාර්මික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ශරීරයේ කෙණ්ඩා ආශ්‍රිත රෝග මතුවිය හැකිය. වන්දනා ගමන් ආදියට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.

මකර
බොහෝ දෙනාගේ පැසසුමට ලක්වේ. සමාජයේ කැපී පෙනෙන චරිතයක් වේ. රැකියා ස්ථානවල ප්‍රශංසාවට ලක්වේ. අධ්‍යාපනයේ නිරත වන අයට සුබදායකයි. වැයපස තරමක් බහුලය. ප්‍රේම සබඳතා සාර්ථක වේ. සේවකයන් සම්බන්ධව සතුටු විය හැකිය. ගින්නෙන් අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. දණහිස් ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ඉඩකඩම්වලින් කෘෂි කර්මයෙන් අලාභ පෙන්වයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.

කුම්භ
ධර්මාමානුකූලව ගත කරන දවසකි. වන්දනා ගමන් යෙදිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායී වේ. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. ක්‍රීඩා කටයුතුවලින් ජය අත්වේ. අය වැය සම වේ. ප්‍රේම සබඳතා නිසා සිතේ සතුට ඇතිවිය හැකිය. විවාහකයන් අන්‍යෙන්‍ය අදහස්වලට ගරු නොකරන බවක් පෙන්වයි. කර්ණ රෝග, මුඛය ආශ්‍රිත රෝග මතුවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ගලා යන ජලයට බුලත් දමන්න.

මීන
මුදල් තත්ත්වය අයහපත් වේ. වැය අධික වේ. කෙටි ගමන් යෙදිය හැකිය. ගෘහ ජීවිතය තුළ කලහකාරී අයුරින් ක්‍රියා කරයි. රථ වාහන ආදියෙන් කෙරෙන ගමන් බිමන්වල දී විමසිලිමත් වන්න. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයට ලක්වේ. මෙහෙකරුවන්ගේ පාඩු අලාභ හානි විය හැකිය. සුරතල් සතුන් සමඟ කටයුතු කිරීමෙන් ප්‍රවේසම්වන්න. ඉවසීම, කල්පනාකාරීත්වය ප්‍රගුණ කළහොත් දවස සාර්ථක කරගත හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-05-02 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-05-02 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2020 Rating: 5

0 comments:

Post a Comment