Lagna Palapala 2020-05-01 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 01 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.57 ට
ඉර බැසීම  - පස්වරු 18.19

රාහු කාලය
දිවා 10.27 සිට 11.56 දක්වා
රාත්‍රී 22.27 සිට 23.56 දක්වා

සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. සහෝදරයකුගේ කටයුත්තකට අපලදායක කාර්යයක් සිදු වේ. පැරණි දේ ගැන වැඩි උනන්දුවක් දක්වයි. මවු පාර්ශ්වයෙන් ලැබිය යුතු පැරණි උරුමයක් ගැන ද කතිකාවතක් ඇති වේ. අධ්‍යයන කටයුතුවලට අද ඉතා සුබදායකයි. මංගල කටයුතු සාර්ථක කරන දිනයකි. හදිසි ධන ලාභ ඇතිවිය හැකි දිනයකි. ලොතරැයි වාසනා උරගා බලන්න. හොඳ සිතිවිලි අද දිනයේ ඔබේ මනස සුවපත් කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු සාර්ථක වේ. විදේශ ගමන් පිළිබඳ සිතිවිලි ක්‍රියාවන් බවට පත් කරගත හැකිය. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනයේ දී දෙවරක් කල්පනා කරන්න. ආහාර දිරවීමේ අපහසුතා ඇති විය හැකිය. වැඩි උද්යෝගයකින් යුතුව දෛනික කටයුතු කළ හැකිය. කරන කියන කටයුතුවලින් වැඩි ප්‍රතිඵල ලැබෙන බව ඔබට අවබෝධ වේ. නිවසේ අලංකාර කටයුත්තක් සඳහා වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ ලැබීමට අද දිනය සුබ දිනයකි. සේවක කාරකාදීන් අවංකව හා කාර්යක්ෂමව තම සේවය ඉටු කරයි. ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. තෙල් ආහාර ආදිය නිසා ඔබ රෝගී කරවිය හැකිය. අද දිනයේ ඔබගේ මනස ව්‍යාකූල තත්ත්වයට පත් කරවන කරුණු කිහිපයක් යෙදේ. ලිපි කටයුතු කිහිපයක් සඳහා කාලය හා ශ්‍රමය වැය වේ. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් හා ප්‍රීතියක් රැඳෙනු ඇත. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
නිවසේ කටයුතුවල දී කලබලකාරී බව නිසා බඩු බාහිර ආදියට හානි විය හැකිය. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝගාදියෙන් ප්‍රවේශම් වන්න. රැකියා කරන ස්ථානවල දී ඔබ ප්‍රශංසාවට ලක් වේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධවලට ලක්විය හැකිය. අස්ථානගතවීම් ගැන කල්පනාකාරී වන්න. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලය වැය කරයි. විවාහකයන්ගේ දිවිය ඉතාම සාමකාමීය. කාලත්‍ර පාර්ශවයෙන් එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහය ලැබේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
යුගදිවි සබඳතාවල දී ආවේගශීලී විය හැකි බැවින් කල්පනා කල්පනාකාරී වන්න. අර්ශස් වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අයට අද දිනය සුභ දිනයක් නොවේ. උදරයේ තෙල් ගතිය ඔබ අපහසුතාවයකට පත් කරවයි. ආගමික කටයුත්තකට සිත යොදවයි. ක්‍රීඩා කටයුතු කරන අයට සුභ දිනයකි. ජයග්‍රහණය ලැබේ. නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත් සංකල්පනා පහළ වන දිනයකි. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු කාර්යක්ෂමව හා වඩාත් ඵලදායි ලෙස කළ හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ආගමික කටයුත්තක් සඳහා පිය පාර්ශවයේ අයකු සමඟ සහභාගිවීමට අවස්ථාව ලැබේ. ඔබගේ තැන්පත් ධනය පිළිබඳව අද දිනය සුබදායක නැත. ඥාති හිතවතුන් කිහිපදෙනෙකු  නිවසට පැමිණෙනු ඇත. පපුවේ සෙම් ගතිය වර්ධනය කරයි. ඔබ සොයමින් සිටි අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ හමු වේ. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
මෙතෙක් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වූ සතුරු කරදර ඉවත්ව යයි. ජලය අශ්‍රිත කටයුතුවලින් ඈත් වී සිටීම සුබදායකය. අක්ෂි රෝගවලින් හා අසාත්මිකතාවලින් පීඩා විය හැකිය. කිරි ආහාර ආශ්‍රිත ව්‍යාපාරවලට අද දිනය සුබදායක නැත. ඉදිරිපත්වීමේ ගතිය අතින් වෙනදාට වඩා ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරන දිනයකි. රැකියාව කරන ස්ථානයේ අසාධාරණයක් වෙනුවෙන් විය හැකිය. උසස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
තම වචනවල වේගවත් බව අන් අයගේ සිත් රිදවීම්වලට හේතු වේ. දිනයේ සවස් කාලය තුළ හිස ආශ්‍රිත වේදනා ගතියක් මතුකර විය හැකිය. වටිනා බඩුබාහිරාදිය ඉතා කල්පනාවෙන් පරිහරණයය කළ යුතු දිනයකි. නව ආදායම් කටයුත්තක් සඳහා සැලසුම් කිරීමට කාලය ශ්‍රමය වැය කරයි. ඒවා සාර්ථක වේ. වැය පාර්ශවය අධික විය හැකි දිනයකි. හදිසි අනතුරු ආදිය විය හැකි නිසා කල්පනාකාරීව දෛනික කටයුතුවල නිරත වන්න. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු 
පැණි රස ආහාර පිළිබඳ රුචිකත්වය වැඩිවන දිනයකි. ආරක්ෂක අංශවල කටයුතුවලට අද දිනය සුබදායකයි. ලිපි කටයුතු කිහිපයක් නිසා පාඩු විඳීමට වේ. ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායක නොවේ. කාලත්‍ර පාර්ශ්වයට අපලදායක වේ. අද ඔබ බොහෝ දෙනෙකුගේ උපදේශකයෙකු බවට පත්වේ. ඉදිරියට යෑමේ ශක්තිය හා ධෛර්යය අද දිනයේ සෑම කටයුත්තකදීම ඔබට ප්‍රදානය කරයි. පැරණි දේ ගැන ඇල්මක් හා කතාවක් ඇති වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
ගමන් බිමන් අධික කරවන දිනයකි. කරන කටයුතුවලින් වැඩි ලාභ ලැබීමේ හැකියාව අද දිනය තුළ ඇත. තම හැකියාව ඔප් නංවා ගැනීම පිණිස කටයුතු ආරම්භයට අද දිනය සුබයි. ඔබගේ දක්ෂතා වැඩි පිරිසකගේ ඇගයිමට ලක් වේ. පිරිසක් මෙහෙයවා කටයුතු කිරීමේ වගකීම ඔබට පැවරේ. නව මිතුරන් පිරිසක් ද හඳුනා ගැනේ. හවුල් ව්‍යාපාර  කටයුතු ආදිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීම අද දිනයේ සිදු වේ දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. නිම කරමින් තිබී අතරමඟ නතර කළ කාර්යයක් අවසන් කිරීමට හැකි වේ. කාලත්‍රයාට අසනීප ඇති කරයි. දන්ත අක්ෂි සහ අසාත්මිකතා පිළිබඳ රෝගවලින් ඔබ පීඩාවට පත්විය හැකිය. දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. බොහෝ විට අසනීපයෙන් පසුවන අයකුගේ දුක් සැප බැලීමට පුළුවන. ආගමික භක්තිය වැඩි කරවයි. ඉවසිලිවන්තභාවය ප්‍රගුණ කිරීම සඳහා භාවනා සඳහා සිත යොමු කරන්න. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
පතල් හා  භූමි ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. නව නිර්මාණ ග්‍රන්ථකරණ වැනි අංශවලින් ජනප්‍රියත්වයට පත් වීමට කරුණු යෙදේ. හොඳ නිර්මාණ බිහි කළ හැකි දිනයකි. යුගදිවි සබඳතා සුවදායක නොවේ. රහසිගත කටයුතු කිහිපයක් ඔබ අතින් වේ. රැකියාවේ කටයුත්තක් සඳහා ඔබ බොහෝ පිරිසක් අතර නායකත්වයට පත්වේ. ඥාතියකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් ද යෙදිය හැකිය. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.
👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-05-01 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-05-01 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, May 01, 2020 Rating:

0 comments:

Post a Comment