කඩේ රසට Fried Rice හදන විදිය (How to Make Fried Rice In The Taste Of The Shop) | Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පිසගත් බත් අවශ්‍ය පමණ ( සම්බා වර්ග තමා හොඳ )
අනෙක් ද්‍රව්‍ය බත් ප්‍රමාණයට අවශ්‍ය පමණ යොදා ගන්න
  • කැරට් ( සිහින් පෙති කපා ඒ පෙත්ත දෙකට මැදින් කපා සිහින් තීරු කපන්න )
  • ලීක්ස් ( කොළ කුඩාවට කපා )
  • ගෝවා ( කුඩාවට ලියා ගන්න )
  • සුදුළූණු ( කුඩාවට කපා)
  • ඉගුරු ටිකක් ( කුඩාවට කපා )
  • බිත්තර ( ටිකක් වැඩිපුර ගත්තාම රසයි )
  • ෆිෂ් සෝස්
  • ඔයිස්ටර් සෝස්
  • සෝයා සෝස්
  • චිලි පේස්ට්
  • නෝර් කියුබ් එකක් ( රස අනුව ගන්න )
  • බටර්
  • තෙල් ටිකක්
  • තල තෙල් ටිකක්
  • ලුණු
සාදන ක්‍රමය:

1. බිත්තර වලට ලුණු ස්වල්පයක් එක්කර, බටර් ටිකක් රත්කර එයට දමා කැබලි කර සකසා ගන්න.
2. බත සැකසීමට භාජනයක් ගෙන තෙල් ටිකක් හා බටර් ටිකක් දමා රත්කර එයට ඉගුරු, සුදුළූණු දමා බැදෙන්නට හරින්න.
3. ටිකකින් එයට කැරට් එක්කර ටික වේලාවක් පිසගන්න.
4. සුළු වේලාවකින් එයට ලීක්ස්, ගෝවා මිශ්‍රකර බිත්තර කැබලිද එක්කර ගන්න.
5. එයට සෝස් වර්ග රස අනුව එක්කර ගන්න. රස වැඩියෙන් හෝ අඩුවෙන් කැමති ලෙස
6. සුප් කැටයද කුඩුකර හොදින් මිශ්‍රකර ගන්න.
7. චිලි පේස්ට් එක්කර ගන්න. චිලි පේස්ට් ටිකක් වැඩිපුර එක්කිරීමෙන් රසය හා බත් එකේ වර්ණය වැඩිවේ.
8. එයට බත් මිශ්‍රකර, රස අනුව ලුණු එක්කර ගන්න.
9. අවසානයේ තල තෙල් ටිකක් මිශ්‍රකර ගන්න.

මේ බත හදනකොට මම කරන වෙනස්කම්
1. මම සුප් කැට ගන්නෙ නෑ.
2. මම සෝස් වර්ගත් ගොඩාක් පාවිච්චි කරන්නෙ නෑ රස දැනෙන ගානට තමා දාන්නෙ .
3. මම අවසානයේ ළූනු කොළ ටිකක් වැඩිපුර මිශ්‍රකර ගන්නවා මගේ කැමැත්තට.

මම ඔයාලට දුන්නෙ මුල් රෙසිපි එක. අවශ්‍ය විදියට දේවල් වල රස අඩු වැඩි කරගන්න ඔයාලට පුළුවන්.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කඩේ රසට Fried Rice හදන විදිය (How to Make Fried Rice In The Taste Of The Shop) | Your Choice Way කඩේ රසට Fried Rice හදන විදිය (How to Make Fried Rice In The Taste Of The Shop) | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2020 Rating: 5

0 comments:

Post a Comment