බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පුඩිම (Bread & Butter Pudding)

අපි අද මේ සුදානම පාන් වලින් සකස් කරගත හැකි අතුරුපසක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

හැම ගෙදරකම තුන් වේලට බත්, මළු පිනි උයනවට අමතරව මොන මොනවහරි කෑම ජාතියක් හදනවා.හැමදාම නැති උනත්  සති අන්තයේ නිවාඩු දවසක ඕනෑම ගෙදරක මෙවැනි කෙටි ආහාරයක් සදා රසවිඳින්න හමෝම රුචියක් දක්වනවා.ඉතින් අපි අද මේ ඔබව දැනුවත් කරන්නේ එවැනි අවස්ථාවකදී සාදාගැනීමට හැකි අතුරුපස ආහාරයක් ගැනයි.අපි බලමු කොහොමද මෙය සකසා ගන්නේ කියලා.
www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය:www.yourchoiceway.com
  • සීනි  100g
  • වැනිලා තේ හැඳි 02
  • බිත්තර 02
  • ෆ්‍රෙෂ් මිල්ක් 200ml
  • වියළි මිදි ස්වල්පයක් www.yourchoiceway.com
  • ඇන්කර් බටර් 75g
  • පාන් ගෙඩි 01
  • චෙරි ස්වල්පයක්
www.yourchoiceway.com
සාදන ක්‍රමය:www.yourchoiceway.com
  1. මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් විනාඩි 05ක් හෝ 07ක් පමණ රත්කර ගන්න.
  2. භාජනයක් ගෙන එයට සීනි,වැනිලා,බිත්තර දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  3. පසුව එයට රත්කර ගත් ෆ්‍රෙෂ් මිල්ක් එක දමා හොදින් කලවම් කර ගන්න. එය සාමාන්‍යයෙන් බුබුළු දමන තෙක් කරන්න.
  4. පසුව ට්‍රේ එකක් ගෙන එයට තෙල් කඩදාසියක් දමා එහි බටර් ස්වල්පයක් ගා ගන්න. www.yourchoiceway.com
  5. පසුව එයට උඩින් වියළි මිදී දමා ගන්න.
  6. ඉන්පසුව පන් ගෙඩිය පෙති කපාගෙන එහි බටර් ගා ගන්න.පසුව එයට උඩින් සීනි ස්වල්පයක් දමා ගන්න.
  7. බටර් ගා ගත් පාන් පෙති ත්‍රිකෝණ හැඩය සේ කපා ගන්න.
  8. ත්‍රිකෝණ හැඩයට කපාගත් පාන් පෙති මුලින් සකසාගත් ට්‍රේ එකේ දිග අතට සිටින සේ තබන්න.www.yourchoiceway.com
  9. පසුව එම තැබූ පාන් පෙති උඩට මුලින් සකසාගත් ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා ගන්න.
  10. ඉන්පසු නැවත එය උඩින් පාන් පෙත්තක් දමා ගන්න.
  11. නැවත ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා ගන්න.
  12. මෙය තමන්ට අවශ්‍ය පරිදි තට්ටු කිහිපයක් සකසා ගන්න.
  13. පසුව එය 160͑C ක් උෂ්ණත්වයේ පැයක  පමණ කාලයක් බේක් කරගන්න.
  14. අවසානයේ එය සමචතුරස්‍රාකාර හැඩය සිටින සේ කපා අවශ්‍ය නම් උඩින් චෙරි ගෙඩියක් දෙකට කපා තබන්න.www.yourchoiceway.com
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌


View my Flipboard Magazine.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පුඩිම (Bread & Butter Pudding) බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පුඩිම (Bread & Butter Pudding) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2020 Rating: 5

0 comments:

Post a Comment