උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ලොව්තුරු බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.

සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම සහ බුදු පියාණන්වහන්සේගේ පිරිණිවන් පෑම වෙසක් දින සිදුවූ සුවිශේෂී සිදුවීම් බවට බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.

බුදුන් වහන්සේ සුමේධ නම් තාපසයෙකු ලෙස එක් ආත්ම භවයක ඉපිද දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකදීයි.

එසේම බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කළ ආනන්ද මහතෙරුණ් වහන්සේ පිරිනිවන්පෑම සිදුකළේ ද අදවන් දිනකයි.

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ඇරඹි සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනයේ වීම විශේෂත්වයක්.

බුදු හිමියන් බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කිරීම, විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම වැනි ‌‌ඓතිහාසික සිදුවීම් රැසක් මෙම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ සිදුව තිබෙනවා.

රටේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සමරණ ලෙසයි රජය බෞද්ධ බැතිමතුන්ට දැනුම් දෙන්නේ.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2020 Rating: 5

0 comments:

Post a Comment