බෙල්ලෙන් කියවෙන අනාවැකි

කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ ගෙල විවිධා කාරයි මේ ඔබගේ ගෙලෙහි ඇති රැලි වලින් කියවෙන රහස් කිහිපයක් පැරැණි ඍෂිවරු එමඟින් ඔවුන්ගේ එම ලක්‍ෂණ බලා විවිධ චරිත ස්වභාවයන් ප්‍රකාශ කළහ. එය දේහ ලක්‍ෂණ විද්‍යාවේ මහඟු හාස්කමක් ලෙස සැලකේ. කෙනකුගේ ගෙලෙහි පිහිටීම අනුවද කියා ඇති අනාවැකි බොහෝය. මෙම පිහිටීම් ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම පොදු වන බවද සැලකිය යුතුය. කෙටි බෙල්ලක් හිමි කාන්තාවට සිහින් මධුර කටහඬක් හිමිය. නිතර නිවෙසින් බාහිරව ගත කිරීමට ඇති ආශාවද, පවුලේ අයට ඇති කරුණාවද, තැන්පත් බවද දායාද කොට ඇත. පාරම්පරික උරුමයන්ට හා චාරිත්‍රයන්ට ගරු කරයි. අනුකම්පාශීලී බව ඔප්නැංවී ඇත. ආගන්තුක සත්කාරවලට කැමැති ඔවුන් තියුණු බුද්ධියකින් යුතුය. විශේෂයෙන් මෙවැනි ගෙලක් සහිත කාන්තාවන්ගේ ගෙල පිටුපස පිටට නෙරා ගිය ස්වභාවයක් ඇත. ඔවුන් තුළ දැකිය හැකි තවත් ලක්‍ෂණයක් වනුයේ මුහුණත්, බෙල්ලත් අතර ඇති සුළු ඉඩ ප්‍රමාණයයි. එයට හේතු වන්නේ ගෙල ඉතා මහතින් යුතුව පිහිටා තිබීමය. එවන් ලක්‍ෂණ ඇති කාන්තාවන්ගේ විවාහක පුරුෂයන්ද බොහෝ විට උසස් තත්ත්වයකට පත්විය හැකිය. පෙර කළ පින් ඇති ඔවුන් ලෞකික සියලු සැප සම්පත් උරුම කර ගැනීමට තරම් වාසනාවන්තියෝ වෙති.
බොහෝ සෙයින් සිහින් දිගු ගෙලක් හිමි කාන්තාව ඉතා දුෂ්ට, නපුරු ගතිගුණවලින් යුක්තය. තම විවාහක පුරුෂයාගෙන් පමණක් සෑහීමකට පත්නොවන ඇය පර පුරුෂයන්ගේ ඇසුර පතන්නීය. දැඩි සේ හිතුවක්කාර වන අතර කලහකාරීය. තම පණ මෙන් චරිතය ආරක්‍ෂා කරන තම සැමියාට හා දරුවන්ට ඉමහත් ලෙස ආදරය කරන කාන්තාවන්ගේ ගෙල තරමක නැවීගිය ආකාරයෙන් පිහිටා ඇත බෙල්ලේ ඉදිරිපස රැලි තුනක් පිහිටි ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද ඔබ දැක ඇති. එවන් ලක්‍ෂණ ඇති අය ඉතාමත්ම වාසනාවන්ත බව පැරැණි ඍෂිවරුන් සඳහන් කර ඇත. ඉතා පැහැදිලි ආකාරයෙන් එම රේඛා තුන දිස්වන්නේ නම් ඔවුන්ට සියලු සම්පත් මෙන්ම දීර්ඝායුෂද හිමිවන බව කියැවේ. ඔවුනට තමන්ගේ දරු මුනුපුරන් විවාහයට පත් වෙන තුරුම ජීවත්වීමට හැකියාවක් ලැබෙයි. සියලු කාර්යයන්හි දක්‍ෂ මොවුන් තම උත්සාහයෙන් දියුණුව ළඟාකර ගනී. ධනවත් අයකු සමඟ වාසනාවන්ත විවාහයකට උරුමකම් කියයි ඇතැම් අයගේ බෙල්ල සුනඛාදීන්ගේ මෙන් දික්්ව පිහිටා ඇත. එවන් අය ඒකාන්තයෙන්ම දිළිඳු භාවයට පත්වන බව පැරැන්නෝ දක්වා ඇත. මඳක් මහත් වූද, බොහෝ සෙයින් දික් වූද බොහෝ කොට වූද රේඛා කීපයක් පෙනෙන ආකාරයට පිහිටි උගුරුදණ්ඩද යන මෙම ශ්‍රී වා ලක්‍ෂණ පිහිටියේ නම් අසුබදායක වේ.

දිලිසෙන පියුම්පතක් හා සමාන ප්‍රියජනක ආකාරයේ ගෙලක් පිහිටියේ නම් විදේශ රටවල සංචාරය කිරීමේ වාසනාවද ධනවත් භාවයද ඇතිවේ. කළයක් හා සමාන පුෂ්ටිමත් ගෙලක් පිහිටියේ නම් ඔවුන් හට නොයෙකුත් දුක් කරදරවලට මුහුණදීමට සිදුවනු ඇත. පුරුෂ ගති හා ලෝභීභාවයද අසන්නන්ගේ සිත් දූෂ්‍ය කරවන රෞද්‍ර වචන පාවිච්චි කරන බවද උපකාර කළ අයට ප්‍රති උපකාර නොකරන බවද ප්‍රයෝගයෙහි සමර්ථ බවද කියැවේ ප්‍රමාණයට වඩා පළලින් මෙන්ම උසින්ද පිහිටා ඇති ගෙල හිමි අය උත්සාහවන්ත වන අතර ආගම දහමටද ළැදිව ක්‍රියාකරයි. ගෙල ප්‍රමාණයට වඩා දිග පළලින් යුක්ත වූයේ නම් ඇය අන්‍යයන්ට කරදරකාරීය. හැම විටම අන් අයගේ ‍ෙදාස් දකින ඔවුන් කේලාම්කාරීය. ගුණධර්ම අගය නොකරයි. උගුරුදණ්ඩ බේරී රෝමකූප ඇති ස්ත්‍රිය පුරුෂයාට අපල ඇති කරන අතර බොහෝ විට ඔහුගෙන් වෙන්වීමටද සිදුවිය හැකිය.

බෙල්ලෙහි පිට දෙපැත්තෙහි මොල්ලියක් සේ පිරුණු බවින් යුක්ත අය ධන ධාන්‍යයෙන් ආඨ්‍ය වන බවද පැවැසේ. දිගැති බෙල්ලක් ඇතිව උපත ලැබූ කාන්තාවන් සුළු දෙයකින් පවා කෝපයට පත්වන කේන්තිකාරියක් වෙයි. බෙල්ල ප්‍රමාණයට වඩා මහත් වූ අය කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි නොවේ. ඔවුන් කිසිම විටෙක කතා කරන දේ ක්‍රියාත්මක කරන අය නොවේ ඉදිරියට මඳක් නැවී ගිය බෙල්ලක් ඇති කතුන් කවදත් දිළිඳු තත්ත්වයේ වෙසෙයි දුප්පත් වුවත් ඔවුන් තමන්ගේ නැතිබැරිකම් අන් අයට නොපෙන්වයි. අන් අයට අත නොපා තම උත්සාහයෙන් ධනය උපයාගෙන ජීවත්වීමට වෙහෙස දරයි. කිසිම විටෙක තම චරිතයට කැළැලක් ඇතිකර නොගන්නා ඔවුන් තම ආත්ම ගරුත්වය පණ මෙන් ආරක්‍ෂා කරයි. අනුකම්පාශීලී බව, නිරතුරුවම ත්‍යාගශීලී බව ඔවුන් තුළින් කැපී පෙනෙයි. අහංකාර බවින් තොර විනීත බව නිසා මතුවන ඉවසීමද පැහැදිලිව දැකිය හැකිය. ඉක්මනින් උදේ‍යාගිමත් වීමද එමෙන්ම වේගයෙන් කලකිරීමද ඇයගේ සිරිතය.

බෙල්ල ඉදිරිපස රෝම සහිත සුළියක් පිහිටි කාන්තාව ස්වකීය පරපුරට නොගැළපෙන දෑ කරන්නීය. ඔවුන් හට ස්වාමි භක්තිය නොපිහිටයි. ජීවත්වන පරිසරය අයහපත් වුවහොත් අනාචාරයටද පෙලඹිය හැකිය එමෙන්ම බෙල්ලෙහි ඉදිරිපස තයිරොයිඩ් ග්‍රන්ථිය තිබෙන ස්ථානයට මතුපිටින් ඉතා ළංව කළු ලප දෙකක් පිහිටා ඇත්තේ නම් එය ඉතා වාසනාවන්ත සලකුණකි. ධනවත් පවුලක උපත ලැබූ ඇය සියලු යස ඉසුරු ලබන්නීය.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බෙල්ලෙන් කියවෙන අනාවැකි බෙල්ලෙන් කියවෙන අනාවැකි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2020 Rating: 5

0 comments:

Post a Comment