එක්ව වගා කල හැකි එලවළු | Your Choice Way

ජාතික ගෙවතු වගා කිරීමේ සංවිධානයට අනූව පවුල් වලින් 30%කට අධික පවුල් සංඛ්‍යාවක් තම ආහාර නිවසේදීම හෝ ප්‍රජා උද්‍යාන වල වගා කිරීම සිදු කරයි.ගෙවතු වගා කිරීම ජනප්‍රිය වෙමින් පවතින අතර එමනිසා පස හෑරීමට පෙරාතුව ඊට අදාල නිවැරදි සිද්ධාන්ත ගැන දැනුවත් වී තිබීම අත්‍යාවශ්‍ය වේ.
මේ සදහා වගා කරන ක්‍රම,සුදුසු කාල වකවානු සහ හොඳ අස්වැන්නක් ලැබීමට නම් තම ගෙවත්තේ වගා කල යුතු එලවලු වර්ග දැන සිටීම වැදගත්‍ වේ. අපි මෙහිදී විවිධ කාල වකවානු වල පැලවෙන එලවලු වර්ග හොඳම තත්වයෙන් ලබා ගැනීමට ඔබට උදව් කිරීමේ අරමුණින් ගෙවත්තේ එලවලු නිසි පරිදි සකසන ආකාරය පිලිබඳ ප්‍රයෝජනවත් කරුණු කිහිපයක් ඔබ සමග බෙදාහදා ගැනීමට කැමැත්තෙමු . 

සාර්ථකව එකට වගා කල හැකි එලවලු වර්ග

01.)තක්කාලි සහ කැරට්
ලුවිස් රියෝට් සහ ඇගේ Carrots Love Tomatoes නම් කෘතියට අනූව මෙම සගයන් දෙදෙනා ඉතාම හොදින් ගැලපෙන සංයෝජනයකි. කැරට් වඩාත් සිසිල් සහ තෙත පසකට කැමති වන අතර තක්කාලි විසින් ඊට සුදුසු ලෙස තරමක සෙවණ සහ ආර්ද්‍රතා මට්ටමක් සපයන අතර කැරට් වල හිස/උඩ කොටස පලිබෝධකයින්ගෙන් තක්කාලි ආරක්ෂා කරයි.එසේම ඒවායේ මූල පද්ධතීන් එකිනෙකට බාධාවක්ද නොවෙයි .ඊට හේතුව කැරට් මූල බෝගයක් වීමත් තක්කාලි පොලව මට්ටමෙන් උඩත් සෑදීම නිසාය.

02.)ගෝවා සහ කැමොමයිල්
මෙම දෙවර්ගය එක්ව ගෙවත්තේ වගා කිරීම ප්‍රයෝජනවත්‍ වේ. ඊට හේතුව එම මල් විසින් බ්‍රැසිකා ගණයට අයත් ගෝවා වැනි බෝගයන්ට හිතකර කෘමීන් ආකර්ශනය කරගන්නා බැවිනි.

03.)ළූනු සහ බ්‍රොකොලි
ළූණු බ්‍රොකොලි සදහා ඉතාම හිතකර ශාකයකි.ළූණු විසින් බ්‍රොකොලි වල රසයද වැඩිදියුණු කරයි. ළූණු ශීත සමයන්හි වඩාත් හොදින් වැවෙන අතර උණුසුම් දේශගුණය ප්‍රිය නොකරයි.ළූණු කොල විසින් ගෝවා ඍජු හිරු එලියෙන් ආවරණය කරමින් තරමක සෙවණද සපයයි.

04.)පැණි කොමඩු/වට්ටක්කා කුලයේ ශාක සහ මල් පිපෙන ඖෂධීය ශාක
පරාගනය කිරීම සිදුවීම අත්‍යාවශ්‍ය පැලෑටි ඉතා හොඳ සංයෝජනයන් නිර්මාණය කරයි. ආකර්ශනීය සුවදින් යුත් මල් පිපෙන ඖෂධීය ශාක වන පාර්ස්ලි, රෝස්මෙරි, ලැවෙන්ඩර් සහ උළුහාල් වැනි ශාක කොමඩු සහ වට්ටක්කා කුලයේ ශාක වලට වැදගත් වන කෘමීන් ආකර්ශනය කරයි.

05.)රාබු සහ නිවිති
රාබු සහ නිවිති යනු තවත් එක් හොඳ සංයෝජනයකි. රාබු විසින් නිවිති වෙත එන පලිබෝධකයින් පලවා හරියි. මෙම පරපෝෂිතයන් රාබු කොල වලට හානි කලද රාබු වල ආහාරයට ගන්නා කොටස වන මුල වෙත හානි කිරීමට අසමත්‍ වේ.

06.)බෝංචි සහ වට්ටක්කා කුලයේ ශාක
වට්ටක්කා ,බෝංචි සහ ඉරිගු යනු ගෙවතු වගාවේදී “3න් සහෝදරියන්” ලෙස සලකන එලවලු ත්‍රිත්වයයි.මෙය ස්වදේශික ඇමරිකානුවන් විසින්ද එකට වගා කර ඇත. ඉරිගු බඩ විසින් බෝංචි පැල උස්ව හා ශක්තිමත්ව වැඩීමට උපකාරී වන අතර අවට ඇති ශාක වල පිරිපුන් වර්ධනයට අවශ්‍ය වන නයිට්‍රජන්ද පසට ලබා දේ. වට්ටක්කා විසින් එහි විශාල කොල මගින් පොලවේ සෑදෙන වල් පැල හා සටන් කිරීම සිදු කරයි.

07.)සලාද සහ සුදු ළූණු
එකිනෙකට වෙනස් ගුණ දරන බෝග එකට වගා කිරීම “අන්තර් වගාව” ලෙස හදුන්වන අතර ඇතැම් සමීක්ෂණ හෙලි කරන ආකාරයට එය ඉතා ඵලදායි වගා ක්‍රමයකි. එමනිසා ළූණු කොල සහ සුදු ළූණු උස්ව වැඩෙමින් උණුසුම් දේශගුණ තත්ව වලදී සලාද කොල සදහා හොඳ සෙවණක් සපයයි .එසේම එය සලාද සදහා වඩාත් බහුල ගැටළුවක් වන කුඩිත්තන් සදහාද ස්වභාවික කෘමි විකර්ශකයක් ලෙස ක්‍රියා කරයි.

08.)පිපිඤ්ඤා(cucumber )සහ මෑ
මෙම දෙවර්ගය එක්ව වගා කිරීම බොහෝ ප්‍රයෝජනවත් වේ.මෑ වල මූල පද්ධතිය සහ වැඩිදියුණු වූ නයිට්‍රජන් මට්ටමක් ඇති පස පිපින්‍යා විශාලව සහ නිරෝගිමත්ව වැඩීමට උපකාරී වේ.

සාර්ථකව එකට වගා කල නොහැකි එලවලු

01.)තක්කාලි සහ අර්තාපල්
ඉංග්‍රීසි භාෂාවෙන් මේවායේ නම් තරමක් සමාන වුවද (potatoes and tomatoes) මේවා එකිනෙකෙන් ඈත්ව තැබීම වඩා සුදුසුය. මේවාට සමාන දිලීර රෝග (අංගමාරය) කලින්ම හෝ පසුව ඇති විය හැකි අතර එකකට ඇතිවන දිලීර ගැටලුවක් වහාම අනෙකාටද ගැටලුවක් විය හැක.

02.)ඉරිගු සහ තක්කාලි
මෙම එලවලු වර්ග දෙකටම පොදු සතුරෙකු ඇති බැවින් මොවුන් මිතුරන් යැයි ඔබ සිතන්නේ නම් ඔබට වැරදීමක් වී ඇත. ඉරිගු සහ තක්කාලි යන දෙකටම එකම දිලීර රෝගය වැලදෙන බැවින් එකිනෙකට ආසන්නව මෙවා වගා කිරීමෙන් පරපෝෂිතයන්ට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බාගත හැක.

03.)පිපිඤ්ඤා සහ අග්ගිස් කොල
ඇසූ පමණින් නවතම රූපලාවණ්‍ය ආලේපනයක නමක් මෙන් දැනුනද ගෙවත්තේදී මේ දෙපල මිතුරන් නොවේ. කොටින්ම, පිපින්‍යා කිසිදු සුගන්ධවත් ඖෂධීය ශාකයකට ප්‍රියතාවයක් නොදක්වයි. ඒවායේ සුවද පිපින්‍යා වල රසයේ වෙනසක් ඇති කරමින් අමිහිරි රසයක් ලබා දීමට හේතු වේ.

04.)රාබු සහ හිසප්(hyssop)
හෙලන් ෆිල්බ්‍රික්ට අනූව රාබු අසලක හිසප් පැලෑටියක් තිබීම අහිතකරය .එයට හේතුව හිසප් රාබු වලට හානි කරමින් දරුණු ස්වභාවයක් පෙන්වීමට ඉඩකඩ තිබීමයි. එසේ වුවද හිසප් සම්පූර්ණයෙන් සතුරෙකු නොවෙයි. හිසප් පැලෑටි ගෝවා සලබයන් පලවා හරින අතර ස්වභාවික කෘමි විකර්ෂකයක් ලෙස ක්‍රියා කරමින් මිදි වල වර්ධනයට උපකාරී වේ.

05.)ළූණු සහ මෑ
ඔබට ලුණු රසැති ආහාරයක් පිසින විට ළූණු සහ මෑ එකට යොදා ගත හැකි වුවත් ගෙවත්තේදී ඒවා හැකි තරම් ඈත්ව තැබීම හිතකරය. ළූණු (සහ එහි ප්‍රභේද වන සුදු ළූණු ආදිය) විශාල මූල පද්ධතියක් වර්ධනය කරගන්නා අතර එමගින් බෝංචි සහ මෑ වැනි ශාක වල මූල පද්ධතීන්ගෙන් පෝෂණය අවශෝෂණය කරගනී.
👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එක්ව වගා කල හැකි එලවළු | Your Choice Way එක්ව වගා කල හැකි එලවළු | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2020 Rating: 5

0 comments:

Post a Comment