ප්ලාස්ටික් බොතලෙන් A/C එකක් හදමු | Your Choice Way

ප්ලාස්ටික් බොතල් වලින් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හැදෙනවා,එක අපි කවුරුත් දන්න දෙයක් එ නිසා මෙවා නැවත භාවිතයට පහසු ක්‍රම අප සොයා ගත යුතුයි.ප්ලාස්ටික් නැවත ප්‍රතිනිර්මානය කර විවිධ දේ බවට පත් කළ හැකියි. අන්තර්ජාලයෙහි මිනිස් ක්‍රියා කාරකම් බොහො තිබුනත් ගොඩක් අය එ ගැන දන්නෙ නැහැ,ඉතින් අපි කැමතියි එ තුලින් කිහිපයක් ඔබ සමග බෙදා ගන්න. දිපතිමත් පැත්ත බැලිමට හාත්ස්‍ය ධනාත්මක සිතුවිලි සහා යහපත් ක්‍රියා හැම විටකම අපව පොලබනවා.ඔයාලගෙ පැරණි බොතල් වලට ජිවයක් දෙන්න පුලුවන්ද කියලා එ අත් දැකිම අපි සමගත් බෙදා ගන්න.
01.) AC එකක් හදන්නත් පුළුවන්
ප්ලාසටික් මෙගා බොතල් වලට වතුර පුරවලා අයිස් කැට කර ගන්න,පුලුවන් තරම් අයිස් දිය වෙන්නේ නැති පෙට්ටියකට දා ගෙන පියන වසන්න,දැන් පියනෙන් රවුමට ලොකු පියන් දෙයක් කපන්න කලින් ප්‍රමාණය මැන ගනන ඔන පොඩි fan තියෙනවා එකක් ගන්න එතකොට වැඩෙ ලෙසි,ඉට පස්සෙ සිතල පිට වෙන්න පුලුවන් මහත බටයක් ගන්න ප්‍රමාණය මැනගෙන දැන් පියන් දෙක කපාගෙන fan එකෙ මුන ඇතුලට දා ගන්න පුලුවන් විදියට හදා ගන්න,බටෙත් හරියට සෙට් කරගෙන fan එක දාලම බලන්නකො.

02.සින්ක් එක ලග ස්පොන්ච් එකෙ දියසෙවල ද?
එහෙමනම් ප්ලාස්ටික් බොතලයක යට කොටස කපා ඉවත් කර කරාමය තුල පොකට් එකක් ලෙස මෙය රදවන්න, භාවිතයෙන් පසු ස්පොන්ච් එක එ තුලට දමන්න.

03.Book table එකටත් භවිතා කරමු

පොත් මේසය හැම වෙලෙම හැඩි වෙනවා පොඩි පොඩි දෙවල් නිසා ඉතින් ප්ලාස්ටික් බොතලයක උඩ කොටස කපා ඉවත් කරලා පෑන්, මාර්කපෙන්,මකන, කටරය වගෙ දේවල් දාලා තියන්න,ඔයාට පොඩි පොඩි දෙවල් ගන්න අමාරු නිසා බොතලෙ යටින් පොඩි කවුලුවක් කපලා තියා ගන්න.

04.වහනය පිරිසිදුව තියා ගමු
ගොඩක් වෙලාවට වාහනය තුල කූඩයක් භාවිතා කිරිම හරිම අපහසුයි.ගොඩක් වෙලාවට මගින්ටත් එ තුල ගමන් කිරිම කරදරකාරි අත් දැකිමක් වෙන්නත් පුලුවන්,ඉතින් ප්ලාස්ටික් බොතලයක යට කොටස කපා ඉවත් කර නුලක ආදරයෙන් seat එක පිටුපස එල්ලා එය භාවිතයට ගන්නත් පුලුවන් (වැස්ස කාලෙකදි කුඩයක් තියන්න,කොළ කැබලි දාන්න).

05.ඔයාලට ශිතකරණයේ උෂ්ණත්වය බලන්න ඔනෙද?
ප්ලාස්ටික් බොතලයක මුඩිය වහන්නෙ නැතිව උෂ්නත්ව මානය දාලා ශිතකරණයේ තියන්න.

06.ගෙවතු අලංකරනයට
මල් පැල වලට වතුර දාන්න පින් වීල් එකක් විදියට,ගෙවත්තක් නැති අයට මෙගා බොතල් වල පැළ හිටවලා එල්ලන්නත් පුලුවන් ප්ලාස්ටික් වලට නව ප්‍රානයක් දෙන්න පුලුවන් අලුත් අදහස් ඔයාටත් තියෙනවනම් අපිත් එක්ක එ දෙවල් බෙදා ගන්න අමතක කරන්න එපා,ඔයාගෙ අලුත් අදහස් අපිට කියලා අපිට හුස්මක් වෙන අපේ පරිසරය බේර ගමු.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌



උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ප්ලාස්ටික් බොතලෙන් A/C එකක් හදමු | Your Choice Way ප්ලාස්ටික් බොතලෙන් A/C එකක් හදමු | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2020 Rating: 5

0 comments:

Post a Comment