ලෝකයේ ලස්සනම කාන්තාව චීනයෙන් හමුවෙයි | Your Choice Way

ලෝකේ ලස්සනම කාන්තාව කවුද කියලා ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද? කෙනෙක් කියයි ප්‍රියංකා චොප්‍රා කියලා. තව කෙනෙක් කියයි අනුෂ්කා ෂර්මා කියලා. තව කෙනෙක් කියයි නෑ එයා තමයි මගේ වයිෆ් කියලා. මොනවා වුනත් ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්.
මොනවා වුනත් වසර 2000 කට කලින්, මේ ලෝකේ ජීවත් වුන ලස්සනම කාන්තාව තවමත් ඉන්නවා. හැබැයි ජීවතුන් අතර නොවේ. මමියක් විදිහට.
මමියක් කිව්ව ගමන් ඉතින් දන්නවනේ. මෙයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. මෙයා ඇවිල්ලා රජ බිසවක්. මෙයා ඉදලා තියෙන්නේ චීනයේ.( බය වෙන්න එපා. ඒ කාලේ කොරෝනා තිබිලා නෑ). මෙයාගේ නම තමයි “ඩායි”.මෙයාට තව නමක් තියෙනවා “ ෂින් හුයි” කියලා. මොනවා වුනත් මෙයාගේ ලස්සන නිසාම මෙයාට පුළුවන් වෙනවා චීනයේ ඒ කාලේ හිටපු රජතුමාගේ බිසව වෙන්න. ලස්සනට වුනාට මොකද රජ බිසව වුනාට පස්සේ ලැබුන සැපත් එක්ක මෙයාගේ කට පාලනය කරන්න බැරි වෙලා තියෙනවා.
ඒ කියන්නේ හොදට කාලා බීලා තියෙනවා. ඉතින් මෙයා මැරිලා තියෙන්නේ ශරීරයේ අධික බර හා දියවැඩියාව නිසා.ඒ අවුරුදු 50 දී. මේ මමිය පළමුවෙන්ම ලැබිලා තියෙන්නේ චීනයේ කම්කරුවන් පිරිසකට. මොනවා වුනත් චීනෙන් ලැබුණ වෙනත් මමී වලට සාපේක්ෂව මෙම මමිය ඉතා හොද තත්ත්වයේ තියෙනවා. වැඩේ කියන්නේ මේ මමියේ සම හා හිසකෙස් ආදීය තවම හොදට පිහිටලා තියෙනවා.නිකන් අද ඊයේ මැරුණ කෙනෙක් වගේ.මැරුණට පස්සේ මොනවත් අරන් යන්නේ නෑ කිව්වට මොකද මෙයා කාන්තාවකට නැතිවම බැරි දේත් අරන් යන්න තමයි හදලා තියෙන්නේ.
ඒ තමා මේකප් පෙට්ටිය. ඒක මෙයාගේ මමිය ළගම තිබිලා හමුවෙලා තියෙනවා.ඉතින් දැන් ඔයාලට ප්‍රෂ්ණයක් එන්න පුළුවන්. චීන්නූ කොහොමද නරක් නොවී මෙච්චර කාලයක් මෙම මමිය තියාගත්තේ කියලා. මේවා ඉතින් දැවෙන ප්‍රෂ්ණ. ශීතකරණයක දාල තියන්නත් බෑනේ. මොකද ඒ කාලේ ශීතකරණ තිබ්බේ නෑනේ. ඒකට හේතුව තමයි මේ අය මෙම මමිය හොදට සීල් කරලා තිබිලා තියෙනවා. ඔයාට ඕලෙවල් විද්‍යාව මතකනම් මතක ඇති ශරීරයක් දිරාපත් වන්නෙ බැක්ටීරීයා නිසා.
ඉතින් මේක සීල් කරලා තිබ්බ හැටියට බැක්ටීරියාවක් නෙමෙයි වයිරසයකටවත් එන්න බෑ. මමිය මිනී පෙට්ටියක් ඇතුලේ මිනීපෙට්ටියක් වෙන විදිහට පෙට්ටි හතරක දාලා තව සුපිරිම ද්‍රව්‍ය කීපයකුත් යොදා ගෙන සීල් කරලා තිබුනා. ඒ තමා "ක්ලේ සහ ගල්අගුරු" මොනවා වුනත් ඉතින් මෙම මමිය ගෙන පරීක්ෂණ කටයුතු තවදුරටත් පැවෙත්වෙනවා. ඔන්න එයා අන්තිමට කාපූ දෙත් හොයා ගෙන. ඒ තමා මෙලන්. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ලිපිය වැදගත් කියලා හිතෙනවනම් ශෙයා කරන්න අමතක කරන්න එපා.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ ලස්සනම කාන්තාව චීනයෙන් හමුවෙයි | Your Choice Way ලෝකයේ ලස්සනම කාන්තාව චීනයෙන් හමුවෙයි | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2020 Rating: 5

0 comments:

Post a Comment