හුස්ම ගිය පූජකයෙක් කතා කරයි | Your Choice Way

හුස්ම ගිය කෙනෙක්ට කතාකරන්න පුළුවන්ද? පුළුවන්.ඒ දේවාල වල. මලවුන් සමග කතා කරයි කියලා ඔය බෝඩ්වල ගහලා තියෙන්නේ. දේවාල වල කපුවන් කෙසේ වෙතත් ඔන්න විද්‍යාඥයොනම් ඒ වැඩේ කරලා. ඔයාලට බන්ධනය ෆිල්ම් බැලුවනම් ඔයාලට මතක ඇති මැරුණු කෙනෙක්ට පන දෙන හැටි. කොහොමද.. ඒ වගේ මැරුණු කෙනෙක් නැගිටලා ඔයාට කතාකලොත් එහෙම. මලමිනියක් එක්ක කතාකරනවා කියලා දවල්ටත් කනත්ත ළගින් යන්නේ බයේ ගැහි ගැහි. කොහොම හරි මේක ඒ වගේ කට්ටඩි වැඩක්නම් නෙමේ.
මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. එහෙම පරීක්ෂණයකින් තමා මැරුණු කෙනෙක් කතා කරලා තියෙන්නෙ. එහෙම කතාකරලා තියෙන්නේ වසර 3000 කට කලින් මියගිය ඊජිප්තු පූජකයෙක්. මෙයාගේ නම නෙසියමූන්. ඒ කාලේ රටේ රජතුමා එකොලොස්වන රැම්සෙස් පාරාවෝ රජතුමා. ඒ කාලේ හැටියට පූජක තනතුර කියන්නේ ලොකු තනතුරක්. ඒක නිසා මෙයා මැරුනට පස්සේ මමියක් කරලා අරන් තියලා. කොහොම හරි මේ මැරුණු මනුස්සයට පාඩූවේ ඉන්න නොදි කතා කරවලා තියෙන්නෙ ලංඩන් විශ්වවිද්‍යාලයේ සහ යෝර්ක් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ ටිකකුයි සෙට් වෙලා.
ඉතින් මේ විද්‍යාඥයෝ ටික මේ වැඩේ කරලා තියෙන්නේ මෙහෙමයි. ඉස්සර වෙලාම ත්‍රිමාන මුද්‍රිත උපකරණයක් ඇසුරින් මමියේ ස්වරාලයට සමාන අනුරුවක් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ තව අධිතාක්ෂණික උපකරණ කීපයක් භාවිත කොට එම ත්‍රිමාණ මුද්‍රිත ස්වරාලයෙන් ඒ කාලයේ කතා කල කටහඩ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. කොහොම හරි ලෝකය කණපිට පෙරලූ සොයාගැනීමක් ලෙස මෙම සොයාගැනීම සලකනවා.

කොහොම හරි සමහර අය මේක සදාචාර විරෝදී වැඩක් ලෙස චෝදනා එල්ල කරලා තියෙනවා. රෝස මලෙත් කටු දකින අය ඉන්නවානේ ඉතින් . ඒකට උත්තර දෙන පරීක්ෂණය මෙහෙයවපු විද්‍යාඥයෝ කියන්නේ මෙය සදාචාර විරෝදී වැඩක් නොවන බවත් මෙය වසර 3000 කට කලින් සිටි අයෙකුගේ හඩ නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් පමණයි කියලා. තවමත් මේ අයට පුළුවන් වෙලා තියෙන්නෙ වචන කීපයක් ප්‍රතිනිර්මාණය කිරීමට පමණයි. ඉදිරියට මුළු වාක්‍යක්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.
කොහොම හරි තාම මේ පරීක්ෂණ තියෙන්නේ මූලික මට්ටමේ. අනාගතයේදී මේ පරීක්ෂණ තව දුරටත් වර්ධනය වෙයි. අපි මැරුණට පස්සෙ අපේ කටහඩත් අනාගතයේ අය ප්‍රතිනිර්මාණය කරයි. මොනවා වුනත් මේ පරීක්ෂනයට හොද වෙලාවට ලංකාවේ මැරුණු මනුස්සයෙක් තෝර ගත්තේ නෑ. මොකද එහෙම කරලා හොද පදේ කිව්ව ගමන් විද්‍යාඥයෝ ආපහු මේ පරීක්ෂනේ කරන්න හීනෙකින්වත් හිතන්නේ නෑ.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හුස්ම ගිය පූජකයෙක් කතා කරයි | Your Choice Way හුස්ම ගිය පූජකයෙක් කතා කරයි | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2020 Rating: 5

0 comments:

Post a Comment