නයිට්රයිඩර් බයික් එකක් හදලා

ඔයාට මතකද පොඩි කාලේ බලපු නයිට්‍රයිඩර් කතාමාලාව. ඒකේ තියෙන නයිට්‍රයිඩර් කාර් එක කොහොමද? සුපිරි නේද? හැබැයි මේ කියන්න යන්නේ කාර් එකක් ගෙනනම් නෙමෙයි. සුපිරි වැඩකිඩ දාන්න පුළුවන් සුපිරි බයික් එකක් ගෙනයි. මේ වගේ බයික් එකක් “ඩූම්” චිත්‍රපටියෙවත් නෑ.ඔයා බයික් එකක් පදින කෙනෙක්නම් සුළු හෝ අනතුරක් වෙලා නැත්නම් මනුස්සයෙක්නම් වෙන්න බෑ. ආරක්ෂාව අතින් ගත්තොත් බයික් එක තියෙන්නේ ඉතාමත්ම අඩු තැනක. ගොඩක් කට්ටිය බයික් එක ගිහින් කොහෙ හරි ඇනගන්නේ ඒකයි.

ඒත් මේ හදලා තියෙන බයික් එක නිසා ඒ ගැටළුවට තිත තියන්න පුළුවන්. මේ බයික් එකේ නම තමා “ Damon Hypersport”. මේක ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඒක නිසා තෙල් මිලගෙන වදවෙන්න ඕනේ නෑ. මේ බයික් එකේ කැමරා හයි කරලා තියෙනවා. ඔයා ඇස්දෙක පියන් ගියත් බයික් එක පාරේ යන එන වාහන ගෙන නිරීක්ෂණය කරනවා. ඒ වගේම මේකේ තියෙන රේඩාර් පද්ධතිය එම කටයුත්ත තවත් වැඩිකරලා තියෙනවා. ඉස්සරහින් පැත්තෙන් වගේම පස්සෙන් වාහනයක් එකක් ආවත් මේ බයික් එක දන්නවා. ඊට අමතරව මේකේ තියෙන සෙන්සර් පද්ධතිය එහි බලය තවත් වැඩි කරලා තියෙනවා.

ඒක නිසා ඔයාගේ බයික් එක අනතුරක් වෙන්න කලින්ම දැනගන්නවා ඇනගන්න තමයි යන්නේ කියලා. ඉතින් අනතුර වෙන්න කලින්ම බයික් එක විසින් “වයිබ්‍රේට්” පාරක් දීලා පදවන කෙනාව දැනුවත් කරනවා. ඒක නිසා බයික් අනතුරු අවම කරගන්න පුළුවන්. මේ බයික් එක අශ්වබල 200 ක බලයකින් යුක්තයි. ඒ වගේම තත්පර තුනක් ඇතුලත 0-60 MPH දක්වා වේගය වැඩි කරගන්න පුළුවන්. ඒ විතරක්ද මේ බයික් එකට වසර දෙකක වගකීම් කාලයක් ලබාදෙන්නත් අදාල සමාගම බැදී ඉන්නවා.

ඒ වගේම තමා මේ බයික් එකේ පෙනුම. සුපිරි පෙනුමක්නෙ තියෙන්නෙ. කොල්ලෙක් මේ බයික් එකෙන් ගිහින් බැස්සා කියන්නේ කෑල්ලක් දා ගන්න පුළුවන් පටස්ගාලා.මේ බයික් එකෙත් එක එක මාදිලි තියෙනවා. අඩුම එක ඩොලර් 24,995ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් ලක්ෂ 45ක් විතර වෙනවා. මොනව උනත් මේක බයික් ලොවේ පෙරලියක් කියලනම් කියන්න පුළුවන්.

මේ බයික් එක නිසා ලෝකේ ගොඩක් අනතුරු අඩුවෙයි කියලා අදාල සමාගම බලාපොරොත්තු වෙනවා. ඒත් ලංකාවේ තත්වයනම් ෂුවර් නෑ. මොකද ලංකාවේ කොල්ලො බයික් ඇනගන්නේ පදිනවට වඩා වැඩ පෙන්නන්න ගිහිල්ලානේ.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නයිට්රයිඩර් බයික් එකක් හදලා නයිට්රයිඩර් බයික් එකක් හදලා Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2020 Rating: 5

0 comments:

Post a Comment