ඉන්දියාවට හිමාලය දර්ශනය වෙයි

හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි විශාල කඳු පන්තියක්. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම “හිම විමානය” යන්නයි. ඉන්දියාව කෝවිd වෛරසයේ පැතිරීම පාලනය කරන්නට රට හුදෙකලා තත්වයට පත් කිරීමත් සමග වායු දූෂණය ඉතාම අවම මට්ටමට පත් වී තිබෙනවා. ඒ සමග උතුරු ඉන්දියාවට ඈතින් පිහිටි හිමාල කඳුවැටිය දර්ශනය වෙමින් තිබෙනවා.

එරට පනජාබ් ප්‍රාන්තයට මෙසේ හිමාල කඳුවැටිය දර්ශනය වන්නේ දශක ගණනාවකට පසුව බව පැවසෙනවා. ස්වභාවධර්මය කොතරම් සුන්දරද යන්නත් මිනිසා එය කොතරම් විනාශ කර ඇතිද යන්නත් ගැන තමන්ටම අවලාද නගමින් බොහෝ පුද්ගලයන් මේ අපූරු දර්ශන අන්තර්ජාලයට මුදාහරිමින් සිටිනවා. නගර වසා දැමූ පළමු දිනයේම දිල්ලියේ වායු දූෂණ තත්වය 44%කින් පහළ බැස තිබෙනවා. වෛරසයේ පැතිර යාම සමග සම්පූර්ණ ඉන්දියාවම සති දෙකක් තිස්සේ ලොක්ඩවුන් කර තිබෙනවා.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉන්දියාවට හිමාලය දර්ශනය වෙයි ඉන්දියාවට හිමාලය දර්ශනය වෙයි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2020 Rating: 5

0 comments:

Post a Comment