නගරෙම කුණ එකතු කරන පුංචි පුතු | Your Choice Way

වර්තමානයේ ලොව විශාල ප්‍රවණතාවයක් වන්නේ කුඩා දරුවන් වැඩිහිටියන් සමග එකතුව ලෝකය වඩා හොද තැනක් බවට පත් කිරීමට දරන උත්සාහයයි.කැලිෆෝර්නියාවේ ජීවත් වන රයන් හික්මන් නම් කුඩා දරුවා කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීම ආරම්භ කර තිබෙන්නේ වසර තුනක් තරම් කුඩා අවධියක සිටයි.තම පියාසමග කුණු කසල ප්‍රතිචර්කීය කරන මධ්‍යස්තානයක් නැරබීමට යාමෙන් පසු කුඩා රයන් ගේ සිතේ මේ පිලිබද ආශාවක් ඇති වී තිබෙනවා.ඔහුගේ අරමුණ වන්නේ ප්ලාස්ටික් කෑන් සහ බෝතල් සයුරට නොදමා ප්‍රතිචක්‍රීකරණය කිරීමයි.

වයස අවුරුදු 3 දී තම මෙහෙයුම ආරම්භ කල රයන්ට මේ වන විට වසර 10 ක් වෙනවා.ඔහු සහ ඔහුගේ පියා එකතුව පවත්වා ගෙන යන කුණු කසල ප්‍රතිචක්‍රීයකරණය කරන මද්‍යස්තානය තුල ප්ලාස්ටික් සහ කුණු කසල මිලට් ගැනීම සිදු කරනු ලබනවා.කුඩා රයන් තමා අවට නිවෙස් වලට ප්ලාස්ටික් උර ලබා දී ඉවත දමනු ලබන කෑන් සහ බෝතල් එයට දමා තමාට ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.එයින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය ඔහු ජීවත් වන නගරය පුරාත් මේ වන විට ඔහුගේ පාසලේ දරුවන්ගේ සියලුම නිවෙස් වෙතත් පැතීරී ගොස් අවසන්.

මේව් වන විට කැලිෆෝර්නියාවේ විශාල පිරිසක් ඔහුගේ පාරිභෝගිකයින් බවට පත් වී තිබෙනවා.බොහෝ දෙනා ඔහු හදුවන්නේ පරිසරයට ආදරය කරන කුඩා ව්‍යවසායකයෙක් ලෙසයි. සතියෙන් වැඩි කාලයක් බෝතල් සහ කෑන් එකතු කිරීමට වැය කරන ඔහු සෑම සති අන්තයක්ම වෙන් කරන්නේ ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමටයි. තමාට සහය ලබා දෙන පිරිසගේ සහයෝගය සහිතව මේ වන විට ඔහු බෝතල් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් නිසි ලෙස බැහැර කර තිබෙනවා.එසේම මේ තුලින් රයන් ලබන මුදල ඉතුරූම් ගිණුමක තැන්පත් කිරීමටද ඔහුගේ දෙමාපියන් කටයුතු කර තිබෙනවා. එම මුදල් ඔහුගේ අනාගත ඉගෙනීම් කටයුතු වෙනුවෙන් වෙන් කිරීම දෙමාපියන්ගේ අභිලාශයයි. කෙසේ වෙතත් ඔහු පවසන්නේ ඔහුගේ එකම අරමූන ලෝකයේම ඇති කැලි කසල නිසි පරිදි බැහැර කිරීම සදහා ක්‍රමයක් නිර්මාණය කිරීම බවයි.

රයන්ගේ රුව සහිතව මුද්‍රණය කරනු ලබන ටී ෂර්ට විකිණීමෙන් ඔහු ලබන මුදල මාස්පතා පැසිෆික් සමුද්‍ර ක්ෂීරපායී මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමත් ඔහු විසින් සිදු කරනු ලබනවා.ඔහු පවසන්නේ ඔහු එම මුදල් ලබා දෙන්නේ අසනීප වූ සහ සං‍රක්ශණය කල යුතු මුහුදු ජීවීන්ගේ ආරක්ශාව සහ සුබසෙත වෙනුවෙන් බවයි. රයන්ගේ දෙමාපියන් ඔහුගේ මෙම අදහස වෙනුවෙන් ඔහුට විශාල සහයෝගයක් ලබා දෙනවා.ඔහුගෙ පියා ඔහුට කුණු කසල වෙන් කිරීම සදහ විශාල සහයක් ලබා දෙන අතර ඔවුන් පවසන්නේ ඔහු තම ඉලක්කය ජය ගන්නා තුරුම හැකි උපරිම අයුරින් සහය දෙන බ්වයි.

රයන් ගේ මේ මානුෂීය හිතවාදී කාර්‍ය කාර්‍යය ලෝකය පුරා විවිධ අවස්තා වලදී ඇගයීමට ලක් වී තිබෙනවා. ප්‍රතිචක්‍රීකරණ ශූරතා සම්මානය, වසරේ පුරවැසි සම්මානය, මානව හිතවාදී වීර සම්මානය ඉන් කිහිපයක් පමණයි.මේ කුඩා දරුවාගේ උත්සාහය ක්‍රම ක්‍රමයෙන් එකිනෙකා දැනගත් විට ඔහුට සහය දැක්වීම සදහ දහස් ගණනක් පිරිස එකතු වී තිබෙනවා.රයන් ගේ මේ ව්‍යාපෘතියට අනුව කැලිෆෝර්නියාවේ වෙසෙන බොහෝ දෙනෙක් මේ වන විට තමා භාවිතා කරන සියලුම කෑන් සහ බෝතල් එකතු කරනු ලබනවා. සමහරක් පිරිස් ඒවා ඔහුගේ නිවසටම ගෙනවිත් භාරදීමද සිදු කරනු ලබනවා. මේ කුඩා දරුවා තමා ජීවත් වන පරිසරය සුරැකීම සදහා වෙහෙස වද්දී ඔබ සහ අප ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් දැක්විය යුතු නොවේද? මේ ඒ පිලිබදව සිතීමට කාලයයි.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌



උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නගරෙම කුණ එකතු කරන පුංචි පුතු | Your Choice Way නගරෙම කුණ එකතු කරන පුංචි පුතු | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2020 Rating: 5

0 comments:

Post a Comment