අපගේ ලෝකය වටා පිහිටි අත්භූත වලල්ලක් | Your Choice Way

අපගේ ලෝකය වටා පිහිටා තිබෙන අත්භූත වලල්ලක් ගැන ඔබදැන සිටියාද? ඔබ කෙදිනක හෝ අපගේ ලෝකය දැක්වෙන ඡායාරූපයක එවැනි වලල්ලක් දැක තිබෙනවාද? නමුත් ඔබ සෙනසුරු ලෝකය වටානම් එවැනි වලලු කීපයක් තිබෙනවා ඔබ දැක ඇති. නමුත් අපගේ ලෝකය වටාද එවැනි වළලු පවතින බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.
නමුත් මෙම වළලු අනෙක් ලෝක වල මෙන් දූවීලී අංශූ හා අයිස් යනාදීයෙන් නිර්මාණය වුවක් නොවේ. මෙම වළලු සමන්විත වන්නේ ආරෝපිත අංශු වලිනි. මෙම වළලු වලට විද්‍යාඥයින් පවසන්නේ “වෑන් ඇලන්” වළලු යනුවෙනි. මේවාට එම නම පවසන්නේ වෑන් ඇලන් නමැති විද්‍යාඥයා ඒවා සොයා ගත් නිසාය.

මෙම වළලු නිර්මාණය වන්නේ කෙසේද? අපගේ සූර්‍යාගේන් පැමිණෙන්නේ ආලෝකය පමණක් නොවේ. විවිධ තරංග හා ආරෝපිත අංශු නිරතුරුවම අපගේ පෘතුවිය වෙත පැමිණේ. නමුත් අපගේ ලෝකය සතුව පවතින චුම්භක ක්ෂේත්‍රය විසින් ආරෝපිත අංශු නවතා ගැනීම නිසා මෙසේ වෑන් ඇලන් වළලු නිර්මාණය වී ඇත. මෙවැනි වළලු දෙකක් පවතින බව විද්‍යාඥයින් පවසයි.

කෙසේ හෝ මෙම වෑන් ඇලන් වළලු පිළිබදව විද්‍යාඥයින් නිරතුරුවම අවධානයෙන් පසු වේ. මේ පිළිබදව අධ්‍යනය සදහා “නාසා” ආයතනය විසින් 2012 දී “ Van Allen Probes” නමින් යානා දෙකක් යවන ලදි. මෙම යානා දෙක මගින් මෙම වෑන් ඇලන් තීරූ පිළිබදව වැදගත් තොරතුරු රැසක් පෘතුවියට එවන ලදි.

කෙසේ හෝ අඩු සංඛ්‍යාතකින් යුත් රේඩියෝ තරංග නිසා මෙම වෑන් ඇලන් වළලු තීරය අපගෙන් ඈත් වන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. මෙහිදී අඩු සංඛ්‍යාත වලින් යුත් රේඩියෝ තරංගයැයි පැවසුවේ කිලෝහර්ට්ස් 3 ත් 30 ත් අතර සංඛ්‍යාත පරාසයේ ඇති රේඩියෝ තරංග වලටය. මෙම රේඩියෝ තරංග බොහෝ විට භාවිතා කරන්නේ ඈත ප්‍රදේශ වලට පණිවිඩ යැවීම සහ ගැඹුරු මුහුදේදී සබ්මැරීන අතර පණිවිඩ හුවමාරූව සදහාය.

නමුත් සමහර විද්‍යාඥයින් පවසන පරිදි මීට බොහෝ කලකට පෙර අපගේ ලෝකයේද සෙනසුරු ලෝකයේ මෙන් දූවිලි අංශු වලින් යුත් වළල්ලක් පැවතී ඇත. නමුත් ඉන් පසුව එම දුවිලි අංශු එකට එක් වී අපගේ සද නිර්මාණය වී ඇත. එම විද්‍යාඥයන්ගේ මතය අනුව අද අපි සද ලෙස දකින්නේ එදා අපගේ ලෝකය වටා පිහිටි දූවිලි වලල්ලයි. නමුත් මෙම මතය පිළිබදව විවිධ වාද විවාද ඇත.

එමෙන්ම මීට කලින් ලෝකය වටා ඇත්තටම අභ්‍යාවකාශයේ තඹ වලල්ලක් අමෙරිකාව විසින් නිපදවා ඇති බව වාර්තා වේ. එක්දාස් නමසීය හැටේ දශකය යනු අමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය උපරිමයෙන්ම පැවති කාලයයි.

සීතල යනු එකල ලෝක බලවතා වීම සදහා අමෙරිකාව හා රුසියාව අතර තරගයක් තිබුනි. රටවල් දෙකටම ඔවුනොවුන් වහකදුරු මෙන් විය. නමුත් රටවල් දෙක එලිපිට යුද්ධ කලේ නැත. නමුත් රටවල් දෙකම ඔවුනොවුන් පරයා යාමට මහත් උත්සහයක් දැරීය.එකල චන්ද්‍රිකා තාක්ෂණය නොමැති වූ නිසා ලෝකයේ රටවල් අතර සන්නිවේදනය වුනේ මුහුද යටින් දිව යන කේබල් මගිනි. නමුත් රුසියාව ඒවාට පහර දී අමෙරිකාව තම හිතවාදී රටවල් සමග පවතින සන්නිවේදන කටයුතු බිදහෙලෙනු ඇතැයි අමෙරිකාව බිය විය. එම නිසා සියුම් තඹ කූරූ වැනි උපාංග භාවිතා කොට තඹ වලල්ලක් ඉදි කරන ලදි. වෝල්ට් ටී මෝරෝ නැමැති ඉංජිනේරුවා විසින් මෙම අදහස ඉදිරිපත් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය හදුන්වනු ලැබුවේ “වෙස්ට්ෆෝර්ඩ්” ව්‍යාපෘතිය නමිනි. එමගින් සාර්ථකව රටවල් අතර සන්නිවේදනය කිරීමට හැකි විය . නමුත් තඹ කූරූ එකිනෙක ඈත් වීම නිසා පසුව එම ව්‍යාපෘතිය අසාර්ථක විය. ව්‍යාපෘතිය ආසාර්ථක වීම නිසා අමෙරිකවට තම රටේ ජනතාවගෙන්ම මෙන්ම අනෙක් රටවලින්ද දෝෂාරෝපණ එල්ල විය. කෙසේ හෝ තවමත් මෙම තඹ වලල්ල ඉදි කිරීමට යොදා ගත් තඹ කූරූ තවමත් අභ්‍යාවකාශය පුරා විසිරී පවතින බව පැවසේ.කෙසේ හෝ මෙය අසාර්ථක වූ නිසා අමෙරිකාව නැවතත් එවැන්නක් කිරීම සදහා උත්සහ කලේ නැත.

👉👇අනෙකුත් පුවත්...👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපගේ ලෝකය වටා පිහිටි අත්භූත වලල්ලක් | Your Choice Way අපගේ ලෝකය වටා පිහිටි අත්භූත වලල්ලක් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2020 Rating: 5

0 comments:

Post a Comment