The Room (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්ෂකවරයා විසින් තමයි තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. ප්‍රධාන නිළියගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Olga Kurylenko. 2019 අවුරුද්දේ ආව The Courier චිත්‍රපටය මතක ඇතිනේ. අන්න ඒකේ ප්‍රධාන චරිතය රඟපාන නිළියම තමයි මේකෙත් රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව Kevin Janssens සහ Joshua Wilson අනික් ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙනවා. Imdb ශ්‍රේණිගත කිරීම්වල 6/10 අගයකුත්, Rotten Tomatoes හි 71% ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සහ Google පරීශීලකයන්ගේ 80% මණාපයක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.
අපි ජීවත් වෙන ගෙදර අපි හිතන පතන ඕනෑම දෙයක්, අපිට අවශ්‍ය දේ නම කියූ පමණින් ලබා ගන්න පුළුවන් කාමරයක් තිබුනොත් එහෙම කොහොමද ? පිස්සු හැදෙයි නෙහ්. අන්න එහෙම කාමරයක් තියෙන ගෙදරක සිද්ද වෙන අමුතු, අද්භූත සිදුවීම් ටිකක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතාව දිව යන්නේ. හරි මම කතාව ගැන ටිකක් කියන්නම්.

මැට් සහ කේට් කියන යුවල ජනා වාසයෙන් ඈතට වෙන්න පිහිටි ප්‍රදේශයක නිවසක් මිලට ගන්නවා. ගෙදරට බඩු ටික අස් කරන අතරතුරේදි මැට් මේ ගෙදර අගුලු දාල තිබ්බ අමුතු ආකාරයේ කාමරයක් හොයා ගන්නවා. කොහොමහරි ගෙදරට එන විදුලි කාර්මිකයා හරහා මැට්ට අහන්න ලැබෙනවා මේ ගෙදර අවුරුදු ගානකට කලින් මිණීමැරුමක් සිද්ද වෙලා තියෙනව කියලා. පස්සේ මැට් ඒ ගැනත් හොයලා බලනවා. 

ඉතින් කොහොමහරි දවසක් රෑ මැට් අර කාමරයට යනවා. මැට් හොඳටම බීල මත් වෙලා ඉන්න වෙලාවේ එයා කියනවා “අනේ මට තවත් බෝතලයක් තිබුන නම්” කියලා, ඒ කියනවත් එක්කම තවත් බෝතලයක් මැට් ගේ ඉස්සරා මතු වෙනවා. මැට් මේ විස්තරේ කේට් ටත් කියල දෙන්නම කැමති කැමති දෙවල් මේ කාමරයෙන් ලබාගෙන හොඳට විනෝද වෙනවා. ඉතින් ඔහොම ඉන්න අතරතුරේදි මැට් ට දරුවෙක්ව හදන්න ඕන වෙනවා. ඒත් කලින් ලැබෙන්න හිටිය දරුවන් දෙදෙනාගෙම වියෝව නිසා කේට් මේකට කැමති වෙන්නේ නෑ. ඉතින් මේකට අවුල් යන මැට් ගෙදරින් එලියට යනකම් ඉඳලා කේට් හරි අපූරු වැඩක් කරනවා…….. හරි එහෙනම් කතාව කිවුවා ඇති වගේ. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
The Room (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් The Room (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2020 Rating: 5

0 comments:

Post a Comment