බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි / ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි විදෙස් කතක් කොළඹ ජාතික රෝහලට - (වීඩියෝ සහ ඡායාරූප) : අනෙකුත් පුවත් එකම පොස්ට් එකකින්.

බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූයේ අද වැනි බක් පොහෝ දිනක වීම විශේෂත්වයක්.

චූලෝදර - මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් මුල් කරගනිමින් නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට බුදුන් වහන්සේ මෙරටට වැඩම කළේ බක් පුර පසළොස්වක පෝහෝ දිනයක බව ඉතිහාසයේ සඳහන් වනවා.
එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් වලට අනුව, සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිතිවලින් ජරා හෙවත් මහලු පෙරනිමිත්ත දුටුවේ ද බක් පුර පෝය දිනක බව සඳහන්.

බුද්ධත්වය ලබාගත් පසු උන්වහන්සේ ඥාතීන් සම්මුඛ වීමට ද වැඩම කරන ලද්දේ, බක් පුන් පොහෝ දිනයකයි.

මෙවැනි ශාසනික සහ ඓයිතිහාසික සිදුවීම් මත මෙරට සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට බක් පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වනවා.

මේ අතර කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අදට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේදී නිවෙස් තුළම රැදී සිට ආගමික වත්පිළිවෙත් සිදුකරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි විදෙස් කතක් කොළඹ ජාතික රෝහලට - (වීඩියෝ සහ ඡායාරූප)
ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් නාවික හමුදාව විසින් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළා.

එම අවස්ථාවේදී එම නෞකාව තුල අසනීප තත්ත්වයේ සිටි ජර්මානු ජාතික කාන්තාවක්ද නාවික හමුදාව විසින් මෙරටට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම විදේශික කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප සමඟින් පවසා සිටියේ.

මේ අතර ජාතික රෝහල ප්‍රකාශ කළේ අදාල විදේශීය කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි ජාතික රෝහල සඳහන් කළේ.



ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා ගෙවීම් මාස 3කට අත්හිටුවයි

මෙරට නේවාසිකයින් විසින් විදේශයන්හි ආයෝජනය සඳහා මෙරට ආයෝජන ගිණුම් හරහා විදේශ විනිමය පිටකිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාස තුනක කාලයකට බලපැවැත්වෙන අදාළ නියමය යටතේ මෙරට නේවාසිකව සිටින තැනැත්තන් විසින් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් හරහා සිදුකරන ජංගම ගනුදෙනු සඳහාවන ප්‍රේෂණ හැර අනෙක් සියලු ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 178කට ඉහළ යයි - කොරෝනා ආසාධිත තී‍්‍රරෝද රථ රියදුරෙකුත් ජාඇල ප්‍රදේශයෙන් හමුවේ
ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් 178 දක්වා අද ඉහළ ගියා. තවත් රෝගීන් දෙදෙනෙකු ඊයේ දිනයේ හදුනා ගැනීමත් සමගයි. 

ඒ අනුව තවත් රෝගීන් 139 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ. 

කොරෝනා වෛරසය වැළදුනු තවත් පුද්ගලයෙකු ඊයේ සුවය ලබා රෝහලෙන් පිටව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 34 ක්. මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 5 ක්. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ කොරෝනා රෝගීන් හදුනා ගැනීමේ පරීක්‍ෂණ තවදුරටත් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

කිසියම් හෝ සැක සහිත රෝග ලක්‍ෂණයක් පවතින්නේ නම් ඒ පිළිබද දැනුම්දීම සදහා දුරකතන අංක 2 ක් හදුන්වාදී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම දුරකතන අංක වන්නේ 1390 සහ 1999 යි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සමාජ දුරස්ථභාවය තවදුරටත් ඇති කිරීම මෙහි අරමුණ බවයි.

කොරෝනා වැළඳුනු බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

20 - 20 මේ වසරේදී පැවැත්වීමේ බලාපොරොත්තුවක්
තවත් මාස 7 කින් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරීම සදහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සංවිධායකයන් පවසනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා ක්‍රීඩා තරග රැසක් කල් දමා ඇති නමුදු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සදහා පවතින උපරිම අවස්ථාවන් සලකා බලන බවයි විස්සයි විස්ස ලෝක කුසලාන සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක නික් හෝක්ලි ප්‍රකාශ කළේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් 10 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය කර අදට සය වසරක් සපිරෙනවා.

ඒ පිළිබදව මාලිංගගේ මතක සටහන් ශ්‍රී ලංකා ක්‍රිකට් සිහිපත් කළේ ට්විටර් සටහනක් තබමින්.

වික්ටර් රත්නායකයන්ගේ පුත් ජයන්ත රත්නායක දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක වාදන සහ ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය. අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් හෙට සිදුකෙරේ.

ඉන්දීය මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් 30% ක කප්පාදුවක් - රටේ ආර්ථිකය ගොඩගන්න ඉන්දීය දේශපාලඥයින් පෙරට එයි
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ වැටුප 30% කින් කප්පාදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික පසු බෑම අවම කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි කැබ්නට් මණ්ඩල ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳ වාර්තා කර තිබුණේ.

ඒ අනුව ඉදිරි වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ වැටුප් 30% කින්  අඩු කිරිමට තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සති 3 ක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් ඉන්දියාවේ බහුතරයක් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති මොහොතක මෙම වැටුප් කප්පාදුව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොරෝනා නිසා ඉන්දීය පෙම්වතුන් යුවළක් වීඩියෝ කෝල් එකෙන් විවාහ වෙති
වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවතපත වාර්තා කර සිටී.

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාර්තු 24 වන දා සිට අප්‍රේල් 15වන දා තෙක් රට වසා දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේය.ඒ අනුව රට ජනතාවට මෙම කාලසීමාව තුලදී සමූහ වශයෙන් එක්රැස් වීමට හෝ පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර හිමිවූයේ නැත.

මෙවැනි පසුබිමක විවාහ දිවියට පත්වූ මෙම යුවළ එරට මුස්ලිම් ජාතිකයක් වන මේ යුවළ වීඩියෝ ඇමතුමක් ඔස්සේ විවාහය සිදුකර තිබුණි.සියලු චාරිත්‍ර වීඩියෝ ඇමතුම ඔස්සේ සිදුකර ඇත.

රට අකර්මණ්‍ය කිරීමට පෙර ඔවුන් විවාහය සඳහා දිනය නියම කරගෙන තිබූ අතර අමුත්තන් සඳහා ආරාධනාපත් යවා තිබුණි. කෙසේ වෙතත් රට අකර්මණ්‍ය කිරීමෙන් ඔවුන්ගේ සියලු සැලසුම් බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස විවාහය සිදුකර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.


View the original article here - 1 2 3
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි / ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි විදෙස් කතක් කොළඹ ජාතික රෝහලට - (වීඩියෝ සහ ඡායාරූප) : අනෙකුත් පුවත් එකම පොස්ට් එකකින්. බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි / ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි විදෙස් කතක් කොළඹ ජාතික රෝහලට - (වීඩියෝ සහ ඡායාරූප) : අනෙකුත් පුවත් එකම පොස්ට් එකකින්. Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2020 Rating: 5

0 comments:

Post a Comment