415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි දරුවා ජීවිතක්ෂයට / මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 414 දක්වා ඉහළට / ඉදිරි දින කිහිපය දැඩි අවදානම්! 27 රට විවෘත කිරීමත් සැක සහිතයි / ඉතාලියේ සාද දැමූ ලාංකිකයින් 11කට '' සුපිරි දඩයක්'' : අනෙකුත් පුවත් | Your Choice Way

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 415 දක්වා ඉහළට
මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය.

ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්.

ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි.


මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.( Original Article  )

ඒ, ‌මීට සුළු වේලාවකට පෙර වැලිසර නාවික හමුදා කදවුරේ ආසදිතයින් 30 දෙනෙකු ඇතුළුව තවත් රෝගීන් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

අද (24) දිනයේදී පමණක් ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කළේ.

ඉදිරි දින කිහිපය දැඩි අවදානම්! 27 රට විවෘත කිරීමත් සැක සහිතයි
කෝවිඩ් 19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවිනි දිනකට පරීක්ෂණ එක්දහස් පන්සියයක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති තුනක් පසුපසට ගොස් ඇති බවද ​හෙතම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පොකුරු ආකාරයට රෝගීන් හමුවෙමින් පවතින අතර ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රදේශ හමුවීමට ඉඩ ඇති බැවින් වහාම දිවයින පුරාම ව්‍යාප්ත වන ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනගහන අනුපාතය අනුව නියැදි තෝරා ගනිමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස සංගමය පසුගිය මාර්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ කෙරෙහි වැඩි අවධානය යොමු නොකළ බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

වැලිසර කඳවුරේ තවත් සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි (වීඩියෝ)
වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව එම කඳවුරේ 60 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

හෙට දිනයේදීත් වැලිසට නාවික හමුදා කඳවුරේ සෙබලුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා කියාසිටියේ.

මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරොධායන කටයුතුවලින් පසු 10 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මේ අනුුව පසුගිය කාලය තුල නිරෝධායනය වී නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව 4,376ක්.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ අද දිනය වන විට 2,869 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 29ක නිරෝධායනය වෙමින් සිටින බවයි.



බස්නාහිර සිරවූ 250 000කට ගෙදර යන්න අවසර ලැබෙයි
සිය නිවෙස්වලට යාමට නොහැකි බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස් දහසක් පමණ වන පිට පළාත් පදිංචිකරුවන්ට සිය ගම්බිම් බලා යාමට අවසර දීමට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා පත් කර සිටින ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23 වැනිදා) තීරණය කළේය.

මේ අතරින් හතළිස් හත්දහසක් පමණ ම කොළඹ හා තදාසන්නව රැඳී සිටිති. ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා දින ගණනාවක් ඔවුනට පළාතේ රැඳී සිටීමට සිදුවීම පිළිබඳ සලකා බලා ඉහත තීරණය ගෙන තිබේ. මෙම පිරිසට පිටපළාත්වලට යාම සඳහා විශේෂ අවසරයක් ලබාදීමට නියමිතය.
වැලිසර කඳවුරේ සෙබළුන් සහ පවුල්වල සාමාජිකයන් 4000කට ආසන්න පිරිසක් නිරෝධායනයට - නාවික සෙබළුන් ගැන අනියත බියක් ඇතිකර නොගන්නැයි නාවික හමුදාව ඉල්ලයි
වැලිසර කඳවුරේ සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 4000කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර පරීක්ෂණ සිදුකරන බව නාවික හමුදාව පවසනවා.

ප්‍රමුඛත්වය මත ඔවුන් පී සී ආර් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

එමෙන්ම කඳුවරේ සේවය කර නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින සෙබළුන් අතරින් වෛරසය ආසාදිත නාවික සෙබළුන් ඇසුරු කළ පිරිසක් යළි කඳවුරට ගෙන්වා ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

පසුගියදා වැලිසර කඳවුරෙන් නිවාඩු ලබා නිවසට ගොස් සිටි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඔහු රාජකාරී කළ කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ඔහු සමග ලැගුම් ගෙන සිටි සියලුම දෙනා පී සී ආර් පරීක්ෂණවලට ලක් කෙරුණා.

මෙම තත්වය මත ආයතනික නිරෝධායන කටයුතු දැනටමත් සිදුවන අතර එම කටයුතු සෞඛ්‍ය අංශවල මගපෙන්වීම යටතේ සිදුවෙමින් පවතින බවයි නාවික හමුදාව කියාසිටියේ.

එබැවින් ශ්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයන් පිළිබඳ සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ද නාවික හමුදාව සඳහන් කළා.

නිවාඩු මත තම නිවෙස්වලට ගොස් සිටින සෙබළුන් එලෙසම තැබීමට මෙන්ම කඳවුරේ දී සෞඛ්‍ය පරීක්ෂණ පවත්වා සියලු නාවික මෙහෙයුම් යළි ආරම්භ කිරීමට සහ හඳුනාගත් වෛරස ආසාදිතයන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා.

නිවාඩු මත හෝ රාජකාරීමය හේතුන් මත කඳවුරුවලින් බැහැරව සිටින නාවික පුද්ගලයන්ගේ තොරතුරු හමුදා මූලස්ථානය සතුව පවතිනවා.

නිවාඩු මත හෝ කඳවුරින් බැහැරව සිටින ඕනෑම සෙබළෙකුගේ තොරතුරු දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 0112 445368 හෝ 011 7192251 අංකවලට ඇමතීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම 011 2441454 යන ෆැක්ස් අංකයෙන් සහ 077 2201365 යන WhatsApp අංකයෙන් ද එම තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා.

මීට අමතරව nhqdno@yahoo.com යන ඊමේල් ලිපිනයෙන් ද අදාළ තොරතුරු ලබාගත හැකි බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඉතාලියේ සාද දැමූ ලාංකිකයින් 11කට '' සුපිරි දඩයක්''
ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වීමේ චෝදනාව යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය විසින් දඩ මුදල් නියම කර ඇති බව ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා. කොරෝනා  වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා  (ලොක්ඩවුන්) තිබියදී මෙම සාදය පවත්වා තිබෙනවා.

කලක් තිස්සේ එරට වාසය කළ ලාංකිකයින් පිරිසකට මෙලෙස දඩ මුදල් නියම කර ඇති අතර මෙම ලාංකිකයින් 11 දෙනා ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී ෆිරෙන්සි නගරයේ ජනාකීර්ණ තට්ටු නිවාස සංකීර්ණය පිහිටි නිවසක් තුළදී මෙම සාදය පවත්වා තිබෙනවා. පසුව ඒ සම්බන්ධයෙන් අසල්වැසි නිවෙසියන් ඉතාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම වැටීම සිදුකළ අවස්ථාවේදී  ලාංකිකයින් 11 දෙනා සාදය පවත්වමින් සිට ඇති අතර නිවස තුලට කඩා වැදුනු ඉතාලි පොලීසිය විසින් ඔවුන් එකිනෙකාට අදාල වැරදි අනුව යූරෝ 400 සිට යූරෝ 3000 දක්වා වූ දඩ මුදල් පනවා ඇති බවයි තානාපති ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයං නිවාස අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රාත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කරනවා.

කෙසේ වෙතත් සියලුම දඩ වල මුළු එකතුව එරට පොලීසිය  සඳහන් කර නොමැති සමස්තයක් වශයෙන් එය "සුපිරි දඩයක්" බවයි තානාපති ආරංචි මාර්ග සදහන් කරන්නේ.
👉👇අනෙකුත් පුවත්👇👌


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි දරුවා ජීවිතක්ෂයට / මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 414 දක්වා ඉහළට / ඉදිරි දින කිහිපය දැඩි අවදානම්! 27 රට විවෘත කිරීමත් සැක සහිතයි / ඉතාලියේ සාද දැමූ ලාංකිකයින් 11කට '' සුපිරි දඩයක්'' : අනෙකුත් පුවත් | Your Choice Way 415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි දරුවා ජීවිතක්ෂයට / මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 414 දක්වා ඉහළට / ඉදිරි දින කිහිපය දැඩි අවදානම්! 27 රට විවෘත කිරීමත් සැක සහිතයි / ඉතාලියේ සාද දැමූ ලාංකිකයින් 11කට '' සුපිරි දඩයක්'' : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2020 Rating: 5

0 comments:

Post a Comment