Lagna Palapala 2020-04-27 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 අප්‍රේල් මස 27 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 05.58 ට
ඉර බැසීම - පස්වරු 18.18 ට

රාහු කාලය
දිවා 07.28 සිට 08.57 දක්වා
රාත්‍රී 19.28 සිට 20.57 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
තමා තුළ සැඟ වී ඇති කලා කුසලතාවන් එළිදැක්වීම සඳහා අද දිනය සුබදායකය. සහෝදරයන් සම්බන්ධයෙන් වැදගත් කටයුත්තකට ඔබට සම්බන්ධ වීමට සිදු වේ. නිවාස සම්බන්ධ කටයුතුවලින් ලාභ අත් වේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වන දිනයකි. විදේශ සංචාර බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් සඵල කරයි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. කල්පනාකාරී වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
විදේශගතව සිටින ඔබගේ ඥාතියකුගෙන් ඔබට විශේෂ යමක් ලැබේ. ඉඩකඩම් ආරවුල් ආදිය මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. තම හැකියාව හා ශක්තිය පෙන්වා කරන කටයුතුවලින් වැඩි ලාභ ඇති කරවයි. තමාගේ කාර්යයන් පිළිබඳ වැඩි පිරිසකගේ ප්‍රශංසාවක් හිමි වේ. වැඩි දෙනකු අතර විශ්වාසය ඔබ දිනා ගනියි. කලා අංශයේ අධ්‍යාපනයේ නියුතු අයගේ කටයුතු සාර්ථක කරයි. උගුර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
අධ්‍යාපන කටයුතුවල දී ඔබ ගන්නා තීරණ ජයග්‍රහණය පිණිස හේතු වේ. යහපත් මංගල යෝජනා අද දිනයේ ඉදිරිපත් විය හැකිය. සංගීතය හා කලා අංශයේ රැකියාවල විශේෂ දියුණුවක් පෙන්වයි. රෝහල් හෝ බෙහෙත් සම්බන්ධ  කටයුත්තක ඔබට නියැළීමට වේ. රැකියා කටයුතුවල දී වෙනදාට වඩා උද්යෝගයක් ඇති වේ. මානසික ඒකාග්‍රතාව වෙනදාට වඩා රැඳී තිබෙන දිනයකි. ගෘහ ජීවිතය තුළ යම් කලබලකාරී බවක් ඇති කරවයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ සැලසුම්වලට උසස් අයගේ උපකාර හිමි වේ. බලාපොරොත්තුව සිටි ණය මුදලක් ලබා ගැනීමට හැකි දිනයකි. සංගීත කලා කටයුතුවල රැකියා බලාපොරොත්තුව සිටින අයට සුභයි. උසස් අධ්‍යාපනයට ද යොමු විය හැකිය. ගුප්ත ධර්ම පිළිබඳ හදාරන අයට සුදුසු පරිසරයක් සකස් වේ. මුත්‍රා ආබාධ ආදිය හා උරහිස ආබාධ ඇති කරයි. ප්‍රේම සබඳතාවලට ආවේගශීලී බව බාධාවක් විය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ වැඩි කාලයක්, ශ්‍රමයක් වැය කරයි. විදේශ සංචාර බලාපොරොත්තු වන අයට  ශුභදායක ආරංචි ලැබේ. ගමන් බිමන්වල දී තම වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගන්න. පපුව ආශ්‍රිත වේදනා ඇති කරයි. නිවෙසේ කටයුතුවල දී ආවේගශීලී වීම පාලනය කරගන්න. අලුත් ඉඩම් ආශ්‍රිතව සිදුකරන කටයුතුවලින් ඔබට වැඩි වාසි අත් කරවයි. කලකට පෙර අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ ඔබට හමු වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
ඉඩකඩම් හා භූමිය ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ උපයයි. අවිවාහකයන්ට යහපත් මංගල යෝග උදා කරයි. උදරයේ පහළ අසනීපගති ඇති කරවිය හැකිය. ආගමික කටයුත්තක් සඳහා පවුලේ අය සමඟ සහභාගී වේ. රැකියාවේ අවශ්‍යතාවක් සඳහා ගමන් බිමන් කිහිපයක් යෙදේ. මිතුරු සමාගමය අද දිනයේ ඔබ පීඩාවට පත් කරවිය හැකිය. කල්පනාකාරීවන්න. රජයේ දඬුවම්වලට ලක්විය හැකි නිසා රථවාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
ඉඩකඩම් යාන වාහන අලෙවියේ නියුතු අයගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. තිරිසන් සතුන් කෘමීන් වැනි සතුන්ගෙන් ඇතිවන ලෙඩ රෝගාදියෙන් අද දිනයේ ඔබ ප්‍රවේශම් විය යුතුය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් කෙටි ගමනක් යෙදේ. මානසික ඒකාග්‍රතාව බිඳ වැටිය හැකි දිනයකි. තම පෞරුෂත්වය රැක ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරිය යුතුය. නිවසේ අලංකාරය සඳහා කටයුතු කිහිපයක් ඔබ අතින් වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06. 

වෘශ්චික
ළෙන්ගතු ඇසුරක් නිසා සිත් පීඩාවට පත්වන දිනයකි. බලාපොරොත්තුව සිටි ණය මුදලක් හෝ බැංකු කටයුත්තක් පිළිබඳව අද දිනයේ සුභදායක ආරංචියක් ලැබේ. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ අත්වන දිනයකි. උරහිස් ආශ්‍රිත ආබාධ මතු කරවයි. නිවසේ අලුත්වැඩියා කිහිපයක් සිදු වේ. දුගී මගී යාචක ආදියන් සඳහා උදවු උපකාර කිරීමට සිත පෙළඹෙන දිනයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදු වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09.

ධනු
ඥාති සබඳතාවලට හෝ කාලත්‍ර පාර්ශවයේ කටයුත්තකට වැය තත්ත්වයක් පෙන්වයි. වගා කටයුතුවල නියැළුණු අයගේ කටයුතුවලට බාධා ඇති වේ. පාද ආශ්‍රිත ආබාධ හෝ වේදනාකාරී තත්ත්වයක් මතු කරවයි. ජලය ආශ්‍රිත කටයුතුවල දී කල්පනාකාරී වීම වැදගත්ය. පිය පාර්ශවයේ ඥාතියකුගේ අවශ්‍යතාවයකට දුර ගමනක් යෙදේ. ආගමික භක්තිය අඩු කරවයි. නමුත් ගුප්ත දේ ඉගෙනීමට සිත පොළඹවයි. තමාගේ නායකත්වය වැඩි පිරිසක් පිළිගනී. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
නිවෙසේ කටයුත්තක් සඳහා පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් මිලට ගැනීම සිදු කරයි. නව ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා ඇතිවන දිනයකි. සාර්ථක ද වේ. පෙනහළු ආශ්‍රිත සෙම ආදී රෝග තත්ත්වයන් නිසා අද දිනයේ ඔබ පීඩාවට පත් කරවයි. නොගැළපෙන මිත්‍ර සබඳතාවක් නිසා සිත් තැවුල් ඇතිවීමට හේතුයි. කල්පනාකාරීවන්න. කාලත්‍රයට අසනීප ආදිය ඇති කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට පාඩම් කටයුතු සඳහා සුභ දිනයක් නොවේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
රැකියා කටයුතු තුළ වෙනදා නොමැති නිදහසක් මනසට දැනේ. උදරය ආශ්‍රිත ආබාධවලින් ප්‍රවේශම් වන්න. නිවසේ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් යම් තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලට අද දිනයේ ලාභ අවම කරයි. සමහර හවුල්කරුවන් අතර යම් යම් මතභේද ආදිය ද ගොඩනැඟේ. අධ්‍යාපන කටයුතුවල ජය ඇති කරන දිනයකි. උසස් විභාග ආදියට ඉදිරිපත් වන අයට ඉතා සුබයි. සම්මුඛ පරීක්ෂණවල දී ඔබ ජය ලබයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගැඹුරු දේ ඉගෙනීමට හැකි දිනයකි. උදරය ආශ්‍රිත වේදනා ගති මතු කරවයි. කල්පනාකාරී වන්න. කාලත්‍රයාට කලකට පෙර අමතකව තිබූ දෙයක් ගැන ඔබගෙන් විමසිය හැකිය. නව මිතුරු සබඳතා ගොඩනැඟිය හැකි දිනයකි. රැකියාවේ කටයුතුවල දී කේළාම් කියන අය බාධාවක් වේ. මනසේ පවතින ගැටලුවක් අද දිනය තුළ ඔබට පීඩාකාරී වනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයගේ ආදායම් වැඩි කරවයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-04-27 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-04-27 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2020 Rating: 5

0 comments:

Post a Comment