Lagna Palapala 2020-04-09| ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.05 ට
ඉර බැසීම  - පස්වරු 18.19 ට

රාහු කාලය
දිවා 13.35 සිට 15.04 දක්වා
රාත්‍රී 01.35 සිට 03.04 දක්වා

සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
ශිල්ප ශාස්ත්‍ර හා කරන කාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල අත්විඳියි. රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරට යෑමට සිදු වේ. මිතුරු සබඳතාවලට සුභ දිනයකි. හදිසි ධන ලාභවලට හේතුයි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍රවන දිනයකි. රැකියා ස්ථානයේ කරදර බාධක මඟහැරී යයි. තැන්පත් ධනය වැය වීමට හේතු යෙදේ. උරුමයෙන් ලැබෙන්නට ඇති දේවල් අහිමි වෙයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
පොත්පත්, ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන්නන්ට යහපත්ය. තමන් සිටින ස්ථානයේ උසස් තත්ත්වයක් හිමි වේ. විවාහ ජීවිතයට සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුතාවක් පෙන්නුම් කරයි. කීර්ති ප්‍රශංසා හිමි වේ. මිතුරන්ගේ සහයෝගය ලැබේ. මැහුම්, ගෙතුම් ආශ්‍රිත රැකියාවල නියුතු අයට ශුභදායකයි. වැඩි මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැකි දිනයකි. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර, උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
පියාට යහපත්ය. පියා සතු දේපළ වැඩි දියුණු වේ. විවාහ අපේක්ෂිත තරුණ, තරුණියන්ගේ බලාපොරොත්තු සඵල නොවේ. ආගමික භක්තිය වැඩි කරන දිනයකි. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන්වලට යොමු වෙයි. රැකියාවේ උසස්වීම් ලැබේ. කීර්ති ප්‍රශංසා හිමිවන දිනයකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ දිනයකි. සහෝදරයකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
අද දිනයේ බුද්ධිමත්ව සිතා තීරණ ගන්න. ආදායම් සරු වේ. මවුගෙන් උපකාර ලැබේ. රැකියා ස්ථානයේ  දී කල්පනාකාරීවන්න. වැඩ කටයුතු අධිකයි. නිවසින් බැහැර ගමනක් යෙදෙයි. තමාට වැඩි අභියෝග පැමිණෙන දිනයකි. අභියෝගවලින් ජය අත්වේ. කඩිසර ගතිය වැඩිය. සිතිවිලිවල චංචල ස්වභාවයක් ඇති වේ. කාලත්‍ර සබඳතාවල දී ගැටලු ඇති වීමට බොහෝ විට ඉඩ ඇත. තෙල් සහිත ආහාර ආදිය අහිතකර විය හැකි දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
හුදකලා වාසයට ප්‍රිය කරයි. ධනය ඉපයීමට ශූරයි. ඉක්මන් තීරණ නොගත යුතුය. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුය. තම මවුපියන් හා වැඩිහිටියන්ගේ උපදෙස්, අවවාදවලට ඇහුම්කන් දිය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් දිනයකි. සිතා ගෙන සිටි අධ්‍යාපන සම්බන්ධ කටයුත්තක් සාර්ථක වේ. නඩුහබ සම්බන්ධව සතුටුදායක තීන්දුවක් ලැබේ. දේව භක්තිය වැඩි වේ. මන්තර, ගුරුකම් හා ගුප්ත විද්‍යාව ආදිය ඉගෙනීමට යහපත් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
ආරක්ෂක අංශයේ සේවය කරන අයට රාජකාරියට යහපත්ය. ආදායම් තත්ත්වය සුබයි. වියදම් අඩු වේ. විවාහ ජීවිතයේ දී ගන්නා තීරණ ගැන කල්පනාකාරී වන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම අවාසිදායකයි. එසේ වුවහොත් සියලු කටයුතු අසාර්ථක වේ. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයෙහි නිරත වෙයි. අලසකම නැති උද්යෝගිමත් දිනයකි. පාලන කටයුතු සාර්ථකයි. විවාද කථික තරගවල දී ජය ලැබෙයි. සම්මුඛ පරීක්ෂණවල දී වාසි අත් වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
ගෘහ ජීවිතයේ සැප අඩු කරයි. ප්‍රසිද්ධව කරන මහජන කටයුතුවලින් පාඩු විඳීමටත් සිදු විය හැකිය. තම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙයි. ආදායම් තත්ත්වය සුබදායක වේ. නමුත් හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. තුනටිය, දණහිස් ආශ්‍රිත රෝග මතුවිය හැකිය. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. සහෝදරයෙකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමාට පැවරෙන වගකීම් කාර්යක්ෂමව සිදු කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
වැඩ කටයුතු සැලසුම් සහගතව අරඹන්න. රැකියා ස්ථානයේ අස්ථාවරතා ඇති වේ. ආගමික වැඩසටහන්වලට මැදිහත් වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ගිවිසුම්වලට අත්සන් කිරීමට සුබ නොවේ. ගෙදර දොර වැඩකටයුතු ව්‍යාකූල වේ. විවාහ ජීවිතයට බාධා, අවහිරතා ඇති වේ. ගමන් බිමන් අධික වේ. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මඟ හැරෙන දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ණය දීමේ දී හෝ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. ජීර්ණාබාධ ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වාගෙන යයි. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් ඇති කරයි. යහපත් මිතුරු ඇසුරක් ලැබේ. විනෝද චාරිකාවකට සහභාගි වේ. බලාපොරොත්තු ආදායම් ලැබේ. සෙම් රෝගවලින් පීඩා විඳී අයට සුවයක් ලැබේ. වැඩිමහල් සොහොයුරකුගෙන් ප්‍රීතිදායක ආරංචියක් ලැබේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන දිනයකි. අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ට ජයයි. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය හිමිවෙයි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
සමාජ සේවයට සුභ දිනයකි. යටත් සේවකයන්ගේ උපකාර ලැබේ. පිරිස් බලය ලැබේ. ස්වකීය උත්සාහය තුළ ගේ දොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. යම් යම් කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණවල දී බාධා, අවහිරතා ඉස්මතු වේ. තීරණ ගන්නා විට දී අන්‍යයන්ගේ උපදෙස්, උපකාර වැදගත් වේ. තමන් සිතාගෙන සිටි දෙයක් නොව වෙනත් යමක් කිරීමට පෙළඹිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
තම මව වෙනුවෙන් කාලය ධනය වැය කරයි. ඉගෙනීමට හොඳය. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ප්‍රේම සබඳතාවල දී බාධා මතු වේ. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේ දී දෙවරක් සිතා බැලිය යුතුය. පොත්පත් ආශ්‍රිත ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ක්‍රියාශීලීව තම වැඩ කටයුතුවල නිරත වෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ඉඩකඩ ඇත. තැපැල්, ලිපිකරු, වෙළඳාම හා චිත්‍ර කැටයම් කර්මාන්තවල සේවය කරන්නන්ට යහපත්ය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-04-09| ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-04-09| ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 09, 2020 Rating:

0 comments:

Post a Comment