I Still Believe (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

Image:amazon.com
ඔන්න මේ පාර අරගෙන නාට්‍යයම පැත්තට බර චිත්‍රපටයක්. මෙවැනි චිත්‍රපට නොකර තරම්. ඒ නිසාම drama පැත්තට බර චිත්‍රපට කරන්න හිතුණා. ඔන්න එහි ආරම්භය වශයෙන් අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච චිත්‍රපටය රැගෙනයි. මේක ඇත්තෙන්ම සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ කුණු තක්කාලි අගය 46% ක වැනි අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම අධ්‍යක්ෂණ කරන්නෙ Andrew Erwin l Jon Erwin යන දෙදෙනා විසින්. Drama l Romance l Music යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 56 ක වැනි දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි රංගනයෙන් KJ Apa l Britt Robertson l Melissa Roxburgh l Shania Twain l Nathan Parsons l Gary Sinise l Abigail Cowen තම රංගන දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.


ජෙරමි කියන්නෙ කියන්නෙ සංගීතයට ගොඩක් ආස කරන පුද්ගලයෙක්. ඉතිං මොහුට විශ්ව විද්‍යාල ප්‍රවේශය හම්බවෙනවා. ඉතිං ඔහු තමන් පොඩි කාලෙ ඉඳල සිහිනය හැබෑ කරගන්න තමයි මේ යන්නෙ. ඉතිං මොහු ආසම කරන ගායකයෙක් තමයි ජෝන්-ලූක් කියන්නෙ. ඉතිං මොහු ඔහුගෙන් සංගීතය ගැන ඉගෙනගන්නවා. ඒ පැත්තෙන් යනවා නම් කොහොමද යන්නෙ වගේ දේවල්. ඉතිං ජෙරමි මෙයාගෙ ප්‍රසංගයක් බලන්න ගිය වෙලාවේ තමයි මෙලීසාව හම්බවෙන්නෙ. ඔහු දැක්ක ගමන් වගේ ආදරයක් ඇති වෙනවා. මොහු කොහොමහරි ඇයට සමීප වෙනවා. හැබැයි මෙයාලා අතරේ තියෙන සම්බන්ධය ටිකක් සංකීර්ණයි. මොකද මෙලීසා ජෝන්-ලූක්ට කලින් ආදරේ කරල තියෙනවා. 

හැබැයි ජෙරමි මෙලීසාට පණ ඇරල. එයාව අතාරින්න හිතක්ම නැහැ. කොහොමහරි මෙයාලගෙ සම්බන්ධය කරගෙන යනවා. ඔන්න ඔය වෙලාවේ තමයි මෙලීසාට හුඟක් අසනීප වෙන්න අරගන්නෙ. ගොඩක් හීන මවන මේ ජෝඩුවගෙ සිහින සුනුවිසුණු වෙලා යනවා. මෙලීසාට පිළිකාවක් ඇතිවෙනවා. ඉතිං ජෙරමි මේකට කොහොම මුහුණ දෙයිද? ඇයව දාලා යයිද? ජෙරමි පණ වගේ ආදරේ කරන මේ කෙනාව? නැත්තම් මැරෙන තුරු ඇය ළඟින්ම ඉඳියිද? ජෙරමිට මේ අතරේ තමන්ගෙ සිහිනය හැබෑ කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. කොහොමහරි බැලුවට පාඩු නැහැ කියලා තමයි කියන්න තියෙන්නෙ.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
I Still Believe (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් I Still Believe (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2020 Rating: 5

0 comments:

Post a Comment