ගෙදරදී නිවැරදිව මුඛ ආවරණයක් හදාගමු

ලංකාවේ බොහෝ දෙනකුගේ කාලය මහමගටම ගෙවී යමින් පවතින කාලයකි මේ එයත් සුපිරි වෙළෙඳසල් සහ ෆාමසිවලය. මෙයට ඇති නැති පරතරය කියා වෙනසක්ද නොමැත ඔවුන් සියලු දෙනාම සොයන්නේ මුඛ ආවරණය අපත් පසුගිය දිනෙක සෑම ෆාමසියකම සෙව්වේ මුඛ ආවරණය ඒවා සෙවීමට ෆාමසි පීරූ අපට ෆාමසි හිමිකරුවන්ගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.
අපේ ෆාමසියේ ගිය සතියේ ඉඳලම මුඛ ආවරණ තිබුණේ නැහැ, ස්ටොක් එක ඉවර වුණා, මේවා ගේන්නේ චීනෙන්නේ දැන් එහෙන් ගෙන්නන්නේ නැති නිසා අපි ගාවත් කිසිම මුඛ ආවරණයක් නැහැ ඔහු කීවේය ගල්කිස්සේ සිට කොළඹ දක්වා ෆාමසිවල පමණක් නොව, ඇස් වාට්ටුවේ රාජ්‍ය ඔසුසලේ සිට කොළඹ කොහේවත් මුඛ ආවරණ නැත. සමහර ෆාමසි ඉදිරිපිට ඉංග්‍රීසියෙන් ගසා ඇත්තේ ෆේස් මාස්ක් සෝල්ඩ් අවුට් කියාය එහි අරුත මුඛ ආවරණ විකිණී අවසන් බවය ​මේ නිසා මුඛ ආවරණ වූ කලී මේ දිනවල ලංකාවේ කළුනික සේය මේ අතර බොහෝ දෙනෙක් නැති වූ මුඛ ආවරණ සඳහා ආදේශක සොයමින් සිටිති. අපට පෙර මුඛ ආවරණ සඳහා අදේශකයන් සෙවූ රට වූයේ චීනයයි ඒ සඳහා ඔවුන් ටිෂූ කඩදාසියේ සිට ටොයිලට් පේපර් දක්වාම භාවිත කළෝය තවත් සමහරු ප්ලාස්ටික් ආවරණ සහ ප්ලාස්ටික්​ බෝතල්ද භාවිත කළෝය.

එක්තරා වෙබ් අඩවියක් මුඛ ආවරණ නිවසේදීම සාදා ගන්නා ආකාරය කියා දුන්නේය. මේවා සාදා ගැනීම සඳහා ටිෂූ කඩදාසි, ලේන්සු, රෙදි, මුහුණ පිස දමන තුවා සහ ටොයිලට් පේපර් භාවිත කළ හැකි බව එමගින් කියැවුණි එහෙත් මුඛ ආවරණ නිර්මාණය කර ගැනීමට මෙවැනි දෑ භාවිත කළ හැකි දැයි කොළඹ මහා රෝහලේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිණි පුෂ්පා රම්‍යාණි සොයිසාගෙන් අපි විමසුවෙමු එහිදී ඇය කියා සිටියේ කෙළ බිඳිති මගින් බෝවන කොවිඩ් 19 සමග සටන් කිරීමට හැකියාව ඇත්තේ ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ (surgical mask) භාවිත කිරීමෙන් පමණක් බවයි.

කෙළ බිඳිති මගින් බෝවන කොවිඩ් 19 වෛරසයට විකර්ෂණය වන හෙවත් වෛරසය පලවා හැරීමේ හැකියාවක් ඇති මුඛ ආවරණ (surgical mask) භාවිත කරනවා නම් තමයි වඩාත් හොඳ එයට හොඳම ආදේශකය විදිහට අපි දකින්නේ ශල්‍යාගාරවල වෛද්‍යවරු භාවිත කරන මුඛ ආවරණ නමුත්, අපට ඇතිවූ ගැටලුව වූයේ ඇය පවසන ආකාරයට නිවසේදී රෙදිවලින් නිර්මාණය කරන මුඛ ආවරණවල හෝ ශල්‍ය වෛද්‍යවරුන් භාවිත කරන මුඛ ආවරණවල වෙනසක් තිබේද යන්නයි. එයට නිසි පිළිතුරක් දුන් ඇය කීවේ ශල්‍ය වෛද්‍යවරුන් භාවිත කරන මුඛ ආවරණ නිෂ්පාදනය කරන්නේ නිසි ක්‍රමවේදයකට අනුව බවයි.

සාමාන්‍ය මුඛ ආවරණයක සහ වෛද්‍යවරු භාවිත කරන මුඛ ආවරණ අතර විශාල වෙනසක් තිබෙනවා. වෛද්‍යවරුන් පලඳින මෙම මුඛ ආවරණ නිෂ්පාදනය කරන්නේ තට්ටු තුනකින් සමන්විත තීරුවක් ලෙසයි. පළමු තීරුවට විකර්ෂණ බලයක් හෙවත් වෛරසය ආසාදනය වීමට එරෙහිව සටන් කරන්න පුළුවන්. දෙවැනි තීරුව මුඛයට ඇතුළුවන විෂබීජ විනාශය කිරීමට වගේම තුන්වැනි කොටසින් සිදුවන්නේ පිරිසුදු වාතය අවශෝෂණය කර ගැනීමයි. මෙවැනි මුඛ ආවරණ භාවිත නොකර ටිෂූ සහ වෙනත් දෑවලින් මුඛය ආවරණය කර ගැනීමෙන් සිදුවන්නේ නැති ලෙඩක් සාදා ගන්න එකයි කෙසේ වෙතත්, තවමත් ලංකාව තුළ මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවයක් නොමැතිද යන්න මේ මොහොතේ අපට පැනනැගෙන අනෙක් විශාලතම ගැටලුවයි ඒ ගැටලුවට හෙද නිලධාරිණි පුෂ්පා රම්‍යාණි කීවේ මුඛ ආවරණ පැලඳීමට තවමත් කල් වැඩි බවයි.

අපි මුඛ ආවරණ භාවිත කරන්න කීවේ කොවිඩ් 19 ආසාදනය වූ ඒ වගේම ඔවුන් සමග ළඟින් ඇසුරු කරපු පුද්ගලයන්ට පමණයි. නැතුව කිසිම නිරෝගී පුද්ගලයකුට තවමත් මුඛ ආවරණ භාවිත කරන්න අවශ්‍ය නැහැ හොඳින් දැත් සෝදා, මුහුණ ස්පර්ශ නොකර සිටීම වගේම මීටරයක් පමණ දුරකින් සිටීම හොඳටම ප්‍රමාණවත් ඒ අතර කොත්තමල්ලි වීදුරුවක් බිව්වට කමක් නැහැ. අනික ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවණයකින් අත් සෝදා ගන්න. එය මුඛ ආවරණ පලඳිනවාට වඩා නුවණට හුරුයි.

නමුත්, පසුගිය දිනෙක මහනුවර ජාතික රෝහලෙන් අපූරු සිදුවීමක් වාර්තා විය. එහි සඳහන් වූයේ මුඛ ආවරණ හිඟයට මුහුණ දෙන වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩලයක් පිළිබඳවයි. මේ නිසා ඔවුහු සියලුදෙනා එකතුවී මහනුවර රෝහලේ මහන යන්ත්‍ර යොදාගෙන ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මුඛ ආවරණය නිර්මාණය කරති එමෙන්ම, ඔවුන් එසේ සිදු කිරීමේ අරමුණ වූයේ රෝහල තුළ ඇති මුඛ ආවරණ හිඟය පිරිමසා ගැනීමටය එපමණක් නොව, අනාගතයේ ඇති වීමට නියමිත තත්ත්වයට පෙර සූදානමක් ලෙසත් මෙය හැඳින්විය හැකි බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්. සමන් රත්නායක කිවේය.

ලෝකය පුරාම මුඛ ආවරණ හිඟයක් වාර්තා වෙනවා. ලංකාවේ ප්‍රධානම මුඛ ආවරණ සැපයුම්කරුවා වන්නේ චීනය සහ ඉන්දියාවයි දැන් ලංකාවේ වගේම ලෝකේ තියන තත්ත්වයත් එක්ක භාණ්ඩ හුවමාරුව අතර මග නැවතිලා තියනවා ඒ වගේම, ඒ රටවල්වල නිෂ්පාදනය අඩුයි. ඉල්ලුම වැඩියි එනිසා අපි තීරණය කළා ඉදිරි අනාගතය ගැන සිතලා මුඛ ආවරණ අපිම නිෂ්පාදනය කර ගන්න.

මේ ආකාරයට අද වනවිට මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය විසින් මුඛ ආවරණ දෙදහසක් නිර්මාණය කර අවසන්ය මේ මුඛ ආවරණ තොගයට තවත් මුඛ ආවරණ පන්දහසක් තම දෑතින්ම නිර්මාණය කර ලබා දෙන්නේ මහනුවර පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවන්ය. මෙලෙස ඔවුන්ගේ දෑතින් රටට ශක්තියක් වීමට නිර්මාණය වූ ගණන මහනුවර රෝහලේ සිටින හයදහසක් වූ සමස්ත කාර්යමණ්ඩලයට තවමත් ප්‍රමාණවත් නැත. දිනෙන් දෙන වෙහෙස වී ඔවුන් මේවා නිර්මාණය කරන්නේ වසංගත තත්ත්වයට මුහුණ දීමට මෙන්ම රටට බරක් නොවීමටය මෙවැනි නිර්මාණයක් ඔවුන්ට කළ හැකි නම් එය රටේ මහජනතාවට කිරීමට නොහැකි දැයි? අපි ඔහුගෙන් ඇසුවෙමු.

මෙය අපිට විතරක් නොවේ. ලංකාවේ කාට වුණත් ලෙහෙසියෙන් හදා ගන්න පුළුවන්. මේවගේ මුඛ ආවරණ අපිම හදාගෙන වෛද්‍ය ශිෂ්‍යයෝ වෙලා ඉන්න කාලයේ සැත්කම් කරන්න යනකොටත් භාවිත කරලා තියනවා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක එම රෝහලේදී මුඛ ආවරණ සාදා ගත්තේ මෙසේය ඔවුන් මේ සඳහා යොදාගෙන තිබුණේ කපු රෙදිය ඒවාත් හොඳින් සෝදා පිරිසුදු කර ගත් පසුව අඟල් හයක් පළල සහ අඟල් හතරක් දිග වන සේ කපු රෙදි කපා ගත යුතුය ඉන් පසුව, එසේ කපාගත් තීරු තුනක් ගෙන එක පිට එක තබා මුඛ ආවරණයක් සේ සාදා ගත හැකිය.

එපමණක් නොව, මෙසේ සාදා ගත් මුඛ ආවරණ එදිනෙදා සෝදා නැවතත් පරිහරණය කළ හැකිය. එයත් පිරිසුදු වතුරෙන් සෝදා තද අව්වේ වියළා ගත යුතුය මෙය විද්‍යාත්මක භාවිතයේදී නම් හඳුන්වන්නේ ජීවානුහරණය යන නමින්ය ඉන් අනතුරුව, විදුලි ඉස්තිරික්කයක් භාවිතයෙන් මැද ගත් පසු නැවතත් මෙය සුපුරුදු ලෙස භාවිතයට ගත හැකිය මෙවැනි ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ නිර්මාණය කර පමණක් මුඛ ආවරණ භාවිත කරන්නේ නම් අගනේ යැයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක කීවේය.

කෙසේ වෙතත්, ‘ඉසඩමි සයන්ස්’ නම් ලෝක සෞඛ්‍ය තොරතුරු පිළිබඳ කරුණු ඉදිරිපත් කරන වෙබ් අඩවිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියකු උපුටා දක්වමින් අපූරු කතාවක් පවසා තිබුණි. එනම්, මුඛ ආවරණ, අත් වැසුම් කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට එපා ඒවා විශාල වශයෙන් මිලදී ගැනීමටත් යන්න එපා මේවා අනාගත ප්‍රයෝජනය තකා වෛද්‍යවරුන්ට ඉතුරු කරන්න යනුවෙනි එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වැසියන්ට එක්තරා නිර්නායකයන් තුනක් පිළිබඳව අවබෝධයෙන් සිටින්නට යැයි කියා තිබුණි. එය නම්, දෑත් සෝදන්න. මුහුණට අත නොතබන්න. දුරින් සිටින්න. න යන්නෙනි.

එම නිසා, ලෝකයටම මේ මොහොත වනවිට මුඛ ආවරණ මිලියන අසූවක් පමණ අවශ්‍ය වී ඇත. මෙම අවශ්‍යතාව පවා පැන නැගී ඇත්තේ අප මෙන් ඔබත් මුඛ ආවරණවලට නොසිතු ලෙස ඉල්ලුමක් ඇති කිරීම නිසාය එබැවින්, අපට පිහිටට සිටින වෛද්‍යවරුන්ට සහ කාර්යමණ්ඩලයට, හමුදාවට, ගුවන් තොටුපළ නිලධාරීන්ට සහ කොවිඩ් 19 වැලඳී ඇති රෝගීන් වෙනුවෙන් මෙම මුඛ ආවරණයන් ඉතුරු කිරීම වඩාත් සුදුසුය.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගෙදරදී නිවැරදිව මුඛ ආවරණයක් හදාගමු ගෙදරදී නිවැරදිව මුඛ ආවරණයක් හදාගමු Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2020 Rating: 5

0 comments:

Post a Comment